Thursday, March 16, 2017

මායි මගේ බිරිඳයි - දොස්තර කැලෑ පත්තර සහ දොස් තොර උත්තර



මේ කැලෑ පත්තරය
සයිටම් අර්බුදය පිළිබඳව
වෛද්‍යවරුන් සහ වෛද්‍ය ශිෂ්‍යයන් සමග
"තුලාව" සමූහයේ කළ වාද විවාදවල
එක් ප්‍රතිඵලයක් ලෙසින් "තුලාවෙ"හි පළ කරන ලද
ෆේක් එකවුන්ට් ප්‍රකාශයකි.
මේ කැලෑ පත්තරය
කවුරුන් හෝ වෛද්‍යවරයෙකුගේ
අංගවිකල සිතුවිල්ලකි.
[ සම්පූර්ණ කැලෑ පත්තරය
මේ ලිපිය අවසානයෙහි දැකිය හැක. ]

සභාවක පිරිසක් ඉදිරියේ ප්‍රශ්න කරන්නට
චරිත ශක්තියක් නැති පහත් ජන්මයක් සහිත
බාලයන්ගේ කැලෑ පත්තර වලට පිළිතුරු ලිවීම
මා වැන්නෙකුට නොතරම් වුවද
මෙවැනි නිපන්දුවකට නිදැල්ලේ පහරදී
ලකුණු හයක් ලබා ගැනීමේ හැකියාව අතැතිව
නිදැල්ලේ පාව යන්නට හරින්නේ මන්දැයි සිතා
පිළිතුරු ලියන්නට සැරසෙමි.

මගේ පවුලේ විස්තර සහ
දූ දරුවන්ගේ තොරතුරු ප්‍රචාරණය
මගේ සිරිත නොවුවත්
අවැසි විට අවැසි පමණට හෙළි කරමි.

කැලෑ පත්තරයෙහි මෙසේ සඳහන් වෙයි.
[[[ඉශාරා මට මුලින්ම මුන ගැසෙන්නෙ විපස්සනා වැඩසටහනකදීය..මගේ සැමියත් මමත් මැදිවිය ඉක්මවු පසු සහභාගීවු පලමු විපස්සනා වැඩ සටහන එය විය.. එයට  ඕ කැටුව ආයේ මැදිවිය ඉක්මවු පිරිමියෙකි.. ඔහු ඇගෙ ස්වාමිපුරුෂයා බව මා දැනගත්තෙ ඇය හා කුලුපග වූ පසුවය. අඩු වයසින් විපස්සනා වැඩීමට තරම් ඇයට විවාහය නිරුදක කතරක් වී තිබින.. ]]]]

මගේ බිරිඳ
මුලින්ම විපස්සනා පාඨමාලාවකට සහභාගිවූයේ
11 වසර විභාගයෙන් පසුවයි.
ඉන් පසුව ඇය උසස්පෙළ ව්‍යපෘතිය සඳහා
විපස්සනා පාඨමාලාව තෝරාගත් නිසා
ඒ සඳහා අත්දැකීම අලුත් කරගැනීමට
නැවත වරක් විපස්සනා පාඨමාලාවකට
සහභාගි වූවාය.
අපේ විවාහයෙන් පසුව
ඇගේ තුන්වෙනි දස දින පාඨමාලාව කළේ
ඒ වන විට පිළිසිඳගෙන සිටි පුතා වෙනුවෙනි.

විපස්සනා වැඩීමට හොඳම වයස කුමක්දැයි
ගොයෙන්කා තුමාගෙන් විමසූ විට
එතුමා දුන් පිළිතුර වූයේ ."මවුකුසේ සිටියදී"ය.

ඇගේ දෙවන පාඨ මාලාවට පෙර
තුන් දින විපස්සනා පාඨමාලාවකට සහභාගිවීමට
අප අනුරාධපුරයේ සිට නුවර බලා
බස් රියෙන් ගමන් කරද්දී
තේ පානය සඳහා මාතලේදී බස් රිය නතර කළ අවස්ථාවේ
කුසේ සිටි බිලිඳා පළමු වරට චලනය විය.

තෙදින පාඨමාලාවේ පළමු දින රෑ පෙරයම
ආනාපාන සති කමටහන් අඩංගු දේශනය අවසානයේ
ගොයෙන්කා තුමා තෙවරක්
"භවතු සබ්බ මංගලම්" පාඨය කියද්දී
පුතා නැවතත් චලනය විය.

ඉන්දියාවේ හයිද්‍රාබාද් නගරයේ පිහිටි
විපස්සනා භාවනා මධ්‍යස්ථානයේදී
අපි පුතා වෙනුවෙන්
තවත් පාඨමාලාවකට සහභාගි වූයෙමු.


[[[ 2014 දී නැවත මට ඇයව මුනගසෙන්නෙ අහම්බෙන් මෙන් මිහින්තලෙදීය..එවිට ඈ දෙදරු මවක්ව සිටියාය.ඉන්දියානු නඩයක් සමග වන්දනාවෙ පැමිණ සිටි ඈ ලද ඇසිල්ලෙන් මා හා දොඩමලු විය..ඇගේ සැමියා කැමරාවක් අත රැගෙන වන්දනා නඩය චායරූපගත කරමින් සිටි..
(අඹු දරුවන් ගැන වගක් වත් පෙනෙන්නට නැත) ]]]
අප එකිනෙකා වෙනුවෙන් කරන
පරිත්‍යාග අපමණය.
මෙවැනි අවස්ථා ඇයට සුළු දෙයකි.

