Thursday, May 11, 2017

GMOA වර්ජන ‘සමාජයට එරෙහි අපරාධ‘ ලෙස නම් කරමි -GMOA හිටපු උප සභාපති



GMOA වර්ජන ‘සමාජයට එරෙහි අපරාධ‘ ලෙස නම් කරමි:
දොස්තරවරුන්ට තිබූ මහජන ගරුත්වය නැති වුනා:
GMOA හිටපු උප සභාපති වෛද්‍ය සරත් ගාමිණී ද සිල්වා
වෛද්‍ය පාදෙණියට ලියන ලද අවවාදාත්මක ලිපියෙහි අවසාන කොටස.

සයිටම් සිදුවීම අරභයා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ භූමිකාව විමසීමට මම අපේක්ෂා කරමි. අවිනිශ්චිත තත්ත්වයන් යටතේ සයිටම් පවත්වාගෙන යෑමට තමන් තුල ඇති විරෝධය සංගමය ප්‍රකාශ කර තිබේ. එසේ වුවත් එකී අරමුණු ඉටු කර ගැනීම සඳහා පුන පුනා වර්ජන ක්‍රියාමාර්ග ගැනීම සාධාරණ යැයි මට නොදැනේ. ඒ හේතුවෙන් පොදු මහ ජනතාවට විඳින්නට සිදුවන දුෂ්කරතාවය සැබැවින්ම කණගාටුදායක ය. මෙවැනි වර්ජන සමාජයට එරෙහි අපරාධ ලෙස නම් කිරීමට මම පසුබට නොවෙමි.

අතීතයේ බරපතල වෘත්තීය ක්‍රියාමාර්ග වලට එළැඹීමේ දී අප වෙත නිශ්චිත මාර්ගෝපදේශ තිබූ බව ඔබට මතක ඇතැයි මම සිතමි. වැටුප් සම්බන්ධ කරුණු සහ වඩාත් පුද්ගලික ස්වභාවයේ කරුණු වෙනුවෙන් වර්ජන ක්‍රියාමාර්ග නොගත යුතු බවට පොදු පිළිගැනීමක් අප සතුව තිබිණි. අපගේ දරුවන් හට හොඳ පාසැල් ඉල්ලමින් වර්ජනය කිරීම ඒ අනුව ඇදහිය නොහැක්කකි.

සෞඛ්‍ය සේවය දේශපාලන මැදිහත් වීම් වලින් මුදවා ගැනීමේ පරමාර්ථයෙන් අවිධිමත් ස්ථාන මාරු සහ පත් කිරීම් වලට එරෙහි විරෝධයක් ලෙස වර්ජනය කරන ලද්දේ ඒ සඳහා වූ අවසන් පියවර ලෙස සලකා ගෙන ය. එම ඉලක්ක ඉතා සාර්ථක ලෙස අපි ඉහලින්ම ජයග්‍රහණය කෙළෙමු. අපගේ සාමාජිකයෙකුගේ රාජකාරි කටයුතු වලට කිසිවෙකු විසින් බාධා කළ විටෙක එම බාධා කළ තැනැත්තන් අත් අඩංගුවට ගැනීමෙන් පොලිසිය වැලකී සිටි අවස්ථා වලදී අප ප්‍රාදේශීය මට්ටමින් වර්ජන ක්‍රියාමාර්ග ගෙන තිබේ. එවැනි නොවැලැක්විය හැකි කෙටි කාලීන ක්‍රියාමාර්ග සාධාරණීකරණය කළ හැකි බව මගේ වැටහීමයි.

කිසිදු හේතුවක් මත වෙනත් වෘත්තීය සංගම් වල සහාය අප ලබා ගත යුතු නැති බව පොදු එකඟතාවයක් අප අතර තිබිණි. ඒ එවැනි තත්ත්වයක දී ඔවුන්ගේ අරගල වලට එක්වීමේ බැඳීමක් අපට ඇති විය හැකි බැවිනි. මෙවැනි අවබෝධයක් ඇතිකර ගැනීමට හේතුව අපගේ සේවාව වන රෝගීන් සුවපත් කිරීම සෙසු අයගේ ක්‍රියාකාරී ක්ෂේත්‍ර සමග පටලවා ගැනීම හෝ කේවල් කිරීම කළ නොහැක්කක් වන නිසා ය.

දැන් සිදු වන දේ මුළුමනින්ම පිළිගත නොහැකිය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මහා වැඩ වර්ජනයක් ප්‍රසිද්ධියේ කැඳවීම වැරදි ප්‍රවණතාවකි. ‘ඉක්ටා‘ වැනි සාමාන්‍ය දේශපාලන කරුණු සම්බන්ධයෙන් වෛද්‍යවරු වර්ජනය කිරීම ද පිළිගත නොහැක්කකි. ඉතිහාසයේ පළමු වතාවට ඔබ දේශපාලන පක්ෂ නායකයෙකු හට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයන් ඇමැතීමට ඉඩ ලබා දුන්නේය. මා ඔබට මේ වන විටත් පුද්ගලිකව පෙන්වා දුන් පරිදි එවැන්නක් කිසි දිනෙක නොවිය යුතුව තිබූ දෙයකි.

මේ සියල්ලේ පොදු ප්‍රතිඵලය වී ඇත්තේ පොදු ජනතාවගේ දෑස් ඉදිරියේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රාජ්‍ය අංශයේ වෙනත් පීඩාකාරී වෘත්තීය සංගමයකට සමාන වීම ය. පොදුවේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ වෛද්‍ය වෘත්තීය කෙරෙහි වූ ජනතාවගේ ගෞරවය නැතිව ගොස් තිබේ. ඔබේ ක්‍රියාකාරකම් දේශපාලන අස්ථාවරත්වයක් නිර්මාණය කිරීමේ වඩා පුළුල් ප්‍රචාරක ව්‍යාපාරයක කොටසක් ලෙස බොහෝ දෙනා සැක කිරීම වැළැක්විය හැක්කක් නොවේ.

මා දන්නා පරිදි සෞඛ්‍ය සේවය තුල ඔබ ඉතා සැලකිලිමත් ළමා ස්නායුවේද වෛද්‍යවරයෙකු මෙන්ම වෛද්‍ය විද්‍යා ගුරුවරයෙකු ලෙස ද කටයුතු කරන්නෙකි. සෙසු සේවාවන්ට සාපේක්ෂව වෛද්‍ය සේවයේ සාමාජිකයන් හට වැටුප් සහ වෙනත් ප්‍රතිලාභ අත්කර දීම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයන් අතර ඔබට ගෞරවයක් තිබේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා ලෙස ඔබ වෛද්‍යවරුන් අතර වඩාත් උසස් වෘත්තීය ප්‍රමිතීන් ඇතිකරනු පිණිස පොත පත ප්‍රකාශයට පත් කිරීම සහ වැඩමුළු පැවැත්වීම වැනි කටයුතු කිරීම සමාජයේ බොහෝ දෙනා නොදන්නා කරුණු ය.

එසේ නමුත් මා විශ්වාස කරන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා ලෙස ඔබ සේවය කර ඇති කාලය බොහෝ වැඩි බවය. අලුතින් සිතීමෙහි ලා ඔබ දැන් දුර්වල ය. ‘බලය‘ හේතුවෙන් සාමාජිකත්වයේ පොදු හැඟීම් නොසලකන තත්ත්වයට ඔබ පෙළැඹී සිටී. මා සිතන පරිදි දේශපාලන ක්ෂේත්‍රයේ දී පවා කිසිවෙකු කොතරම් යහපත් අයෙකු වුවත් වාර දෙකකට වඩා වැඩි වාර ගණනක් බලයේ සිටීමට ඉඩ දිය යුතු නැත.

ඔබ දරණ තනතුරේ මෙම වාරය අවසන් වෙද්දී ඉන් ඉවත්ව යාමට ඔබ දැන් සැලසුම් කළ යුතු ය. ඔබේ මුළු කාලයම සායනික කටයුතු වෙනුවෙන් කැප කරන්නේ නම් ඔබට මෙම සමාජය වෙත වඩාත් වැඩි මෙහෙවරක් ඉටු කළ හැකිය. ඒ සියල්ලටමත් වඩා ළමා ස්නායු වේදය යනු සාපේක්ෂ වශයෙන් වඩා නවීන ක්ෂේත්‍රයකි. එහි දියුණුවට ඔබ වැනි ශක්ති සම්පන්න නිර්මාණාත්මක සහ නායකත්ව ගුණාංග වලින් යුත් පුද්ගලයන් අවශ්‍යය.

මා අවංකව අපේක්ෂා කරන්නේ මගේ මෙම අවවාද යහපත් සිතින් ඔබ පිළිගනු ඇති බවයි.
ස්තූතියි
ඔබේ අවංක,
වෛද්‍ය සරත් ගාමිණී ද සිල්වා.
( ඉංග්‍රීසි මුල් ලිපිය සහ ලිපියෙහි මුල් කොටසද සහිත
සම්පූර්ණ සිංහල පරිවර්තනය ලංකා ඊ නිව්ස් ප්‍රසිද්ධ කර ඇත)

Monday, May 8, 2017

ප්‍රශ්න 3ක් - වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය හිරු ටීවී "සලකුණ"


සරල බුද්ධි පරීක්ෂණ ප්‍රශ්න 3ක්.

2017 05 09 රාත්‍රී 10ට
හිරු ටීවී "සලකුණ" වැඩ සටහන
ඔබත් නරඹන්නට ඇති.

සාවධානව නැරඹුවා නම්
ඔබේ බුද්ධි මට්ටමට අනුව
ඔබ මේ ගැටළු වලට දෙන
සරල පිළිතුරු මොනවාද?

1
සයිටම් විරෝධී වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය
කොතලාවල වෛද්‍ය විද්‍යාලයට විරුද්ධ නොවන්නේ ඇයි.?

2
වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට
පක්ෂද විපක්ෂද?

3
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුමැතිය සහිත
පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ඇති කළොත්
වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය එකඟ වෙනවාද?

ඔබ "සලකුණ" නැරඹුවේ නැත්නම්
http://www.hirutv.lk/salakuna මගින් නරඹා
ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න.

Monday, May 1, 2017

වැටි වැටි නැගිටින රජරට වෛද්‍ය පීඨයේ යථාර්ථය...


Thursday, July 1, 2010

     පෞද්ගලික වෛද්‍ය විද්‍යාල හා රාජ්‍ය වෛද්‍ය පීඨ අතර තරගයක් ඇති කිරීම තුළින් රාජ්‍ය වෛද්‍ය පීඨ ගුණාත්මකව ඉහළ තලයකට ගෙන යා හැකි බව මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වෙනුවෙන් මත වාද නිර්මාණය කරන්නන්ගේ මන්දබුද්ධික තර්කයකි. පහත පළ වන්නේ රජරට වෛද්‍ය පීඨයේ සැබෑ ස්වරූපයයි. එමගින් ඒ කුලී මතවාදීන්ගේ අරමුණ කුමක්දැයි තීරණය කිරීම පාඨක ඔබට බාර කරමු.