[[[බොහෝ කලකට පසුව මුණ ගැසුන මුත් ආගිය තොරතුරුත් පවුලේ විස්තරත් ඇය නොසගව පැවසුවාය.කාලයක් තිස්සේ හිතෙ තෙරපී තිබු යම් පීඩනයක් 
කාට හෝ පැවසීමෙන් නිදහස් කර ගැනිමට ඇයට සිතුනා වියයුතුය..]]]
අපි නාඳුනන පුද්ගලයන් හමුවේ විවෘත නොවෙමු.
අපේ විවාහයෙන් පසුව
පිට කෙනෙක් සමග පවුලේ ප්‍රශ්නයක් පැවසුවා නම්
ඒ එකම දෙයක් පිළිබඳව බව මගේ බිරිඳ පවසයි.
ඒ ඇගේ දෙමාපියන් සම්බන්ධ ප්‍රශ්නයකි.
අපේ තොරතුරු කතා කරන නමුත්
අපේ ප්‍රශ්න පිළිබඳව පැමිණිළි කිරීම
අප දෙදෙනාටම නුහුරු බාල ක්‍රියාවකි.
මේ සත්‍යය මා දන්නා හඳුනන
සියල්ලෝම හොඳින් දනිති.

වෙනත් කෙනෙකු ප්‍රශ්නයක් රැගෙන ආවිට
මා ඔහුට කියන්නේ විපස්සනා වඩන මෙනි.
සති දෙක තුනකට පෙර එවැනි ප්‍රශ්නයක් මට කී කෙනෙක්
මේ වනවිට පාඨ මාලාවකට සහභාගිවෙමින් සිටියි.

අපේ ප්‍රශ්න විසඳෙන තුරු හෝ
සම්මුතියකට එළඹෙනතුරු
පැය ගණනක්, දින ගණනක් හෝ
සති ගණනාවක් වුවද
සංවාද කිරීම අපේ ස්වභාවයයි.

අපේ ප්‍රශ්න විසඳා දිය හැකි කෙනෙක්
අපි දන්නා අය අතර අපට නැත.

 [[[ වසර 8 පිරුනු ඇගේ විවාහය දොම්නසින්ම පිරිපුන් වුවකි..
දෙදෙනා අතර ඇති වයස් පරතරය නිසාම ඇයට පිරිම් මිතුරන් ඇසුරට තහංචි වැටින.]]]

අපේ වයස් පරතරය මත
අපට මුහුණදෙන්නට විය හැකි ප්‍රශ්න අවම කිරීම සඳහා
වෙනත් ස්ත්‍රී පුරුෂ සබඳතා පවත්වන සීමාවන් පිලිබඳව
අප විවාහ වන්නටත් පෙර සිටම
අප දෙදෙනා සම්මුතිකව එකඟවූ
පැහැදිළි නිර්ණායක ඇත.
අපි දෙදෙනා වෙනුවෙන්
ඕනෑම අන් සබන්නදතාවයක් අත් හරින්නට
අපි දෙදෙනාම සූදානම්ය.
අපට අප දෙදෙනා තරම් සමීප මිතුරන්
මෙලොව නැති හෙයින්
වෙනත් සබඳතා පිලිබඳව පිපාසයක් අපට නැත.

[[[ කාන්තාවකගේ ඔනෑ එපාකම් ගැන ඔහුට වගක් නැත.. ]]]
මේ ප්‍රකාශය පිළිබඳව සත්‍ය අසත්‍යතාවය
මගේ බිරිඳ තරම් හොඳින් දන්නා
වෙනත් කෙනෙක් නැත.

[[[ අන්තර්ජාලයේ පැය ගණන් ගතකිරීමට වෙලාව ඇති මුත්
ළමුන් හා ගතකිරීමට ඔහු ලග වෙලාව නැත. ]]]

අන්තර්ජාල භාවිතයෙන් සපුරා වැලකී
මා ඔවුන් සමග මසක් පුරා ඉන්දියාවේ සංචාරය කළේ
මීට මාස කිහිපයකට පෙරයි.
අවශ්‍ය ඕනෑම අවස්ථාවක අන්තර්ජාලයෙන් මිදී
වෙනත් කටයුතු වලට යන්නට මට හැකියාව ඇත.
විපස්සනා වඩන්නන්ට ඇබ්බැහි වීම් නැත.

පුතා අඹන මූර්තියක්, දෝණි ලියන කතාවක්
ඔවුන් අඳින චිත්‍රයකදී මගපෙන්වීම සඳහා
ධර්ම කාරණයක් පහදා දීම සඳහා
ඔවුන් වෙනුවෙන් ගත කරන්නට කාලය මට අසීමිතව ඇත. ...
දරු සුරතල් පෑම, නැලවීම, ඔවුන්ට හෝ මට අවශ්‍ය නැත.

[[[ තම දියනිය ත්‍රිරොද රථයක බිහිවුයේ ඔහුගේ මෙම නොසැලකිල්ල  නිසාය ]]]

දෝණි ත්‍රී රෝද රථයක බිහිවීම
අප සලකන්නේ
අප ලද විරල ජයග්‍රහණයක් ලෙසිනි.
බටහිර වෛද්‍යවරුන් විසින්
සිය උදර පෝෂණය අරමුණු කරගෙන
මාරාන්තික අවදානමක් ලෙස මවා පෙන්වා
ගැබිණි මව්වරුන් භීතියට පත්කොට ඇති
සරල ස්වාභාවික දරු උපතක අත්දැකීම
එහි සැබෑ ස්වරූපයෙන් අත්විඳින්නට හැකිවීම
අපේ වාසනාවක්.

ඇය බිහි වන්නට දින දී තිබුණේ සති දෙකකට පසුවයි.
ඒ වනවිට වසර දෙකහමාරක් වූ පුතා
සීගිරි යන්නට දැක්වූ දැඩි ආශාව
ළදරුවා බිහි වන්නට පෙර ඉටු නොකළොත්
තවත් වසර දෙක තුනකින් ප්‍රමාද විය හැකි නිසා
ඔහු වෙනුවෙන් අපි සීගිරි නැග්ගේ ජූලි 7වැනිදායි.
පුතා තනිවම සීගිරියේ පඩි දහසම නැග්ගා.
මගේ ගැබිණි බිරිඳත් ඔහුගේ වේගයට අනුව
අපහසුවකින් තොරව සිගිරිය නැග්ගා.
එදින රාත්‍රියේම දුම් රියෙන් කොළඹ පැමිණියා.

කොළඹ පැමිණ දවස් දෙකකට පසුව
රාත්‍රී 1ට පමණ බිරිඳට ප්‍රසව වේදනා පහළ වුණ වෙලාවෙ
අපි කතා කරගෙන තිබුණ වාහනයෙ අයිතිකරු
ෆෝන් එකට පිළිතුරු දුන්නෙ නෑ.
ඔහු ෆෝන් එක එළියෙ කාමරේ තියල
ඇතුළෙ නිදා ගත් බව පසුව පැවසුවා.

කලින් අපි විසූ කුලී නිවසක අයිති කරුවන්
ඒ අසල කුඩා නගරයක
වාසයට පැමිණ තිබුණ නිසා ඔවුන්ට ෆෝන් කළා.
අපේ නිවසට වෑන් රථයක් සොයා එවන මෙන්
මා ඔවුන්ට කිවුවත් වෑන් රියක් සොයාගත නොහැකිව
ත්‍රී වීලරයකින් ඔවුන් දෙපළ පැමිණ තිබුණා.

සැමියා අපේ ගෙදර නවත්වා
ඒ කාන්තාව මවක් මෙන් ක්‍රියා කරමින්
බිරිඳගේ හිස උකුලට ගෙන වාඩි වුණා.
මම අසුනේ ගැට්ටේ යන්තම් හිඳගත්තා.
එවකට වයස දෙකහමාරක් වූ පුතා
මා අසලින් සිටගෙන ගියා.

සීදුවත් මීගමුවත් අතර දී
"ඔන්න ඔන්න එනවා" යි බිරිඳ කිව්වා.
මම මගේ අත ඇල්ලුවා.
දෝණි ඉතා සීරුවෙන්
කිසිදු අපහසුවකින් තොරව
මගේ අත උඩට ලිස්සා ආවා.
බිරිඳ හඬක්වත් නැගුවේ නෑ.
ත්‍රී වීලරයේ පසෙක අලවා තිබූ
ළදරුවෙකුගේ විශාල ඡායාරූපය සහ දෝණි
මාරුවෙන් මාරුවට පෙන්වමින්
"බබා,... බබා" යි පැවසූ ආකාරය
අපට අමතක නොවෙයි.

දෝණිගේ බෙල්ල වටේ එතී තිබුණ පෙකණි වැල
මා විසින් ඉවත් කළ පසු ව ඇය ඇස් හැරියා.
මම ඇඟිල්ලක් දුන් විට ඇය ඇඟිල්ල අල්ලා ගත්තා.
අපි මීගමු රෝහලට යද්දි
විනාඩි පහළොවක් පමණ ගත වෙන්න ඇති.
මීගමු රෝහලේ වෛද්‍යවරු,
වෛද්‍ය ශිෂ්‍යයන් සහ සාත්තු සේවිකාවන්
ඇයට සැලකූ ආකාරය වෙනම කතාවක්.
හෙදියන් හොඳින් සැලකූ බවත් ඇය කියනවා.

සොබාදහමට ඉඩ දෙනවා නම්
දරු ප්‍රසූතියක් සිදු වීම
කොතරම් පහසුවෙන් සිදුවන්නක්ද කියා
මේ සිදුවීමෙදි අපිට වැටහුණා.
අප පෝෂ්‍යදායී ආහාර වශයෙන්
පළා, කොළ වර්ග සහ කොස් පොළොස් ආදිය හැර
වෙනත් කිසිදු රසායනික සංයෝගයක්
භාවිත කොට නැහැ.
මේ පසුබිම නිසා
දරුවා අස්වාභාවිකව නොවැඩීම
ඇය බිහිවීම පහසු වෙන්නට හේතු වෙන්න ඇති.
දෝනි දෙවෙනි දරුවා වීම තවත් හේතුවක්.