     වෛද්‍ය වරයකු යනු කායික මානසික සමාජයිය යන තුන් ආකාරයෙන්ම රෝගි වූ මිනිසුන් සුවපත් කරන මහත් වූ විචක්ෂණ ගති වලින් යුතු ක්‍රමවත් මිනිසෙක් බව නොදන්නා කෙනෙක් නොමැති තරම්ය. කුඩා ළමයකුගේ සිට මහල්ලා දක්වා වෛද්‍යවරයා දෙස මහත්වු ගරුත්වයෙන් බලනුයේ ඒ උදාරගති නිසාවෙන්යැයි සැකයක් නැත. කුඩා කල සිටම අනාගතය ගැන පෙරුම්පුරන සෑම සිඟිත්තෙකුම ලොකුමහත් වන තුරුම ඇලුම්කරනුයේ වෛද්‍යවරයකු වීමේ ගමන වෙතටය. රජරට වෙද පාසලේ වෙද දරු දැරියන්ද ඔවුන්ගෙන් කොටසකි. අ.පො.ස උ/පෙළ සාර්ථක මාර්ගයක ගමන් කල ඔවුන් වෛද්‍යපීඨයකට වරම්ලැබු දින ඔවුන්ගේ පමණක් නොව ඔවුන්ගේ දෙමාපියන් හා ගුරුවරුන් ගේ හදවත්වලද මල් පිපුනේය. එහෙත් වෛද්‍ය පිඨය ලෙස රජරට නම් ඇසුකල්හි අප සැම හදවත් සලිත වුයේ අපගේ අනාගත සිහිනය බොද වි යාවිදැයි ඇතිවු චකිතය නිසාවෙන්ය.

     2005 වසරේ අ.පො.ස උ/පෙළ විභාගය ප්‍රශ්නපත්‍ර ඇගයීම් කිරීමේදි අනුර එදිරිසිංහ නම්වු විභාග කොමසාරිස්තුමාගේ වැරුද්දේ පාපකර්මය සුවහසක් අහිංසක සිසුවන්ගේ මතින් ලුහුබැන්දේ ඔවුන් කිසිවක් නොදැනය. දැනට පවතින රජය විසින් බලධාරින්ගේ වරදට එම ළමයින් හට දඩුවම් කලේ තම හෘද සාක්‍ෂිය තමාම ලැජ්ජාවට පත්කරමිනි. එහි ප්‍රථිපලයක් ලෙස සිසුන් 171 ක් සමගින් රජරට වෛද්‍ය පීඨය ඇරඹුයේ හතුපිපෙන සේ ඇතිවන ටියුෂන් පංතියක් මෙනි. මන්ද එය ආරම්භයේ කණිෂ්ඨ පාසලක තිබියයුතුයි සිතන තරම්වත් පහසුකම් නොතිබීම නිසාය. යොවුන් සේනාංකයක් එකවරම වෛද්‍ය පිඨයක් බවට පත්වූ හෙයින් මෝඩ බලධාරින් සිතන්නට ඇත්තේ යොවුන් සේනාංකයක භෞතික හා මානව සම්පත් වෛද්‍ය පීඨයකට ගැලපෙන බව නොවේද?.

     පලමු ශිෂ්‍ය කණ්ඩායම පිළිගැනීමට ජනාධිපති ලේකම් කාර්යාලයේ උත්සවයක් සංවිධානය කර බොහෝ බලාපොරොත්තු පොදියක් ලබාදි ඔවුන් පැවසුවේ සිසුන් යොදනුයේ දිව්‍ය ලෝකයක ඇති වෛද්‍ය පීඨයකට හා සමාන ස්ථානයකට බවයි. සිසුන් මහත් වූ තුටින් පැමිනියත් පැමින දින දෙකක් යන්නටත් මත්තෙන් වැටහී ගිය කරුණක් වූයේ එය ළදරු පාසලක් බවය.

     විශ්ව විද්‍යාලයක් යනු කුමක්දැයි වත් නොදන්නා ශිෂ්‍යයන් හට සිදුවූයේ පාලකයින්ගේ කෲර කමට වහන් වි සිටිම මිස කිසිදු හවුහරණක් සෙවීමට නොවේ. මන්ද රජරට විශ්ව විද්‍යාලයේ උපකුලපති තුමා සිට අනධ්‍යයන සේවකයන්ද සිසුන් යටකර තැබිමට උත්සාහ කළ හෙයිනි. නමුත් පාලකයන්ගේ අවාසනාවට රජරට වෛද්‍ය පීඨයේ පලමු ශිෂ්‍ය කණ්ඩායම ඕනෑම අභියෝගයකට මුහුණ දිය හැකි ශක්තිමත් ශිෂ්‍ය කණ්ඩායමක් වූයේ පැහැබර අනාගතයකට සවිමත් අඩිතාලමක් ඉදිකරමිනි.

     ආරම්භයේ සිට සය මාසික අසම්පූර්ණ අධ්‍යනික පාඨමාලාවන් නොයෙකුත් අභියෝගතා මැද නිමා වූයේ අනාගතය ගැන පරිපාලනයටවත් කර කියාගත නොහැකි තත්වයකට පත්කරමිනි. මා එසේ අසම්පූර්ණ යැයි සලකන ලද්දේ කිසිදු ප්‍රයෝගික පරීක්‍ෂණයක් හෝ කායව්‍යවච්ඡේද විද්‍යාව සදහා මෘත දේහයක් හෝ නොතිබූ හෙයිනි.

     මෙම කාල සිමාව තුල සිසුන් විසින් ඔවුන්ගේ අපැහැදිලි ගමන පිළිබඳ නොයෙකුත්වර පීඨාධිපති තුමිය ගෙන් විමසුවත් එයට ලැබුන පිළිතුර වූයේ සිසුන්ට දඩුවම් ලබාදීමකි. ඉන් අනතුරුව දින නියමයක් නොමැතිව වැසුන මේ අම්බලම පිළිබඳව මනා වැටහීමක් සිසුන් විසින් ලබාගන්නා ලදි. විරෝදාර සිසුන් කැලකගේ හඩ නොසැලෙන ගමනකට අවදි වූයේ මේ කාලය තුළය. අවිධිමත් පාලනය යටපත් කරමින් මුල් ශිෂ්‍ය කණ්ඩායම තම දෙමාපියන්ගේ සහයෝගයද ගනිමින් තම හඬ අවදි කළ පසු කර කියා ගැනිමට දෙයක් නොමැති වූ මෝඩ පාලකයින් ලහි ලහියේ පීඨය දෙස බලන්නට විය.

     මේ කාලය වන විට ශිෂ්‍ය උද්ඝෝෂණ, පා ගමන්, කැට ව්‍යාපාර හා දේශපාලඥයින් ඇතුලු මහ ජනතාව දැනුවත් කිරිමේ අඛණ්ඩ සංග්‍රාමයක් ඇරඹුණි. එහි ප්‍රතිඵලය මුලු පීඨයටම නවෝදයක් ලබාදීමට හේතු වුවත් අවසානයේ සිදු වුයේ සිසුන්ගේ නොදැනුවත්කම් මුල් කරගනිමින් අත්තනෝමතික පීඨාධිපතිනියක වන මහාචාර්ය මල්කාන්ත චන්ද්‍රසේකර ශිෂ්‍යයන් හට විනය ක්‍රියාමාර්ග ගැනිම හා ශිෂ්‍ය සංගම් දුර්වල කිරිමය. මෙසේ කාලය ගත වෙද්දි දෙවන ශිෂ්‍ය කණ්ඩායම පැමිණියේ පලමු ශිෂ්‍ය කණ්ඩායමට තවත් ශක්තියක් වෙමිනි. පළමු ශිෂ්‍ය කණ්ඩායමේ මාර්ගයේම දෙවන කණ්ඩායම යන බව දැනගත් පීඨාධිපති තුමිය පලමු ශිෂ්‍ය කණ්ඩායම බිඳ දැමීමට සිසුන්ගේ පංති තහනම් කළ නමුත් එය එතැනින් නොනැවතී දෙපිරිසම එකතුව මහා බලයක් ගොඩනගමින් ඔවුන් ඉදිරියේ පරිපාලනය පණ නැති ගැරඬියකු බවට පත් කළේය. මොවුන්ගේ පලමු ක්‍රියාදාමය පීඨාධිපතිනිය නෙරපීම දක්වා දික්වූයේ එයට දින 14 ක අඛණ්ඩ උපවාස ක්‍රියාදාමයක්ද එක් කරවමිනි. මෙහි අවසානය උපකුලපතිතුමා ප්‍රමුඛ විශ්වවිද්‍යාල පරිපාලනය සසල කිරිමට හේතු විය.

     දෙවන කණ්ඩායමේ අධ්‍යාපන කටයුතු ආරම්භයත් සමගම නව පීඨාධිපතිනිය ලෙස මහාචාර්ය්‍ය මාලිනි උඩුපිහිල්ල පැමිනියේ සිසුන්ගේ සිත් සතුටු කරවමිනි. ඉන් පසු පූර්ව සායනික දෙවසරට අවශ්‍ය සියළු පහසුකම් ලැබුණු අතර මුල් කණ්ඩායමේ 2nd MBBS විභාගය අවසන් විය. එහෙත් ඔවුන් සමග අමනාපයෙන් පසුවූ සමහර මහාචාර්යවරුන් හා ආචාර්යවරුන් ඔවුන් හට විභාග වලදි පහර දෙන්නට පටන් ගත් අතර දැනටද එය තරමක් දුරට දක්නට ලැබෙයි. පුර්ව සායනික කටයුතු වලට සාර්ථක විසදුමක් ලැබුනද සායනික කටයුතු වලට හෙනහුරා ලබා ඇතිබව වැටහුනේ පලමු ශිෂ්‍ය කණ්ඩායම අනුරාධපුර රෝහලට අනුයුක්ත කිරිමෙන් පසුවය.

     මේ අතරතුර පලමු කණ්ඩායමේ අඩි පාරේ ගමන් කිරීමට තෙවන කණ්ඩායමද පැමිණි අතර පීඨයේ ශිෂ්‍ය බල මුළුව 526 දක්වා ඉහල නැංවූයේ පීඨයට නව එළියක් ලබදෙමිනි. ඉන් අනතුරුව උද්ඝෝෂණ ව්‍යාපාර හා අනෙකුත් ශිෂ්‍ය ව්‍යාපාර කටයුතු හේතු කොටගෙන සායනික කටයුතු මන්දගාමීව පටන් ගැණුනි. එහෙත් අවශ්‍ය දේශන ශාලා හිඟය, අනුරාධපුර රෝහලේ පවතින මහා අඩුපාඩු රාශිය හා අවසන් වසර සඳහා මහාචාර්ය ඒකකය නොතීබීම යන ගැටළු උද්ගත විය. මා මෙසේ සඳහන් කරන විට ඔබට මේ ගැටළු ඉතා සුලු සේ පෙනීමට ඉඩ ඇත. නමුත් මේවා ප්‍රධාන ගැටලු පමණක් වන අතර අනෙකුත් විශ්ව විද්‍යාල සිසුන් ලබන කිසිදු     මූලික පහසුකමක් වත් නැතිවීම කණගාටුවට කරුණකි.