    [[[..ජංගම දුරකථන භාවිතය ඇයට සිමා කර ඇත ]]]
අපේ නිවසේ සියල්ලන්ටම ජංගම දුරකථන ඇතත්
ඒ දුර කථන වලට නිශ්චිත දුරකථන අංක නැත.
පුද්ගලික මෙවලමක් නොවන ජංගම හෝ ස්ථාවර දුරකථන
නිවසේම සිටින අපට අවශ්‍යවන්නේ ඉතාම අඩුවෙනි.
තාක්ෂණික ලෙස දියුණු ජංගම දුරකථනය
ලෝකයට මෙන්ම පාපයටද දොරටුවකි.
ඇයත් මමත් අපේ දරුවනුත් ඇතුලුව
සමස්ත මිනිස් වර්ගයාම
ජංගම දුරකථනය භාවිතා කළ යුත්තේ
සීමා නිර්ණායක සහිතවය.

අපේ පවුල තුල දුරකථන භාවිතය සඳහා
සම්මත කරගත් සීමා නිර්ණායක පවතී.
ඒවායෙන් පළමු වැන්න නම්
පවුලේ සාමාජිකයන්ගේ දුරකථනවලට
පවුල තුළ පුද්ගලිකත්වයක් නැත.
සෑම දුරකථනයක්ම සැම අංකයක්ම
පවුලේ සියල්ලන්ටම පොදුය.
ඒ පදනමට අනුව
මට නැති සීමාවක් ඇයට නැත.

[[[ පැය 24 ම සිය සැමියා සන්තර්පනය ඇගෙ වගකීම වී තිබින. ]]]
සන්තර්පනය
කවර අර්ථයකින් මෙහි යෙදෙනවාදැයි
මේ වාක්‍යයෙහි පැහැදිලි නැතත්
පැය 24ක සන්තර්පනයක් ගැන
පවසා ඇති හෙයින්
කවරෙකු හෝ මේ කියන්නේ
කාමය පිළිබඳව නොවිය හැක.

කෙසේ වුවද සැමියාත් බිරිඳත්
කායිකව, මානසිකව හා ආධ්‍යාත්මිකව
මෙලොව අන් සියල්ලන් දෙවන ස්ථානයිහි ලා
මියෙන තුරුම එකිනෙකා වෙනුවෙන් කැපවිය යුතුයැයි
මම දැඩි ලෙස විශ්වාස කරමි.

දූ දරුවන්, දෙමව්පියන්, නෑසියන්,
හිතමිතුරන් සහ අනෙකුත් ලෝ වාසීන් පිළිබඳ වගකීම්
එකිනෙකා කෙරෙහි ඇති වගකීමට දෙවැනිය.

[[[ ආගම දහමට ලැදි අයෙකු ලෙස
සමාජයට වෙස් මුහුනක් පලදින මුත්
හේ පරපීඩිත කම් සැපට ගිජුවුවෙකි ]]]

මා ආගමට දහමට ලැදි අයෙකු නොවේ.
මට ආගම දහම යනු
මානසික දුක් කන්දරාවකින්
මිදෙන පහසුම මාර්ගයයි.
මා ලැදි ඒ ප්‍රායෝගික මගටටයි.
ආගම දහම පීඩාවක් වන්නේ පව්කාරයාටය.
අපරාධකාරයාටය.

පව්කාරයන්ට අපරාධ කාරයන්
දඬුවම් විඳ පීඩාවට පත්වෙනු දකින විට
ඔවුන්ට තම වැරදි හදාගන්නට ඉන් ඇති කෙරෙන
ධනාත්මක බලපෑම දැක මා ලබන වින්දනය
පරපීඩක කාමුකත්වය ලෙස දකින්නේ
කර්ම විපාකයට දඬුවමට අකමැති වැරදිකරුවන්ය.

මා වැරදි කොට දඬුවම් විඳි අවස්ථාවල
මා එම ප්‍රතිවිපාක විඳින්නෙ පාඩමක් ලෙසයි.
තමන් විසින්ම කළ වරදෙහි ප්‍රතිවිපාක විඳින්නට අකමැති කෙනෙක්
ආගමට දහමට සංස්කෘතියට යටත්ව ජීවත් විය යුතුය.

ෆේස්බුක් ප්‍රතිචාරවලින් මා නොසැලෙන්නට
එක හේතුවක් පැහැදිලි හේතුවක් වන්නේ
මා වෙත එන හිංසා පීඩාවන්
මා කරන කියන දේ අනුව
ඒ ඒ චරිතවලට අනුව මා ලබන
ප්‍රති විපාක ලෙස මා පිළිගැනීමයි.

[[[ ඇයට උවමනා ඇදුමක් පැලදුමක් ගැනීමට එලියට යාමටත් ඔහුගෙන් ඉඩක් නැත ]]]
ආහාර නිවාස ඇඳුම් පැළඳුම්
අප ආභරණ ලෙස භාවිතා නොකරමු.
අප මිළ දී ගන්නා සියලුම දේ පාහේ
අප මිළදී ගන්නේ එකිනෙකාගේ එකඟතාවයෙනි.
මේ සීමා නිර්ණායකයද අප සිව්දෙනාටම පොදුය.
අප ගන්නා ලොකු කුඩා අනුකුඩා බොහෝ තීරණ
හැකි හැමවිටම, හැකි උපරිමයෙන්
අප සිව්දෙනාගේම එකඟත්වයෙන් ගන්නා තීරණ වෙයි.