     මේ අතරතුර දේශනශාලා හිඟයට පිලිතුරක් ලෙස මෝඩ පාලකයින් අනුරාධපුර ශ්‍රි සම්බුද්ධ ජයන්ති විහාරය ලබා දුන්නනේ අතීසාරයට අමුඩ ගැසීමක් ලෙස යැයි ඔබට වැටහෙනු නොඅනුමානය. බොරු පොරොන්දු අසා තිත්ත වී ශිෂ්‍ය ක්‍රියාමාර්ග හරහා ලබා ගත් ජයග්‍රහණ පැවසීමට මෙම අවස්ථාව ප්‍රමාණවත් නොවේ යැයි මට හැඟෙයි. නව පිබිදිමකින් යුත්තව දේශන ශාලා හා විද්‍යාගාර සදහා ගොඩනැගිලි සපුරා දීම මන්දගාමීව අවසන් වෙමින් පැවතුනද ඒවාට අවශ්‍ය උපකරණ නොමැතිවීම මගින් පැහැදිලි වනුයේ මා ඉහත කී පරිදි පරිපාලනය ගැසු අමුඩයේද සිදුරු ඇති බවයි.

     වර්තමානයේ ඇති මූලික අභියෝගයන් වනුයේ විද්‍යාගාර වලට අවශ්‍ය උපකරණ නොතිබීම, මහාචාර්ය ඒකකය සදහා අවශ්‍ය බිම් කඩ වෙන්කර මුදල් ලබා දුන්නද මේ වන තෙක් කිසිදු ආරම්භයක් සිදුකර නොමැති වීම මගින් අනෙක් වෛද්‍ය පීඨ වලට සමගාමිව මෙම පීඨය වසරකින් හෝ දෙකකින් පසුපසට යාම, අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ සායනික කටයුතු පුහුණුව සදහා අවශ්‍ය පහසුකම් නොමැති වීම තුලින් මනා පුහුණුවක් ලබා ගැනිමට නොහැකි වීම හා උග්‍ර දේශකවරුන්ගේ හිඟයයි. මෙය මෙසේ තිබියදි පලමු ශිෂ්‍ය කණ්ඩායම කිසිදු ප්‍රායෝගික පරික්‍ෂණයකින් තොරව විභාගවලට මුහුණ දෙන අතර තවමත් උපකුලපති තුමා පවසනුයේ ළමුන් තම වලිගය පාගාගෙන ඇති බවයි. එයින් පෙනෙනුයේ පාලකයින්ගේ මොළය ඇත්තේ හැදි මිටේ බවය.

     වර්තමානයේ සිවු වැනි ශිෂ්‍ය කණ්ඩායමද බඳවා ගෙන ඇති අතර මුළු ශිෂ්‍යයින් ගණන 710 ක් වුවද දේශන ශාලා ඇත්තේ 2 ක් පමණි. එලෙසම ආචාර්ය මහාචාර්ය වරුන්ගේද සමානුපාතික වැඩිවීමක් දක්නට නොමැත. මේ වන විට රජය විසින් අත්‍යවශ්‍ය නොවන ව්‍යාපෘතින් කරගෙන යමින් මුදල් නාස්ති කළද අනාගත වෛද්‍ය වරුන් වෙනුවෙන් හා රටේ සෞඛ්‍ය  ක්ෂේත්‍රය වෙනුවෙන් රජරට වෛද්‍ය පීඨය කෙරහි සක්‍රියව දායක නොවන්නේ මේ සඳහා වත්මන් රජයේ ඇති උනන්දුව විදහා පාමිනි. අපගේ ශිෂ්‍ය සංගම් නායකයින් ඇතුලු මෙතෙක් පැවති සියලුම ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගේ අප්‍රමාණවත් ශක්තිය නොවන්නට අද වන විට රජරට වෛද්‍ය පීඨය සිහිනයක් පමණක් වන්නට ඉඩ තිබුනි.

     2006 සැප්තැම්බර් මස 11 වන දින මා දුටු ළදරු පාසලක් වන් රජරට වෛද්‍ය පීඨය වෙත වසර 3 ක් පිරුණ මේ මොහොතේ  පා නගන විට සැබැ වෛද්‍ය පීඨයක ඇති චමත්කාරය මතුවනු නොඅනුමානය. එහෙත් එහි පතුලට කිමිද බලන කල එහි ඇති අඩුපාඩු රාශියකි. එම අඩු පාඩු ජයග්‍රහනය කිරිමට මේ වන විටත් අපි නොයෙකුත් ක්‍රියාදාමයන් ශිෂ්‍ය බලවෙිගයක් ලෙස සිදුකරමින් සිටිමු. මේ ක්‍රියාදාමයන්ද විශිෂ්ඨ ලෙස ජයග්‍රහනය කිරිමට සැබැ ශක්තියක් රජරට වෛද්‍ය පීඨයේ සිසුන් හට ඇති බව බොහෝ දෙනාට හැඟෙන කරුණකි. කිසිවක් නැතිවාට වඩා තිබෙන සොව්චම වැදගත් යැයි සළකන අපි සියලුම බලවේගයන් එක්කොට ගෙන මේ ගැටලුව නිරාකරණය කර ගැනීමේ මහත් වු අධිෂ්ඨානයෙන් යුතුව ක්‍රියා කරමු. ඒ මහඟු වු කාර්ය උදෙසා ආරම්භයේ සිට මෙතෙක් සිටි සැමදෙනාටම තුති පිදීමට රජරට වෛද්‍ය සිසුවකු වන මම අමතක නොකරන අතර අපත් සමග අත්වැල් බැඳ ගන්නට ඔබටද ඇරයුම් කරමි.

     අපගේ දර්ශනයේ ඇත්තේ එකම බලාපොරොත්තුවකි. එනම්, අද අප දමන අත්තිවාරම මතින් ගොඩනගන අනාගතයේ උරුමකරුවෝ වන්නේ අප නොව අපගේ අනාගත පරපුරමය, අද අප මේ කටු ඇති මාවතේ වැටි වැටි නැගිට ඇවිද යන්නෙමු. ඒ, අප රුහිරයෙන් තෙත් වන මාවත දිනෙක මල් මාවත් කරන අටියෙනි.


එච්.පී.ආර් ප්‍රසංග
වෛද්‍ය පීඨය
රජරට විශ්වවිද්‍යාලය. 
http://imfsacsrilanka.blogspot.com/2010/07/blog-post_01.html

Wednesday, April 26, 2017

පිරිසිදු වතුරෙන් රෝග සුවකරන බටහිර වෛද්‍යවරිය.


 බුදු බව ලබන්නට බ්‍රහ්මයකුට, දෙවියකුට, නාගයකුට බැරිය. එසේ බුදු බව ලබන්නට නම් මිනිස් ආත්මයක් ලැබිය යුතුය. දෙවිවරුන් තම ආයුෂ, වර්ණ, සැප, බල, ප්‍රඥා පිරිහෙන විට නැවත කුසල් කිරීමට මෙහි එති. නාගයන් ද එලෙසමය. ඇය ගැන සොයා බලාගෙන යන විට ඇය ද එසේ නාගලොවින් පැමිණියා යැයි කෙනෙකුට සිතෙන්නට බැරි නැත.
සත්‍යය ඕනෑම තැනකදි සාපේක්ෂ අගයක් පමණක් බව මම ඔබට කියමි. මිථ්‍යාව හා සත්‍යය ගතහොත් එක් තැනකදි සත්‍යයක් වන දෙයක් තවත් අවස්ථාවක අසත්‍යයක් එසේ ම මිථ්‍යාවක් වන්නට පුළුවන. එසේ ම එක් අවස්ථාවක අසත්‍යයක් හෙවත් මිථ්‍යාවක් වන දේ ම තවත් තැනකදි සත්‍යයක් වීම ද වළක්වන්නට බැරිය. විද්‍යාවේ එන නිරීක්ෂණ, සම්පරීක්ෂණ ආශ්‍රයෙන් ලබාගන්නා නිගමනද එසේමය. එක් කලකදි යම් දෙයක් සත්‍යය යැයි පිළිගන්නා අතර තවත් තැනකදි එය ම අසත්‍යයැයි හෙළි වී ඇත්තේ ය. නැත්නම් විද්‍යාවේ නැඟීමක් ද නැත්තේය.

මා ඒ ටික ලීවේ කිසියම් පූර්විකාවක් මේ ලිපියට ගොඩනඟනු පිණිසය. බුදුරජාණන් වහන්සේ මහා කාශ්‍යප රහතන් වහන්සේ වෙනුවෙනුත්, මහා මොග්ගල්ලාන රහතන් වහන්සේ අසනීප වූ විටත් බොජ්ඣංග පිරිත් දේශනා කළේ කිසියම් ක්‍රමවේදයක් අනුව ය. අනුරුද්ධ මහ රහතන් වහන්සේගේ නැගණිය තමන්ට හැදුණු බරපතළ කුෂ්ඨ රෝගය සුවපත් කැර ගත්තේ ද කිසියම් ප්‍රතිකාර ක්‍රමවේදයක් අනුවය. ඒත් මේවා විද්‍යාවට හසු නොවේ. බෙහෙත් දුන්නේ ද නැත. විද්‍යාවට හසු නොවූ පමණින්, ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්ෂයට (ඇසට, කනට, දිවට, නැහැයට, සමට විෂය නොවූ පමණින්) කිසියම් දෙයක් නැතැයි කිව නොහැකිය. ඒවා අතීන්ද්‍රිය විෂයයන්ය.
මා එබඳු අතීන්ද්‍රිය විෂය ක්‍රමවේදයකින් ලෙඩුන් සුවපත් කරන අපූරු කාන්ත­ාවක් හමුවෙමි. ඇය ලෙඩුනට ඖෂධ නියම කරන්නේ නැත. ඇගේ එක ම ඖෂධය පිරිසුදු වතුර පමණය. ඒ වතුරට ඇය විසින් තම සිත හරහා මුසු කරන සුවිශේෂ ක්‍රමයකින් ලෙඩුන් සුවපත් වී ඇති බව දැන ගතිමි. ඊටත් වඩා මෙහි සාක්ෂ්‍ය කැඳවන්නේ අපේ ගරුතර මහා සංඝරත්නය ම වීම තවත් සුවිශේෂයකි.
තමා ලෙඩුන් වෙනුවෙන් කරන ප්‍රතිකාර වෙනුවෙන් ලබන මුදලක් මේ වෛද්‍යවරිය වැය කරන්නේ රට පුරා වෙහෙර විහාරවල භාවනා වැඩසටහන් කිරීමටය. චෛත්‍යය ගොඩනැංවීමටය. ඒ ගැන ලිපියේ පසුවට කතා කරන බැවින් මම කෙළින් ම ඇගේ පැටිකිරිය හරහා ඔබට සමීප වෙමි.
ඇයගේ නම වෛද්‍ය ශානිකා විජේසේකරය. ඇයගේ සැමියා ටෙලිකොම් ආයතනයේ හිටපු අධ්‍යක්ෂ සී.පී.ආර්. පෙරේරා මහතාය. අවුරුදු 18ක එක ම දියණියක් පමණක් සිටින ඇය වෛද්‍ය උපාධිය ලබා ඇත්තේ ඉන්දියාවේ මැංගලෝර් විශ්ව විද්‍යාලයයෙනි. කොළඹ ප්‍රධාන පෙළේ කාන්තා විදුහලක අධ්‍යාපනය ලැබූ ඇය වෛද්‍ය උපාධිය හැදෑරීම සඳහා ම ඉන්දියාවේ කලක් වාසය කළාය. දැන් ඇගේ සැමියා ඇගේ දුවගේ වෛද්‍ය අධ්‍යාපනය වෙනුවෙන් එංගලන්තයේ පදිංචි වී සිටියි. කිරිබත්ගොඩින් මාකොළ පැත්තට කිලෝ මීටරයක් පමණ ගිය තැන භාතිය පාරට කිට්ටුව ඇති shanz clinic නම් ස්ථානයේදි ඇය හමුවිය හැකිය.
ඔබ පිරිසුදු වතුර ලීටර් 5ක් අරගෙන ලෙඩුනට ඔබ හමුවෙන්න කියනවා. මේ ප්‍රතිකාර ක්‍රමය ගැන ඔබට යමක් විස්තර කළ හැකි ද? මම අසමි.
ලෝකයේ බටහිර වෛද්‍ය ක්‍රමයේදී ඖෂධ, ශල්‍යකර්ම වැනි දේ ලබාදීමෙන් ලෙඩ සුව කරනවා. ඒත් මා හඳුනාගත් තවත් ප්‍රතිකාර ක්‍රමයක් ලෝකයේ තියෙනවා. ඉන් විශ්ව ශක්තිය ප්‍රධානයි. අ එය ලෝකයේ ප්‍රධාන වශයෙන් කතා කරන මාතෘකාවක්. MIND POWER මානසික ශක්තිය දියුණු කිරීම තවත් එකක්. වතුර යොදා ගන්නේ ලෙඩාගේ ශරීරයට එය ඇතුළු කරන්න. ඊළඟට සත්‍ය ක්‍රියාව. මේවා පුරුදු පුහුණු වන්නට මා කඳුබොඩ භාවනා මධ්‍යස්ථානයේදි අදත් භාවනාවට යනවා. මා බොහෝ විට ලෙඩුනට ප්‍රතිකාර කරන්නෙත් නොමිලයේ. ඒ ලෙඩුන්ගේ ආර්ථික අමාරුකම් මට දැනෙන නිසා. ඒ ලැබෙන දෙයකින් මා කරන්නෙත් කුසල් කර්මයන් වැඩීමයි. මා ළඟට එන ලෙඩුනගේ කර්මජ රෝග පවා මගේ ප්‍රතිකාරයෙන් සුවපත් වූ අවස්ථා තිබෙනවා. ඒ ඔවුන් ලවා කුසල් වැඩවීමෙන්. සාමාන්‍යයෙන් කර්මජ රෝග සුවකරන්නට බෑ. ඒවා සුව කරන්නට නම් වෙන ම ප්‍රතිපදාවක ජීවත් වන්න ඕනෑ.
පිළිකා රෝගය පවා ඇගෙ වතුර ප්‍රතිකාරය හා කිරණ ප්‍රතිකාරය හරහා සුව වූ බව ඇසීමි. ඒ ලෙඩුන්ගේ සාක්කි මතුවට කැඳවමි. ඊට පෙර මේ ගවේෂණය සඳහා අප එහි යන විට එහි පැමිණ සිටි විශේෂ මාපිය යුවළකගේ කතාව ඇසිය යුතුය.
නවෝදනි මිහිරානි (26) මේ දරුවට වැඩිමල් දරුවෙක් මට ඉන්නවා. එයාට කිසිම ලෙඩ දුකක් නෑ. ඒත් මේ පුතා හොරණ රෝහලේ ඉපදෙනකොටත් මෙයාගේ පිට කොන්ද ප්‍රදේශයේ සුළු ගෙඩියක් තිබුණා. එක කකුලක පණ නැති ගතියක් ටික දවසකදි ආවා. ඒ නිසා දරුවාගේ මේ අසාමාන්‍ය පිටකොන්දෙ ගෙඩිය ඔපරේෂන් කරන්නත් අපි කොළඹ මහ රෝහලට ඇතුළු වුණා. ඒක කළාට පස්සෙ දරුවාගෙ කකුල පණ නැති වුණා. දරුවාගේ ඔළුවත් ටිකින් ටික ලොකු වෙන්න ගත්තා. දරුවාට කෙළින් හිස තබාගෙන ඉන්න බැරි තත්ත්වයක් ආවා. මමත් මහත්මයත් ‍කෝවිල්, පන්සල් ගානේ ඇවිද්දා. නොයෙක් දේ කළා. හරි ගියේ ම නෑ. දරුවාගේ ඔළුවෙ වතුර තියෙන බවයි සමහර ‍වෛද්‍යවරු කීවෙ. මේ වෛද්‍යතුමිය හමුවෙලා තව මාස 2 යි. අවස්ථා දෙකක් ප්‍රතිකාර ගත්තා. අද ආවෙ 3වන වතාවට. මුල් අවස්ථා දෙකේදි කළ ප්‍රතිකාරවලින් දැන් දරුවාගේ කකුල හරි ගිහින්. ඔළුව කෙළින් කරලා තියාගන්න පුළුවන්. ඔළුව ලොකු වීම නැවතුණා. මේක මහ පුදුමාකාර ප්‍රතිකාර ක්‍රමයක්.
මොනවද! ඔබට ලැබුණු ප්‍රතිකාර
ඩොක්ටර් ශානිකා, දරුවා වෙනුවෙන් වතුර ලීටර කීපයක් ගෙනෙන්න කියලා ඒවාට අත තබාගෙන සිත සමාධි ගත කළා. විනාඩි ගණනක් හිටියා. දරුවාගේ හිසත් අත ගගා මොනවාදෝ කළා. ඒ වතුර උදේ සවස බොන්න දෙන්න කීවා. අනෙක ඒ වතුර දරුවා‍ගේ අසනීපය ඇති තැන්වල ගාන්ඩත් අපට නියම කළා.
මේ දරුවාගේ පියා ප්‍රසාද් සංජීවය. ඔහුට කියන්නට යමක් තිබේ.
ඇත්තට ම නෝනා කී සියල්ල ම ඇත්ත. අපට මේ ඩොක්ටර් ගැන කිව්වෙ අළුබෝමුල්ලෙ චන්දන කියලා පේන්ට් බාස් කෙනෙක්. එයාගෙ මොළේ ලේ කැටි දෙකක් හිරවෙලා මරණාසන්න වෙච්ච වෙලාවෙ මේ නෝනා තමයි එයාව බේරාගෙන තිබෙන්නෙත්. එයා සුව වුණා ම සතුටට හැම තැන ම මේ නෝනා ගැන කිය කියා යනවා. එතුමියගෙ ප්‍රතිකාරය නම් පුදුමාකාරයි.
ඔබ මේ ප්‍රතිකාර සඳහා මෙහෙයවූ විශේෂ අත්දැකීමක් තිබේදැයි මම වෛද්‍ය ශානිකා විමසමි.
මා භාවනාවට කැමැතියි. ඒ නිසා හැම තැන ම භාවනාව ඉගෙන ගන්න ගියා. එතැනදි මට දැන ගන්නට ලැබුණා. ගිහි ගෙදරක හිටියත් භාවනාවෙ ඉහළ ම තත්ත්වයකට (අනාගාමී) ගිය එක්තරා සිල්වත් උතුමෙක් ගැන. එතුමා දවස පුරා භාවනාවෙන්මයි ඉන්නෙ. ඒ නිසා හමුවීම තරමක් අසීරු වුණා. එහෙත් මා එහි ගොස් අවස්ථාව ලබා ගත් කල එතුමා කීවා. ඔබ‍ මෙහෙම කෙනෙක්. ඇයි මිනිසුනට ප්‍රතිකාර නොකරන්නෙ කියලා. මගේ ආධ්‍යාත්මික ශක්තිය එතුමාට දැනුණා. එතුමා මගේ උප්පත්තිය, ජීවත්වීම, අරමුණ මේ ‍සියල්ල ම දැන ගත්තා. එතුමාගේ උපදේශයට අනුවයි මා ප්‍රතිකාර පටන් ගත්තේ. ලැබෙන මුදල් වියදම් කරන්නෙත් ශාසනයට...
(බුදු බව ලබන්නට බ්‍රහ්මයකුට, දෙවියකුට, නාගයකුට බැරිය. එසේ බුදු බව ලබන්නට නම් මිනිස් ආත්මයක් ලැබිය යුතුය. දෙවිවරුන් තම ආයුෂ, වර්ණ, සැප, බල, ප්‍රඥා පිරිහෙන විට නැවත කුසල් කිරීමට මෙහි එති. නාගයන් ද එලෙසමය. ඇය ගැන සොයා බලාගෙන යන විට ඇය ද එසේ නාගලොවින් පැමිණියා යැයි කෙනෙකුට සිතෙන්නට බැරි නැත. මා ‍එසේ කියන්නේ නිකම් ම නොවේ.)
දෙකටන බැලුම්මහර, බවුන්සෙන් මානසික සුව සෙවණ ප්‍රධාන අනුශාසක කැලණිය මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්ව විද්‍යාලයයේ භාවනා අධ්‍යයන අංශයේ භාවනා උපදේශක ත්‍රිපිටකාචාර්ය දියසෙන්පුර විමල හිමියෝ වෛද්‍ය ශානිකා පිළිබඳ මෙසේ කියති.