සමහර තීරණ ඉතාම කළාතුරකින්
මගේ හෝ බිරිඳගේ තනි තීරණ වෙයි.
දරුවෙකුගේ තනි තීරණයට
අප සියල්ලෝම යටත්වෙන අවස්ථාද ඇත.
ගත වූ රාත්‍රියේ අප ගමේ නතර වෙනවාද යන්න පිළිබඳ
දෝණිත් බිරිඳත් එක් මතයක සිටි අතර
මා තවත් මතයක සිටියෙමි.
කෙසේ වුවද පාසල් වැඩ අතපසුවීම සම්බන්ධව
ප්‍රායෝගික ගැටලුවට මුහුණ දෙන පුතාට
අවසන් තීරණය ගන්නට ඉඩ දුනිමි.
මද වෙලාවකට පෙර
ඔහු හැඟුම්බරව අප එකඟ කර ගන්නට
උත්සාහ කල තීරණයට පටහැණිව
ඔහු ඔහුගේ තීරණය ගත් විට
ඔහු අනුව මාද නම්‍ය ශීලීවුණෙමි.

[[[ චිත්‍රපටයක් බැලු කාලය ඇයට මතක නැත ]]]
    මගේ බිරිඳගේ ප්‍රධානම විනෝදාංශය පොත් කියවීමයි.
පසුගිය වසර කිහිපයකම BMICH පොත් ප්‍රදර්ශනයෙන්
වරකට දහ පහළොස් දහසක පොත් මිළට ගන්නා ඇය
වසර පුරා ඒ පොත් එකින් එක කියවන්නීය.
අප දරුවන් වෙනුවෙන් පොත් මිලදී ගන්නට පටන්ගත්තේ
ඔවුන් ඉතාම කුඩා කාලයේදීය.
පුතාට වයස දෙකහමාරේදී අප සහභාගි වූ පළමු
BMICH පොත් ප්‍රදර්ශනයේදී ඔහු දමා එන්නට අකමැතිවූ
ඩයිනොසෝර් පොත රු එක් දහස් ගණනාවක් ගෙවා
අපි අරන් දුන්නෙමු.
ඒ ආශාවට මුල් වූ ජුරාසික් පාක්
විටින්විට අදටත් නරඹන ඔහු
ඔහුගේ වයසට ප්‍රමාණවත් දක්ෂතාවයෙන් යුතුව
ඩයිනොසෝර් මූර්ති ආශාවෙන් සහ පහසුවෙන් අඹයි.

දරුවන් දෙදෙනාම කියවීමට හුරුකරන්නට
අපි නොයෙක් උපක්‍රම භාවිතා කළෙමු.
දැන් ඔවුන් කියවීමට හුරුවෙමින් සිටිති.
දෝණි නිර්මාණාත්මක රචනාකරණයට ප්‍රියකරන්නීය.
මේ පසුබිම සකස් කිරීම පහසුවන්නට
මූලිකම හේතුව වූයේ,
2010 දෙසැම්බර් මස සිට අද දක්වාම
රූපවාහිනී නාලිකා සියල්ලම වාරණය කිරීමයි.
අපි බටහිර සහ ඉන්දියානු චිත්‍රපට නොඅඩුව නරඹමු.
දරුවන් ඔවුන් කැමති ඉංග්‍රීසි, හින්දි, දෙමළ චිත්‍රපට නරඹති.
අපි අඩුවෙන්ම නරඹන්නේ සිංහල චිත්‍රපටිය.
අලුත් චිත්‍රපටි නැරඹීමෙන් වැළකී සිටින
අපි පැරණි සිංහල චිත්‍රපට නැරඹීමට කැමැත්තෙමු.
.
[[[ ඇගේ සොහුයුරා වු සුදර්ශන් ගෙන් නිතර මුදල් ඉල්ලා ගත්තත් කිසිම ඉතුරුවක් නැත ]]].
    මගේ බිරිඳට සොහොයුරන් නැත.
අපි කිසිවෙකු මත යැපෙන්නන් නොවන අතර
අප මත යැපෙන බාහිර අයත් නැත.
 අල්පේච්ඡ ජීවිත ගත කරන බැවින්
අසීමිත ආශාවන්ගෙන් හිංසා පීඩා නොවිඳිමු.
.
[[[ හෙටදවසේ බලපොරොත්තුවක් නැත ]]]
    සීමිත අරමුණු බෝ ඇත. බලාපොරොත්තු නැත.
අරමුණු දිනා ගැනිමට උත්සාහ කරන නමුත්
සාර්ථක වේයැයි බලාපොරොත්තු නොවන බැවින්
හැක් උපරිමයෙන් අරමුණ කරා යන්නෙමු.
.
[[[ සැම දා ජීවත් වූයෙ කුලි ගෙවල් වලය. ]]]
ගමේ මා සතුව ගෙයක් ඇති නමුත්
එහි වසන බලාපොරොත්තුවක් නැති බැවින්
අපට අපේම ගෙයක් කොළඹ අවටින් තිබිය යුතුයැයි
විටින් විට සිතෙන නමුත් ප්‍රබල නිමිත්තක් වී නැත.
කලින් කලට පරිසරය වෙනස්වීම
දරුවන්ගේ මෙන්ම අපේද මානසික වර්ධනයට හේතුවන නිසා
ගෙන් ගෙට මාරු වීමේ කරදරය හැර
වෙනත් බරක් අප හිතට නැත.
.
[[[මෙසේ ඇයට විදින්නට සිදුවන අමිහිරි හින්සාවනුත් ඇය සිහිපත් කලෙ හැඩු කදුලෙනි..]]]
මගේ බිරිඳ
මෙවැනි පහත් පෙළේ කැලෑ පත්තරයකින් හෝ
මෙවැනි බොළඳ සිතැත්තියක ලෙස
අනුන්ගේ අනුකම්පාව සොයන
දුර්වල බිඳෙන සුළු චරිතයක් ලෙස නිර්මාණය කිරීම
මට කරන අපහාසයක් නොව ඇයට කරන අපහාසයකි.
මා හමුවේ වුවද ඇය කඳුල අවියක් කර ගන්නේ බැරිම තැනයි.
ඒ අවිපහර මම නොවළකමි.
ඒ අවිපහරින් සියලු තුවාල සුවපත්වෙයි.