මීට අවුරුදු 3 කට පමණ පෙර භාවනා වැඩසටහනක් කරන්න එතුමිය මට ආරාධනා කරන්න ආවා. ඊට පස්සෙ වාර්ෂික ධර්ම දේශනා හා නොයෙක් පින්කම් ආදිය කරන්නත් මට ආරාධනා කළා. හමුදාව වෙනුවෙන් මා හදමින් සිටි විශේෂ පූජ්‍යස්ථානයට එතුමිය තමයි ශ්‍රී මහා බෝධීන් වහන්සේ නමක් ගෙනැවිත් පූජා කළේ. මට බොහොම බරපතළ කොන්දෙ අමාරුවක් තිබුණා. ඊටත් අමතරව මගේ මහපටඟිල්ලක් නවන්න බැරි අමාරුවකුත් තිබුණා. ඒ විතරක් නොවේ මගේ නියපොතු නරක් වෙලා කිසියම් අසනීපයකුත් තිබුණා. එතුමියගේ ප්‍රතිකාර අනුව මගේ කොන්දෙ ප්‍රශ්නය නැත්තට ම නැති වුණා. මහපටඟිල්ලත් සාමාන්‍ය ප්‍රකෘති තත්ත්වයට ආවා. නියපොතුත් දැන් ගොඩාක් සුවවෙලා. විශ්ව ශක්තිය එතුමිය පාවිච්චි කරන්නේ. මෙය අද ලෝකය පුරා කතා කරන මාතෘකාවක්. එය පර්යේෂණාත්මකව ඔප්පු කරමින් තිබෙනවා. මෙහෙම ආධ්‍යාත්මික බලයක් ලබන්නට මා හිතන්නේ සසර පුරුදු, භාවනා අනුභූති වගේ දෙයක් තිබෙන්නටත් ඕනෑ. එතුමිය ලෝක සත්ත්වයා වෙනුවෙන් මහා මෙහෙවරක් කරනවා. ආනමඩුවේ කුරමැටියාවේ මහ මොග්ගල්ලාන සෑ රදුන් සම්පූර්ණ හැදුවෙ එතුමියගේ වියදමින්. අපත් සභභාගී වුණා පින්කමට. අරිසිමලේ ආරණ්‍යයට සිරිපතුලක් පවා එතුමිය පූජා කළා. අරිසිමලේ කියන්නෙ (අරිසි යනු හාල්. මලේ කියන්නෙ වැල්ල) යන අරුතයි. එදා තපස්සු භල්ලුක විළඳ මී පැණි පූජා කළ තැනක් බ ව කියැවෙනවා. මේ දිනවල පොලොන්නරුව මැදිරිගිරියේ පන්සලක චෛත්‍යයක් ඇය හදනවා. අපට රංගිරි ශ්‍රී ලංකා රූපවාහිනියේ ‘සසුන’ වැඩසටහනක් සඳහා ගිය වෙලාවෙ හෙළි වුණා. එක්තරා තරුණයෙක් දෙපයන් අප්‍රාණිකව පුරා අවුරුදු 10ක් (නම ධම්මික) ඇඳක් මත වැතිර ඉන්නවා. එයාට දරුණු කුෂ්ඨ රෝගයක් හැදිලා තියෙනවා. එයාගෙ අම්මත් (70). ජීවත් වෙන්නෙ අනුන්ගේ වළං හෝදලා. මිදුල් අතු ගාලා. කුලියක් මලියක් කරලා. ගම්පොළ මේ අයගෙ ගම. තවත් පිරිසකුත් එක්ක ඩොක්ටර් ශානිකා සමඟ මාත් ඒ තරුණයාගේ ගෙදරට වැඩියා. ඒ ගෙදරට යන්ඩ හරිහැටි පාරක්වත් නෑ. වතුර බෝතල් කීපයක් අරගෙන එතුමිය කරන ආධ්‍යාත්මික ප්‍රතිකාරය කරලා අර තරුණයාගේ ශරීරයේ හැම තැන ම ගෑවා. මා දුටුවා ඇය ඉතා ම කාරුණිකව ඒ තරුණයාගේ ශරීරයේ තුවාල අත ගාලා මවක් වගේ ප්‍රතිකාරය කරනවා. දින දෙකක් යන්ඩ කලින් ඒ තුවාල වේළුණා. ඇය තම අත් දෙකෙන් ඒ තුවාල හෝදන හැටි දුටුවා ම මට මතක් වුණේ පුතිගත්ත තිස්ස හාමුදුරුවන්ට බුදුරජාණන්වහන්සේ ප්‍රතිකාර කළ හැටි. ඒ තරුණයා දින කිහිපයකදි එතුමිය දුන් වතුර බීලා ප්‍රාණවත් වුණා. සුව වුණා. පිළිකා, හෘදයාබාධ වගෙ දේවල් පවා එතුමිය සුව කරන බව අසා මා කීප දෙනෙකු එව්වා. ඒ හැමෝට ම සුවයක් ලැබුණා. කර්ම රෝග පමණක් සුව කරන්න අමාරුයි. ඒකෙත් වේදනාව අඩු කරන්න මේ ප්‍රතිකර්මයට පුළුවන්.
ඇයගෙන් ප්‍රතිකාර ලද බොහෝ දෙනෙක් ඇය පුදුමාකාර වෛද්‍යවරියක් බව කියති. එක්තරා තරුණ දැරිවියකගේ කොණ්ඩය හිටි ගමන් දුඹුරු පැහැයට හුරු වර්ණයක් ගත්තේය. ඇය කිසියම් වර්ණයක් හිස මත ගල්වා ගත්තේවත් වෙනත් කිසිදු ද්‍රව්‍යයක් හිස ගැල්වුවේවත් නැත. ඒ දරුවාගේ මව හඬමින් කියූ කතාවේ රූප පටයක් මම දකිමි. එසේ ම එම දියණිය මෙසේ ප්‍රකාශ කළාය.
මගේ කළු කොණ්ඩය අසාමාන්‍ය විදියට දුඹුරු පැහැයට හැරෙන්න ගත්තා. දොස්තර ශානිකා ළඟට මා බැරිම තැන ආවෙ ලංකාවෙ නොයෙක් වෛද්‍යවරුන් හමුවෙලා මෙයට නිසි ප්‍රතිකාරයක් නැති නිසයි. එතුමියගේ වතුර ප්‍රතිකාරය හරහා ම‍ෙග් කළු කොණ්ඩය නැවත මට ලැබුණා. දුඹුරු කොණ්ඩය එක්ක පාසල් යද්දි ගුරුවරුන් හා යෙහෙළියන් මට බැන්නා. විච්චූර්ණ කරන්න එපා කියලා. ඒත් ඇත්තට ම මගේ කොණ්ඩය ස්වභාවික විදියට වෙනස් වූ බව අද ඒ අයත් තේරුම් අරන්. අවුරුදු කීපයක් ම මම ඒකෙන් දුක් විඳලයි හිටියෙ. මට එතුමිය ප්‍රතිකාර කළේ මාස 2යි. කොණ්ඩය කළු වුණා.
සුනිල් මතුරට මිනුවන්ගොඩ පදිංචිකරුවෙකි. ඔහු මෙසේ කියයි.
මල් පෝච්චියක් වැදිලා මගෙ පාදයෙ තුවාලයක් වුණා. තුවාලය හොඳ වෙන්නේ ම නෑ. අවුරුදු 14ක් තිස්සෙ නොයෙක් වෛද්‍ය විශේෂඥයන් යටතේ ප්‍රතිකාර ගත්තත් තුවාලය සුව වුණේ ම නෑ. ශත 25ක කාසියක ප්‍රමාණයට තිබුණු තුවාලය අල්ලක් තරම් විශාල වීම පමණයි සිදුවුණේ. මෙතුමිය වතුර ලීටර කිහිපයක් ගෙන සිත සමාධිගතව කළ ප්‍රතිකාරය හරහා තුවාලයේ වර්ධනය නැවතුණා. දැන් ඒක කුඩාවෙලා සුව වෙමින් තිබෙනවා. ඇත්තට ම පුදුමාකාර වේදනාවක් තිබුණු මට දැන් දැනෙන්නෙ මහා සුවයක්.
හලාවත කොක්කාවිල වනරතන ආරණ්‍ය සේනාසනාධිකාරි සද්ධර්ම කීර්ති ත්‍රිපිටකවේදි ඔක්කම්පිටියේ කස්සප හිමියෝ ද මෙසේ දෙසූහ.
සාමාන්‍යයෙන් ජීවින් ලෙඩ වෙන එක සාමාන්‍ය දෙයක්. මේ රෝගී වීම ඍතු විපර්යාසය නිසා ආහාර විසවීම, වා පිත් සෙම් කෝප වීම වගේ හේතු මත වෙන්න පුළුවන්. ඊටත් අමතරව කර්මානුරූපව රෝගි භාවයටත් ඇතැමුන් පත්වෙනවා. භෞතිකව කරන ප්‍රතිකාර හරහා (බටහිර වෛද්‍ය ක්‍රම) ලෙඩුන් සුවපත් කිරීම තමයි කවුරුත් දන්නේ. එහෙත් ආධ්‍යාත්මිකව ප්‍රතිකාර කිරීමෙන් ලෙඩුන් සුවපත් කිරීමක් තියෙනවා.
අපේ ශරීරයේ 70%ක් ම තිබෙන්නෙ ජලය. අධ්‍යාත්මයෙන් භාවනාවෙන් ඉහළ ට ගියොත් තවත් කෙනෙකුට ශරීරයට බලපෑම් කරන්න පුළුවන් බව අප දන්නවා. මහා බොජ්ඣංග සූත්‍රය, චුල්ල බොජ්ඣංග සූත්‍රය වැනි තැන්වලදි බුදුරජාණන්වහන්සේත් ඒ ක්‍රමය අනුගමනය කළා. කර්මානුරූපව ඇති වන රෝග නැති කිරීම තරමක් අමාරුයි.
අනුරුද්ධ මහ තෙරුන් වහන්සේගේ නැගණියගේ කතාව නිදර්ශනයක්. එතුමියට ඉතා ම බරපතළ කුෂ්ඨ රෝගයක් තිබුණා. සුව වෙන්නෙ ම නෑ. රහතන් වහන්සේ කොතරම් උපකාර කළත් මේ රෝගය සුව කරන්න බැරි වුණා. පසුව හොඳින් සොයා බලන විට පෙනුණා සංසාරෙදි ඇය රජ බිසවක් ව ඉපිද පරිවාර බිසවන්ට රජු ලවා බොහෝ කරදර හිරිහැර කළ බව. ඒ නිසා ඇය පැලඳ සිටි සියලු ම රජ අබරණ විකුණා ලබා ගත් මුදලින් උපාසිකාවන්ට දානයක් දී ඒ පවින් අත මිදී සුවපත් බව ලබන්නැයි සිතන්න කියලා ඇයට ඇරයුම් ලැබුණා. ඒ අනුව කටයුතු කළාමයි එතුමියගේ රෝගය සුව වුණේ.
වෛද්‍ය ශානිකා මා දෙස බලා කීවා වරක් ඔබවහන්සේගේ අක්මාවේ එක්තරා එන්සයිමයක වැඩි ප්‍රතිශතයක් මට පෙනෙනවා. ලේ පරීක්ෂාවක් කරගන්න කියලා. එතුමිය තම දෑඟිලි මගේ නළලට කෙළින් අත නොතබා පවත්වා ගත්තා. ඒ වෙලාවේ මා සිටියේ ඇස් වහගෙනයි. ඒත් මා කොළපාට එළියක් හොඳටම දැක්කා. පසුවයි මා දැන ගත්තේ ඒ කොළපාට එළිය මතුවුණ ප්‍රදේශයේ ඉහළින් ඇගේ ඇඟිලි තිබුණු බව. මගේ අක්මාව පිළිබඳව ඇය කියන ලද ප්‍රකාශය අහන වෙලාවේ මට මොනම රෝගයක් ගැනවත් දැනිලා තිබුණේ නැහැ. ලේ පරීක්ෂා කර බැලුවම අක්මාවේ NON ALCHOHOL (සිරෝසීස්) තත්ත්වයට එන ලකුණු පෙන්නුවා. එහි එන්සයිමවල වෙනසක් ද තිබුණා. වෛද්‍ය වාර්තාවෙන් ඒක කියවුණා. ඊට පස්සේ වෛද්‍ය ශානිකාගේ වතුර ප්‍රතිකාරය අනුව වතුර ලීටර් 10ක් බිව්වම ඒ තත්ත්වය සම්පූර්ණයෙන් නැති වුණා.