[[[ ඇගෙ සොහොයුරගෙ උවමනවෙන් දරුවන් දෙදෙනා
අනුරාධපුර කේම්බ්‍රිජ් ජාත්‍යන්තර පාසලට ඇතුලත් කර ඇත... ]]]

එක් වතාවක් හැර
අපේ ජීවිතයෙහි තීරණවලට
මෙතෙක් කිසිවෙකුගේත් අදහස් යෝජනා උපදෙස්
අප ලබාගෙන නැත.
එසේ හවුල් කරගන්නට තරම්
අප හඳුනන කිසිවෙකුත් අපට නැති බැවිනි.

එවැනි යෝජනාවක් අප පිළිගත් එකම වතාව
හොරණට එන මෙන් පැරණි මිතුරෙක් කළ යෝජනාවයි.
ඒ යෝජනාව ක්‍රියාත්මක වීම
අනියම් ආකාරයකින් බලපාමින්,
මා සයිටම් අර්බුදයට යොමුවන්නට එකම හේතුව වන්නේ
එම පවුලෙහි වෛද්‍ය ශිෂ්‍යයා මට ලබා දුන් තොරතුරුය.

ඔහුගේ මතය ජය ගැන්නට
ඔහු විසින් තෝරා බේරා දුන්
සයිටම් තොරතුරුවලට සවන් දුන් පසු
සයිටම් ආයතනය මහා අනතුරක් ලෙස පෙනිණ.
ඔහු තුළි වෛද්‍ය ශිෂ්‍යයන් බේරා ගැනීමට
ඔවුන් වෙනුවෙන් යමක් කළයුතුයයි මම සිතුවෙමි.

එහෙත් කරුණු සොයා බලද්දී මට පෙණුනේ
සයිටම් විරෝධීන් විසින් කලක් තිස්සේ
මේ ප්‍රශ්නය ඔඩු දුවන්නට ඉඩ හැර බලා සිටි බවත්
ඔවුන්ගේ දැනුම අත්දැකීම් අනුව මැදිහත්ව ගලවාගත යුතු ආයතනයක්
අකාරුණික ලෙස සහ සාහසික ලෙස අහෝසි කර දමන්නට
සහ ඔවුන් වැනිම සිසුන් විශාල පිරිසක් අතර මං කරන්නට
ඔවුන් ගෝත්‍රික වී ඇති බව මට වැටහිණ.

වෛද්‍යවරයෙකු වන්නට දක්ෂතා ඇතිව
වෛද්‍ය විද්‍යාලයට නොතේරෙන දහස් ගණන් සිසුන්ට
ඉතාම අගනා පහසු විකල්පයක් වූ
මුදල් ගෙවා ඉගෙන ගැනීමේ අවස්ථාව නැති කරන්නට
එක් රැස්වෙන බලවේග වලට විරුද්ධ පාර්ශවය
වඩාත් සාධාරණ බැව් මට වැටහිණ.

මා සිතට එකඟව ඒ පාර්ශවයෙහි සිට ක්‍රියා කරන විට
මා රජයේ වෛද්‍ය පාර්ශවය නොගන්නවා නම්
නිහඬ විය යුතුය යන අසාධාරණ මතයේ සිටි
මගේ මිතුරා ඇතුළු පවුල මා හා අමනාප විය.
මට හොරණට එන ලෙස යෝජනා නොකළා නම්
කොතරම් හොඳදැයි අද ඔවුන් සිතනවා විය හැක.

අපට අපේ අතීතය දෙස හැරී බලා
මෙතෙක් අප ආ මග පිළිබඳව විමසා බලා
මෙසේ තෘප්තිමත්වන්නට අවසර ලබා දුන්
කැලෑ පත්තරය පහත දැක් වෙයි.