උපාලි සමරසිංහ
ඡායා-ලයනල් පී. පෙරේරා (කැලණිය සමූහ)

Tuesday, April 18, 2017

වෛද්‍යවරු මගේ අදහස් වලට ස්වයංවාරණයක...


වෛද්‍යවරයෙක් විසින් FB තුලාවේ පළ කළ ඉල්ලීමක්...
සහ මගේ පිළිතුර.


Achala Ranasinghe
[[ අපි හැමෝම අතුලගේ තේරුමක් නැති පෝස්ට් නොසලකා ඉමු. ]]
'''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''

මොන හේතු ඉදිරිපත් කලත්
වෛද්‍යවරුන්ට තියන ලොකුම ප්‍රශ්නය
මම වරින් වර ඉදිරිපත් කරන කරුණු වලට
ඔවුන්ට පිළිතුරු නැති වීමයි.

බාහිර සමාජයේ ඔවුන් භාවිතා කරන සිවිල් බලය
ෆේස්බුක් සමාජ ජාලය තුළ සීමිත වීම සහ
ඔවුන්ගේම දුර්වල පෞරුෂ ලක්ෂණ නිසා
ෆේස්බුක් සමාජ ජාලය තුළදී
ඔවුන්ගේ වෘත්තීය ගෞරවය රැකගෙන
හැසිරෙන්නට නොහැකි වීමත් එක හේතුවක්.

ඔවුන් කෝපයට පත් වූ විට
ඔවුන් සුදු ලෝගුවෙන් වසා ගත්
පහත් චරිත ලක්ෂණ මතු වීමත්
සමහරු ඔවුන්ගේ කුපිත කිරීමෙන් නොසැලී සිටීමත්
සමහරු ඔවුන් මෙන්ම අපහාසාත්මකව
ඔවුන්ට ප්‍රති උත්තර දීමත්
ඔවුන්ට ඉවසිය නොහැකි කරුණක්.

අශීලාචාර ලෙස හැසිරීම සහ
වෛරී වාචික ප්‍රහාර නිසාත්
සමහර වෛද්‍යවරු බ්ලොක් කරන්නට වුණා.
සමහර වෛද්‍යවරු මාව බ්ලොක් කළා.

කෙසේවුවත්
අවසාන නිගමනය නම්
වෛද්‍යවරුන්ගේ බුද්ධියත් දැනුමත්
ඔවුන්ට ජීවිතයේ ප්‍රශ්නවලට මුහුණ දී
නොසැලී සිටින්නට මග නොපෙන්වන බවයි.

ඔවුන්ගේ වසර පහක පාඨමාලාවට වඩා
විපස්සනා දසදින පාඨමාලාවක් ප්‍රයෝජනවත්.

වෛද්‍යවරු කියන්නෙ
කෝපය වැනි හැඟීමක් හෝ
බෙහෙත් පෙත්තක් නොගෙන
පාලනය කර ගත නොහැකි පිරිසක් බව
ඔවුන් අපට පෙන්වා දී තියනවා.

ඔවුන් මගේ පෝස්ට් වලට පිළිතුරු දීම
වාරණය කිරීම ප්‍රශ්නයක් නොවෙයි.
ඔවුන් එන්න කලිනුත් මම තුලාවෙ හිටියා.
ඔවුන් ගියාට පස්සෙත් මම ඉන්නවා.

ඔවුන්ගේ හැසිරීම දරුණු නිසා
ඔවුන්ට මුහුණ දීමට නොහැකි අය
මට පුද්ගලික පණිවිඩ මගින්
අදහස් හා යෝජනා ගෙනෙනවා.
ඒ නිසා අනෙකුත් සාමාජිකයනුත්
ප්‍රතිචාර නොදැක්වීම මට ගැටළුවක් නෑ.
බොහෝ දෙනෙක් කියවන බව මා දන්නවා.
අදහසක් සම්ප්‍රේෂණය වීම ප්‍රමානවත්.
ප්‍රතිචාර අදාළ නෑ.
:)

Monday, April 17, 2017

බොරුව පතුරුවන්න සත්‍යය වාරණය කළ යුතුයි.



 Reply · 2 hrs
Athula Siriwardhane
Athula Siriwardhane .
ප්‍රතිශක්තිකරණය ගැන
මාත් එක්ක කළ වාද වලින්

වෛද්‍යවරුන්ගෙ පාර්ශවය පරාදයි.
ඔවුන් මගේ ලිපි වාරණය කරගන්න
ඇඩ්මින්වරු හරහා ක්‍රියා කළේ ඒ නිසයි.
Like · Reply · 2 hrs
Achala Ranasinghe
Achala Ranasinghe මරු කතරට දිය පොදක් ඉසින්නට . .
Like · Reply · 2 · 2 hrs
Athula Siriwardhane
Athula Siriwardhane ඒ කියන්නෙ 
වෛද්‍ය වරුන්ගේ පාර්ශවය මරුකතරක් බවට පත්වුණා? :)
Like · Reply · 2 hrs
Achala Ranasinghe
Achala Ranasinghe සිත නිවන කතා . .
Like · Reply · 2 · 2 hrs
Athula Siriwardhane
Athula Siriwardhane .
නූගත් තනි මට මුහුණ දෙන්න 
(උපුල් හේවා කියන්නාක් මෙන් )

ඊනියා උගතුන් පිරිසකට බැරි වීම
අද උසස් අධ්‍යාපනයේ ඛේදවාචකයක්..
Like · Reply · 2 hrs
Athula Siriwardhane
Athula Siriwardhane වෛද්‍යවරුන්ගේ හැසිරීම මේ වගෙයි..
Like · Reply · 2 hrs
Sanjaya Kelum
Sanjaya Kelum Mee gonage mole wadakarana widiyanam hithaagannath ba. Kohomada ochchara wayasata giye oya? Adu gaane wayasata yanakota enna ona buddimath bawai nihathmanikanaiwath Awith naane. Waaada king kiyala hithan inne. 
තාම මේ තුලාවෙ කියපු එක ඩෙයක්වත් සාක්ශි ඇතිව ඔප්පු කරගන්න බැරි උන කෙනෙක් තමන් එක්ක වාද කරන්න වෙන කාටවත් බෑ කියල හිතාගෙන ඉන්නවා. ඔච්චර පීචන් වෙන්න එපා මනුස්සයො.
Like · Reply · 2 hrs
Athula Siriwardhane
Athula Siriwardhane පීචන් වෙන්නෙ මම නෙවෙයි සංජය..
මගේ ලිපි පල නොකරන තැනට
ඇඩ්මින්වරුන්ට බලපෑම් කළ වෛද්‍යවරුමයි..
Like · Reply · 2 hrs
Sanjaya Kelum
Sanjaya Kelum නා මගෙ පටියො. ඔයා. ඔයා මෙතන බිම පෙරලි පෙරලි කියන හිතලු ඔප්පු කරන්න පුලුවන් එක සන්ක්‍යලේඛනයක් හරි දත්තයක් හරි ඉදිරිපත් කරාද? හිතින් හිතල මිනිස්සුන්ට එක එක දේවල් කියන්න පුලුවන්. එත් ඒක ඇත්තක් වෙන්නෙ නෑ. ඇත්තක් වෙන්නන්ම් ඒවා ඔප්පු කරන්න ඕන. 
ඔයා කියන කිසි දෙයක් ඔයාට ඔප්පු කරන්න බැරි නිසයි ඔයා පීචන් වෙන්නෙ
Like · Reply · 1 · 1 hr
Athula Siriwardhane
Athula Siriwardhane .
වෛද්‍යවරුම පිළිගත්තා
ඔවුන්ගේ මතය අභිබවමින් මගේ මතය

මිනිසුන් පිළිගත්තා කියලා.
ඒ මතය නිවැරදියි කියා
සහතිකයක් නොතිබුණාට
වෛද්‍යවරු තුළ ඒ බය ඉතා තදින් තිබුණා.

වෛද්‍යවරු ප්‍රසිද්ධියේම ඇඩ්මින්වරුන්ට
බලපෑම් කළා.
Like · Reply · 1 hr
Athula Siriwardhane
Athula Siriwardhane සාමාන්‍ය මිනිස්සුන්ට සංඛ්‍යා ලේඛන අවශ්‍ය නෑ.
මිනිස්සු ජනපති පත් කරන්නෙ
පාර්ලිමේන්තුව පත් කරන්නෙ

සංඛ්‍යා ලේඛන බලල නොවෙයි..
මිනිස්සුන්ට ඉවක් තියනවා.

වෛද්‍යවරු අවංක නැති බව 
මිනිස්සු දන්නවා.
වෛද්‍යවරු ගන්න පාර්ශවය 
සාධාරණ නැති බව 
මිනිස්සු දන්නවා.

ලිප වාරණය වගේ 
අතුරු මාර්ග නැතුව
ඔවුන්ට ජයගන්න බෑ.
Like · Reply · 1 hr
Achala Ranasinghe
Achala Ranasinghe කමක්නෑ ආයෙ කියන්නං. ඔබ වැනි අයෙක් වෛද්යවරුන්ගෙ ප්‍රමිතිය වෛද්ය සභාවේ ප්‍රමිතිය වෛද්ය අධ්යාපනයේ ප්‍රමිතිය වගේ දේවල් ගැන කතාකරාට අපිට කමක් නෑ. මොකද ඒකට කිසි credibility එකක් නෑ හා හිට් උනත් ඒක සාමාජීය කතිකාවතක් විතරයි.. 

නමුත් immunization programme වග
ේ සංවේදී දේවල් ගැන දුර්මත ප්‍රචාරනය භයානකයි. antivax campaign එක හැමතැනම පටන් ගත්තෙ technical details ගැන මුකුත් නොදන්න කලාකාරයො තමයි. සහ ඒ damage එක irriversible .ඒකයි ඔබේ මතවලට අනවශ්ය ප්‍රසිද්දියක් දීමේ අවදානමත් අරන් කරුනු දැක්කුවෙ. 
ඔයාගෙ මත ප්‍රචාරනය තුලාවෙ ඇඩ්මින්ල වාරනය කරානං ඒක හොඳ තීරනයක්. ජය පරාජය වැදගත් නෑ. සමාජයට වන ප්‍රතිපලයයි වැදගත්. අනික ඔබම කියූ ආකාරයට තීරනයක් නැති වෙලාවක තමන් දිනුම් කියල උදම් අනන්නෙ යටිසිතින් පරාජයේ හීනමානයෙන් පෙලෙන කෙනා.
Like · Reply · 1 · 1 hr · Edited
Achala Ranasinghe
Achala Ranasinghe .//සාමාන්‍ය මිනිස්සුන්ට සංඛ්‍යා ලේඛන අවශ්‍ය නෑ.
මිනිස්සු ජනපති පත් කරන්නෙ
පාර්ලිමේන්තුව පත් කරන්නෙ

සංඛ්‍යා ලේඛන බලල නොවෙයි..//

අන්නේකයි ඔබේ මතය
ප්‍රචාරනය හානිකර. interlectual forum එකකදි ඕක පහසුවෙන්ම පරාජය කලහැකි උනත් අපි දිගටම ඇඩ්මින්ලට ඕව නවත්තන්න කිව්වෙ ඒකයි.
Like · Reply · 1 hr · Edited
Sanjaya Kelum
Sanjaya Kelum අනේ මන්දා මෙහෙමත් මානසිකත්වයක්
Like · Reply · 1 hr
Athula Siriwardhane
Athula Siriwardhane .
වෛද්‍ය නාමල් ගමගේ මහතා ගැන 
"සංසරණී" බ්ලොග් ඒකේ පළකළ ලිපිය

දින කිහිපයක් තුළ
මගේ බ්ලොග් එකේ 43000ක් ඉක්මවා කියෙව්වා.
මගේ බ්ලොග් එකේ මුලු කාලය තුළම කියවූ
ලිපි සංඛ්‍යාව දෙලක්ෂ පන්දාහයි.
එයින් හතරෙන් පංගුවක් විතර 
කියවා තියෙන්න මේ ලිපිය.

මෛත්‍රී හොඳටම ජනප්‍රිය කාලෙ පළ කල
ඔහුගෙ පවුල ගැන ලිපිය තවම කියවා තියෙන්නෙ
11000ක් විතර ප්‍රමාණයක්.

මේ පිළිබඳව මගේ වෝල් එකේ ලිපිය
1300ක් Share කළා..

මිනිස්සු හොඳ වෛද්‍යවරුන්ට 
හද පත්ළෙන්ම ගරු කරනවා.
එකම වෛද්‍යවරයෙක් විතරක්
වෛද්‍ය නාමල් ගමගේ මහතා ගැන 
හොඳක් කියා තියනවා.
අන් වෛද්‍යවරු නිහඬයි.

Like · Reply · 1 hr · Edited
Athula Siriwardhane
Athula Siriwardhane .
තමන්ගෙ වාසියට රෝගීන් පාවා දෙන
පාසලට ළමුන් දාගන්නටත් වර්ජන කරන
...See More
Like · Reply · 1 hr
Sanjaya Kelum
Sanjaya Kelum හොන්දටම තේරුනා ඔයාගෙ බ්ලොග් එකට පබ්ලිසිටි එක දෙන්නයි මෙච්චර මිනිස්සු ඉස්සරහ පීචන් වෙන්නෙ. එල එල අතුල.
Like · Reply · 1 · 1 hr
Athula Siriwardhane
Athula Siriwardhane .
දෙලක්ෂයක් කියවූ බ්ලොග් එකකට 
අමුතුවෙන් පබ්ලිසිටි අවශ්‍ය නෑ.

මට ඒ බ්ලොග් එකේ විශේෂ වටිනා කමකුත් නෑ.
Like · Reply · 1 hr
Athula Siriwardhane
Athula Siriwardhane .
එක වෛද්‍යවරයෙක් 
අනික් සියලුම ලිපි වල අගය බැස්සුවා.

ඒ ලිපිය මම ලියූවකුත් නොවෙයි..
වෙන දෙදෙනෙකුගේ ලිපි දෙකකින්
මම සැකසූ ලිපියක්..

එයින් පෙනෙන්නේ
හොඳ කරුණාවන්ත වෛද්‍යවරයෙකුට
ලංකාවේ තියන පිළිගැනීමේ මහිමයයි.
අදත් බොහෝ නරක වෛද්‍යවරු
තමන්ගේ ප්‍රශ්න වලට විසඳුම් සොයා ගන්නේ
එවැනි උතුම් වෛද්‍යවරුන්ට තියන සැලකිල්ල
අවභාවිතා කරමින්.
Like · Reply · 1 hr · Edited
Athula Siriwardhane
Athula Siriwardhane වෛද්‍යවරු දිනුවෙ සුදු වෑන් එවලා. :D
ප්‍රතිශක්තිකරණය ගැන
තුලාවට මොනවත් ලියන්න මට බෑ.
Like · Reply · 1 hr
Sanjaya Kelum
Sanjaya Kelum අනේ අතුල අසරණ උන තරමක්
Like · Reply · 1 hr
Ruseik Rahumath
Ruseik Rahumath යම්කිසි ක්ෂේත්‍රයක ප්‍රවීණයන් (Experts) බ්ලොක් කර , ඒ ක්ෂේත්‍රය ගැන කියවීම කොතරම් සදාචාරාත්මකයිද? 

ඒ අදහස් පිලිබද Experts opinion එක දැන ගැනීම පොදුජනයාගේ අයිතියක් නෙමේද?
Like · Reply · 1 · 1 hr
Athula Siriwardhane
Athula Siriwardhane .
Expert කෙනෙක් හැසිරිය යුත්තෙ
Expert කෙනෙක් වගේ සංයමයෙන් යුතුව ශීලාචාරවයි..

ඔහු හැසිරෙන්නෙ දාමරිකයෙක් වගේ නම්
ඔහුගෙ Expert කම සහතිකයක් විතරයි.

බ්ලොක් කිරීම ඔබත් මාත් අතර දෙයක්..
මම කෙනෙක් බ්ලොක් කිරීම තුලාවට අදාළ නෑ
කියා ඇඩ්මින් කෙනෙකු වන පාලිතම කිව්වා.
Like · Reply · 1 hr · Edited
Athula Siriwardhane
Athula Siriwardhane .
මම තිළිණ බ්ලොක් කළාට
තිළිණගෙ අදහස් තුලාවෙ බ්ලොක් වෙලා නෑ.

ඔහුගෙ අදහස තුලාවෙ පළ වෙනවා.
මගේ පිළිතුර වාරණය වෙනවා.
Like · Reply · 1 hr · Edited
Ruseik Rahumath
Ruseik Rahumath බ්ලොක් කරාම කොහොමද ඔහුගේ අදහස් බ්ලොක් නොවෙන්නෙ, ඔබ මොනව කියනවද ඔහු දන්නෙ කොහොමද?
Like · Reply · 59 mins
Athula Siriwardhane
Athula Siriwardhane .
ඔහු කියන දේ මටත්
මා කියන දේ ඔහුටත් දැනගන්න

ෆේස්බුක් තාක්ෂණය තුළ ඉඩ තියනවා.
අපි මුහුණට මුහුණ මුණ නොගැසෙනවා පමණයි.
මම බ්ලොක් කළ අයට මාත්
මට ඔවුනුත් නිල වශයෙන් නොපෙණුනාට
අපි තාක්ෂණිකව අන්ධ වෙලා නෑ.
Like · Reply · 57 mins
Ruseik Rahumath
Ruseik Rahumath බ්ලොක් කරාම කොහොමද ඔහුගේ අදහස් බ්ලොක් නොවෙන්නෙ, ඔබ මොනව කියනවද ඔහු දන්නෙ කොහොමද?

පිළිතුර :- 


.
ඔහු කියන දේ මටත්
මා කියන දේ ඔහුටත් දැනගන්න
ෆේස්බුක් තාක්ෂණය තුළ ඉඩ තියනවා.
අපි මුහුණට මුහුණ මුණ නොගැසෙනවා පමණයි.
මම බ්ලොක් කළ අයට මාත්
මට ඔවුනුත් නිල වශයෙන් නොපෙණුනාට
අපි තාක්ෂණිකව අන්ධ වෙලා නෑ.

(ඔය කියන්නෙ "මොකක් හරි ජිල්මාට්" එකක් දාල දැන ගනී කියන එක නේ!, ජිල්මාට් දාන මිනිස්සුන්ට නෝමල් උනාට අනිත් අයට ඒක ඇබ්නෝමල්)
Like · Reply · 43 mins
Athula Siriwardhane
Athula Siriwardhane ජිල්මාට් එකක් නෑ..
වෙන FB ගිණුමකින් බලාගන්න පුලුවන්..
තුලාව Public Group එකක්.
Like · Reply · 1 min
Athula Siriwardhane
Athula Siriwardhane .
වෛද්‍යවරු කිහිප දෙනෙක්
කිහිප තැනකම පිළිගත්තා

ඔවුන්ගේ මතය අභිබවමින් මගේ මතය
මිනිසුන් පිළිගන්නවා කියලා.
ඒ මතය නිවැරදියි කියා
සහතිකයක් නොතිබුණාට
වෛද්‍යවරු තුළ ඒ බය ඉතා තදින් තිබුණා.
සමහරු ඔවුන්ගෙන් ඇහුවා
වෛද්‍යවරු පිරිසක්
එක සිත්තරෙකුගෙ අදහස් වලට
ඇයි ඔයතරම් බය වෙන්නෙ කියලා.

ඒ අනියත බිය නිසා
වෛද්‍යවරු ප්‍රසිද්ධියේම ඇඩ්මින්වරුන්ට
බලපෑම් කළා.
Like · Reply · 59 mins · Edited
Sanjaya Kelum
Sanjaya Kelum අතුලගෙ අසරනකම. අනේ අතුල
Like · Reply · 1 hr
Kashmir Karunanayake
Kashmir Karunanayake අතුල දිනුවා? මට මතකයි හැබැයි කිසිම විදියකට මාත් එක්ක වාදය දිනන්න බැරි වුණාම මගේ ඉස්කෝලෙට අපහාස කර කර අතුල මාව අවුස්ස ගන්න උත්සාහ කළා. පරාජය හමුවේ වියරු වැටුණ අතුල අන්තිමට ප්‍රතිශක්තිකරණ ,ප්‍රතිජීවක වැනි කතාබහ මැදට බුදුදහම යි ආයුර්වේදය යි ගේන්න මෝඩ උත්සාහයක නිරත වුණා මට මතකයි. ඔය වගෙ කුප්ප සහ නිහීන වැඩ ගැන ගොඩක් අනතුරු අගවලා,එපා කියද්දී එකම දේ නැවත නැවත පළ කරල අතුල ඇඩ්මින්වරු එක්ක ගැටුමක් හදාගත්ත.තමන්ගෙ වයසට ගැළපෙන පරිණතභාවය නැති වුණාම මිනිස්සුන්ට ඔහොම වෙනව.
Like · Reply · 2 · 56 mins
Athula Siriwardhane
Athula Siriwardhane .ඔබේ පාසලට මම කී දෙයින් අපහාස වෙන්නෙ නෑ.
ඔබ ඒ විදියට අර්ථ දක්වනවා පමනයි..
අපහාස වෙනවා නම් සිසුන්ගෙ හැසිරීමෙන්..
Like · Reply · 55 mins · Edited
Athula Siriwardhane
Athula Siriwardhane Kashmir
ඇඩ්මින්වරු ලවාම
මගේ අදහස් වාරණය කරවා ගන්න

ඔය තරම් ලොකු "වෘත්තීයවේදීන්" කල්ලියක් 
නොකඩවා ක්‍රියා කිරීම තුළ
මගේ පරිණතභාවය ගැන රූපය
කියවන අයට පෙනෙනවා.
Like · Reply · 50 mins · Edited
Kashmir Karunanayake
Kashmir Karunanayake නොගැළපෙන,නොපෑහෙන,කිසිදු සාක්ශියක් නැති බොරු මතයක් නැවත නැවත ඉදිරිපත් කොට මේ රටේ ළදරුවන්ගේ අහිංසක දරුවන්ගෙ ජීවිත අනතුරේ හෙළන්නට ගන්නා උත්සාහයෙන් අතුලගේ වියරුබව පෙනෙනව .
Like · Reply · 2 · 52 mins
Athula Siriwardhane
Athula Siriwardhane ඔබලා ක්‍රියාකරන්නෙ බුද්ධියෙන්..
බුද්ධිය අංග විකලයි.