    =====================================
    විදසුන් වඩන ජූජකයෝ- පළමු කොටස

    සන්ජය ...පුතා කොහෙද ඔය දුවන්නෙ?නංගි එක්ක මෙහෙ එන්න..පොඩි උන්ට ගානක් වත් නැත..දූවිලි නාගනිමින් ඔබ මොබ දුවන කුඩා දරුවන් පසු පස දුවන ඉශාරා,සන්ජයගෙ අතින් අල්ල ගනී..
    * * * * **********************
    ඉශාරා මට මුලින්ම මුන ගැසෙන්නෙ විපස්සනා වැඩසටහනකදීය..මගේ සැමියත් මමත් මැදිවිය ඉක්මවු පසු සහභාගීවු පලමු විපස්සනා වැඩසටහන එය විය..එයට  ඕ කැටුව ආයේ මැදිවිය ඉක්මවු පිරිමියෙකි..ඔහු ඇගෙ ස්වාමිපුරුශයා බව මා දැනගත්තෙ ඇය හා කුලුපග වූ පසුවය. වෙස්සන්තර ජාතකයෙ වු ඇතැම් සිදුවීම්  ඇගෙ කතාවට බොහෝ සමානවිය.
    නූතන ජූජකයන්ට හසුවන අමින්තතාපලා අතර ඇයද විය...මෙතරම් අඩු වයසින් විපස්සනා වැඩීමට තරම් ඇයට විවාහය නිරුදක කතරක් වී තිබින.. කෙසේ නමුත්
    ඇගෙ සැමියා දක්ශ චිත්‍ර ශිල්පියෙක් බව ඔ මට පවසුවාය..
    ***************************
    2014 දී නැවත මට ඇයව මුනගසෙන්නෙ අහම්බෙන් මෙන් මිහින්තලෙදීය..එවිට ඇ දෙදරු මවක්ව සිටියාය.ඉන්දියානු නඩයක් සමග වන්දනාවෙ පැමින සිටි ඈ ලද ඇසිල්ලෙන් මා හා දොඩමලු විය..ඇගේ සැමියා කැමරාවක් අත රැගෙන වන්දනා නඩය චායරූපගත කරමින් සිටි..(අඹු දරුවන් ගැන වගක් වත් පෙනෙන්නට නැත) බොහෝ කලකට පසුව මුණ ගැසුන මුත් ආගිය තොරතුරුත් පවුලේ විස්තරත් ඇය නොසගව පැවසුවාය.කාලයක් තිස්සේ හිතෙ තෙරපී තිබු යම් පීඩනයක් කාට හෝ පැවසීමෙන් නිදහස් කර ගැනිමට ඇයට සිතුනා වියයුතුය..වසර 8 පිරුනු ඇගේ විවාහය දොම්නසින්ම පිරිපුන් වුවකි.. දෙදෙනා අතර ඇති වයස් පරතරය නිසාම ඇයට පිරිම් මිතුරන් ඇසුරට තහංචි වැටින.කාන්තාවකගේ ඔනෑ එපාකම් ගැන ඔහුට වගක් නැත..අන්තර්ජාලයේ පැය ගණන් ගතකිරීමට වෙලාව ඇති මුත් ළමුන් හා ගතකිරීමට ඔහු ලග වෙලාව නැත.තම දියනිය ත්‍රිරොද රථයක බිහිවුයේ ඔහුගේ මෙම නොසැලකිල්ල  නිසාය ..ජංගම දුරකථන භාවිතය ඇයට සිමා කර ඇත. .පැය 24 ම සිය සැමියා සන්තර්පනය ඇගෙ වගකීම වී තිබින. ආගම දහමට ලැදි අයෙකු ලෙස සමාජයට වෙස් මුහුනක් පලදින මුත් හේ පරපීඩිත කම් සැපට ගිජුවුවෙකි.. ඇයට උවමනා ඇදුමක් පැලදුමක් ගැනීමට එලියට යාමටත් ඔහුගෙන් ඉඩක් නැත..චිත්‍රපටයක් බැලු කාලය ඇයට මතක නැත .ඇගේ සොහුයුරා වු සුදර්ශන් ගෙන් නිතර මුදල් ඉල්ලා ගත්තත් කිසිම ඉතුරුවක් නැත.හෙටදවසේ බලපොරොත්තුවක් නැත .සැම දා ජීවත් වූයෙ කුලි ගෙවල් වලය.මෙසේ ඇයට විදින්නට සිදුවන අමිහිරි හින්සාවනුත් ඇය සිහිපත් කලෙ හැඩු කදුලෙනි..ඇගෙ සොහොයුරගෙ උවමනවෙන් දරුවන් දෙදෙනා අනුරාධපුර කේම්බ්‍රිජ් ජාත්‍යන්තර පාසලට ඇතුලත් කර ඇත....නීතියෙන් වෙන්වන්නට සිතුනු වාර අනන්තය ..නමුදු දරුවන්ගේ අනාගතය ගැන සිතා තවදුරටත් විදවීම ට ඇයට සිදුවී ඇත ...
    ****************************
    අවසන කීමට ඇත්තේ මෙවන් අමින්තතාපාවන් අප අතර කොතෙකුත් ඇත..ජූජක බමුනො පූජක වෙස් ගෙන විදසුන් වඩති.විමසිලිවත් වන්න..ආදාරයේදී ඉක්මන් නොවන්න...
    - කිත්මිණි සූරියමුදලිගෙ-

    =================================================


පහතින් දැක්වෙන්නේ
මට වෛද්‍යවරුන් පිළිබඳ ප්‍රශ්න ඇති වූ අවස්ථාවන්හි
වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ හැසිරීම ප්‍රශ්න කරමින්
ෆේස්බුක් සමාජ ජාලය තුළ මා විසින් පළ කරන ලද
ලිපි දෙකකි.
මේ පළ කිරීම් ඍජු ප්‍රකාශයන්ය.
කැලෑ පත්තර නොවේ.