ප්‍රඥාවෙන් පරිණතභාවයට 
වයස අදාළ නැහැ.
අදාල වෙන්නෙ සිහිය උපේක්ෂාව සහ ප්‍රඥාවයි.
Like · Reply · 50 mins
Athula Siriwardhane
Athula Siriwardhane මතය බොරු නම් 
ඇත්ත යොදාගෙන මතය බිඳින්න ඕන.
ඒක වෛද්‍යවරු කල්ලියම එකතු වෙලාත් 

කර ගන්න බැරි වුණා.
මගේ අදහස් පළ න්වෙන තැනටම
බලපෑම් කළා.

මතය වාරණය කරලා
මට පිළිතුරු දෙන්න අවස්ථාව නැති කරල
"මතය බොරුයි කීම" ත්‍රස්තවාදී ක්‍රියාවක්..
Like · Reply · 47 mins · Edited
Kashmir Karunanayake
Kashmir Karunanayake මගේ ඉස්කෝලයට අපහාස කළාට පසුව කියනව ඒක මා අර්ථ දක්වන විදිය ලු. සාමාන්‍ය ලෝක ව්‍යවහාරය ඔබ අපහාස කළ විදියයි. ඔබේ අපහාසය මා තෙරුම් ගත් අන්දම ත් ලෝක ව්‍යවහාරය යි.
Like · Reply · 50 mins
Kashmir Karunanayake
Kashmir Karunanayake සතිය පිහිටුවගෙන පාඩම් නොකළ අයෙක්ට වෛද්‍ය විද්‍යාලයට එන්නට බෑ .උපේක්ෂාව නොතිබුණ අයෙක්ට වෛද්‍ය විද්‍යාලයේ දහසක් දුක් කම්කටොලු දාරාගෙන,දහසක් පැසසුම් දරාගෙන ඉන්නට බෑ .වෛද්‍ය වෘත්තියෙත් එහෙමයි . හැම රෝගියෙක් ම තවත් රෝගියෙක්ගෙන් වෙනස්. හැම රෝගියාටම මෙන්න මේ විදියට ප්‍රතිකාර කරන්නැයි ලියූ පොතක් නෑ .ප්‍රතිකාර විදිය හදුනාගන්නට උපකාර වන්නේ ප්‍රඥාවයි. නමුත් මේ ගුණ කිසිවක් ඔබ සතුව නැති බව ඔබේ වියරු හැසිරීමෙන් පෙනී යනව
Like · Reply · 2 · 46 mins
Athula Siriwardhane
Athula Siriwardhane ඔබේ පාසල ගැන මා කී දෙයින්
ඔබේ හිත රිදුණා නම් මට සමා වෙන්න. Kashmir.
දැන් අපේ මාතෘකාව ගැන කතා කරමු..

වෛද්‍යවරු මට මේතරම් බය වෙන්නෙ ඇයි.?
මම නූගත් චිත්‍ර ශිල්පියෙක්..
ඔබලා ඉහළ පෙළේ වෛද්‍යවරු..
Like · Reply · 45 mins
Athula Siriwardhane
Athula Siriwardhane .
සිහිය උපේක්ෂාව ප්‍රඥාව අවශ්‍ය වෙන්නෙ 
වෛද්‍ය විද්‍යාලයෙදි පමණක් නොවෙයි.

සමාජ ප්‍රශ්න වලදි ඊටත් වඩා වැදගත්..
Like · Reply · 43 mins · Edited
Kashmir Karunanayake
Kashmir Karunanayake අතුලගෙ සියලුම දුර්මත අනේක වාරයක් සත්‍යය යොදාගෙන වෛද්‍යවරු බිදහෙළලා යි තියෙන්නෙ. අවාසනාවකට වගේ පරාජයෙන් වියරු වැටුණු අතුලට පේන්නෙ නෑ මේ සත්‍යය .නැතිනම් ඔහු සත්‍යය දකින්න කැමති නෑ .
Like · Reply · 2 · 43 mins
Athula Siriwardhane
Athula Siriwardhane මම පැරදුණෙත් නෑ..
ඔබලා දිනුවෙත් නෑ Kashmir
ඔබලා මගේ අදහස් වාරණය කෙරුවා..

දැන් ඔබලා පාලු ගෙයි වළන් බිඳිනවා.
Like · Reply · 42 mins · Edited
Sanjaya Kelum
Sanjaya Kelum පැරදුන අතුලගෙ ලජ්ජාව වහගන්න විදි. 
අතුල හිතන්නෙ කියන කියන හැම දේකටම මොඩ කතවක් කිඋවම තමන් වාදෙ දිනනව කියල. අනේමන්දා මෙහෙමත් ලැජ්ජ නැති ම්නුස්සයෙක්. ඇත්තමයි මිනිහෙක් මෙතරම් පජාත වෙනවා දැක්කමයි.
Like · Reply · 2 · 40 mins
Athula Siriwardhane
Athula Siriwardhane සාමාන්‍ය මිනිස්සුන්ට සංඛ්‍යා ලේඛන අවශ්‍ය නෑ. Achala.
කීදෙනෙකුට අතුරු ආබාධ හැදුණාද
කීදෙනෙක් මැරුණාද කියන එක වැදගත් වෙන්නෙ

මිනිස්සුන්ට නොවෙයි..
ඒ එන්නත සල්ලි දීල ගත්ත රජයට සහ
ඒ එන්නත විකිණුව සමාගමටයි.
එක දරුවෙක් එන්නතකින් මැරුණාම
ලංකාවෙම ඉන්න සංවේදී මාපියන් කම්පා වෙනවා.
කමක් නෑ අනික් අය හොඳට ඉන්නවා කියල
නරුමයන් සතුටු වෙනවා.
මාව වාරණය කරන්නෙත් ඒ ආකල්පයෙන්ම තමයි..
Like · Reply · 38 mins
Kashmir Karunanayake
Kashmir Karunanayake ඔබ ට නොව ඔබ පතුරන බිහිසුණු මතවාදය ට අපි බයයි.මොකද අනතුරේ වැටෙන්නෙ එක ජීවිතයක් නෙවෙයි මේ රටේ දහස් ගණනක් අහිංසක ළමා ජීවිත. ඔබ අනුගමනය කරන්නෙ ගොබෙල්ස් න්‍යාය.ඔබට විරුද්ධ මතධාරින් block කරමින්,එකම දේ ඔබ නැවත නැවත කියනව.බොරු කියල අපි ඔප්පු කළ කරුණු නැවත නැවත කියනව.එතකොට යම් දවසක් එනව එක මෝඩ මනුෂ්‍යයෙක් හෝ ඔබව පිළිගන්න .එදාට ඔහුගෙ කටින් තවත් කෙනෙක්ට ඔබේ මතවාදය යනව.ඔහු මෙතන නැති කෙනෙක් නම් අපේ මතය දන්නෙ නෑ .ලංකාවෙම මිනිස්සු මේ තුලාවෙ නෑ නෙ.ඉතින් මේ බිහිසුණු මතය ගින්නක් වගේ ඇවිලිලා යන්න පුලුවන් .අපි අන්න ඒකට බය යි
Like · Reply · 1 · 38 mins
Athula Siriwardhane
Athula Siriwardhane .
මේ හැම වචනයකින්ම හෙළි වෙන්නෙ
එක නූගත් චිත්‍ර ශිල්පියෙකුට මුහුණ දෙන්න

ඔබේ සමස්ත වෛද්‍ය විද්‍යා දැනුම
ප්‍රමාණවත් නැති බවයි.. Kashmir...
ඔබ කියන දේට වඩා පැහැදිළි සත්‍යයක්
මා කියන දේ තුළ ඇති බවයි.
ඔබ බය මට නොවෙයි. සත්‍යයටයි..

බොරුව පතුරුවන්න සත්‍යය වාරණය කළ යුතුයි.
Like · Reply · 35 mins · Edited
Kashmir Karunanayake
Kashmir Karunanayake නෑ .මෙයින් හෙළිවෙන්නෙ ගොබෙල්ස් ගෙ න්‍යායෙ ඇති බිහිසුණු බවයි,ලංකාවේ මිනිසුන්ගෙ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ඇති දුර්වල කියවීම යි. මම කියන දේට වඩා පැහැදිලි සත්‍යයක් ඔබේ කතාවෙ ඇත්නම් ඇඩ්මින්වරු ඔබව වාරණය කරන්න විදියක් නෑ .ඔබේ කොමෙන්ටුවලට මෙතරම් අඩු ලයික් ගණනක් වැටෙන්න විදියක් නෑ .ඔබේ කතාව පිළිගන්න තව මිනිසුන් සීයක්වත් මේ තුලාවේ සිටින්න ඕනෑ.නමුත් එහෙම නෑ . පරාජය හමුවේ දරාගත නොහැකි ,උපේක්ෂාව ගැන බණ දෙසන නමුත් එය සැබෑවටම නොමැති අයෙක්ට බොරුවක් සත්‍යයක් ලෙසම දිගින් දිගටම පෙනීම ගැන මට අරුමයක් ඇත්තෙත් නෑ .
Like · Reply · 2 · 31 mins
Athula Siriwardhane
Athula Siriwardhane දාමරිකයන් රැලක් හමුවේ
මිනිස්සු ලයික් කමෙන්ට් දාන්න කැමති නෑ.
මම නොසැලී සිටියාට අනික් අයට එහෙම බැහැ.
...See More
Like · Reply · 18 mins · Edited
Athula Siriwardhane
Athula Siriwardhane බොරුව පතුරුවන්න සත්‍යය වාරණය කළ යුතුයි.
Like · Reply · 9 mins