හිතවත් වෛද්‍ය උදාර,

1, 
Alzheimer රෝගය යනු කුමක්ද?

2, 
Alzheimer රෝගයට නිධානය කුමක්ද?

3, 
මා Alzheimer නම් 
රෝගයෙන් පෙළෙන්නෙකු ලෙස හඳුනාගන්නට
ඔබ නිරීක්ෂණය කළ හේතු මොනවාද?

4, 
ඔබ මට නියම කරන ඖෂධ මොනවාද?

5, 
මේ ඖෂධ රෝගය සුව කරන්නට
ක්‍රියා කරන්නෙ කෙසේද?

6, 
මා සුව වීමට කොපමණ කලක් ගත වේද?
මේ ප්‍රශ්න වලට සවිස්තරාත්මක පිළිතුරු
ලබා දෙන ලෙස ඉල්ලමි.

මා Alzheimer නම් රෝගයෙන් පෙළෙන්නෙකු ලෙස
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය උදාර වික්‍රමරත්න විසින් 
හඳුනාගෙන ප්‍රතිකාර ගන්නා මෙන් නියම කළා.
වෛද්‍ය උදාර වික්‍රමරත්න විසින් 
Alzheimer රෝග නිර්ණයත් ප්‍රතිකාරයත් 
ෆේස්බුක් සමාජ ජාලයේ තුලාව සමූහය මගින් 
ප්‍රසිද්ධියේ නියම කළ නිසා
මට ඔහුගෙන් විමසීමට ඇති ප්‍රශ්නත් 
තුලාව සමූහය මගින්ම ප්‍රසිද්ධියේ අසන්නට මා සිතුවා.
මෙතෙක් නීතිගත කර නැතත් 
සමාජ විශ්වාසය මත නීතියක් මෙන් ක්‍රියාත්මක වන
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නිර්ණායක අනුව
රෝගීන්ට ප්‍රතිකාර කරන්නට සුදුසු කම් ඇති
වෛද්‍යවරයෙකු ලෙස සභාව ලියාපදිංචි කළ
වෛද්‍ය උදාර වික්‍රමරත්න විසින් (Reg No. 31379)
සිය වෛද්‍ය වගකීම් ගැන මනා අවබෝධයකින් යුතුව සහ
මා වෙත පහළ වූ හුදු කරුණාවෙන්ම කළාද කියා
අපට දැනගත යුතුයි.
වෛද්‍ය උදාර වික්‍රමරත්න මේ ප්‍රකාශය කළේ 
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිළිබඳව 
ඔහුට විරුද්ධ මතයක් දරන මා කෙරෙහි 
ඒ හේතුවෙන් පහළ වූ ද්වේශයෙන් නම්
ඒ බවත් අප දැනගත යුතුයි.
''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''
වෛද්‍ය උදාරගේ සහෝදර වෛද්‍ය වරුන් විසින්
මා මානසික රෝගියෙක් ලෙස නිර්ණය කිරීම 
සමන්ත බද්ද හිමි කියන නිසා
සහ තවත් අය කියන නිසා අනුමත කරන 
වෛද්‍ය උදාර වික්‍රමරත්නගෙන්
මානසික රෝග පිළිබඳව 
වෙනම පෝස්ට් එකකින් 
පසුව ප්‍රශ්න කරනවා..
------
ෆේස්බුක් සමාජ ජාලයේ තුලාව සමූහයේ LINK එක...........
https://www.facebook.com/…/thul…/permalink/1495005227190169/?
මේ පෝස්ට් එක තුලාවෙහි ඇඩ්මින්වරයෙකු වන
උපුල් හේවා නම් වෛද්‍යවරයා විසින් ඉවත් කරන ලදී.

===========================================================
ගාල්ලේ කරාපිටිය රෝහලේ
වෛද්‍ය නිලධාරියෙකු වන
වෛද්‍ය ලහිරු සසංක ලියනගේ විසින්
ෆේස්බුක් සංවාදයක් අතර තුර
සිල්ඩෙනෆිල් 100mg ගන්නා මෙන්
මට නියම කළේය.
වෛද්‍ය උදාර වික්‍රමරත්න විසින්
මා Alzheimer රෝගයෙන් පෙළෙන්නෙකු ලෙස
තුලාව සමූහයට හැඳින්වීම රෝග විනිශ්චයක් නොව
ඔහුගේ ආවේගය නිසා කළ අපහාසයක් පමණක් ලෙස
ඔහුද ඔහුගේ මිතුරු Facebook වෛද්‍යවරුන්ද
වෛද්‍යවරුන් අදහන බැතිමතුන්ද
පුන පුනා පැවසූහ.
එසේම සමහර අවස්ථාවල
යම් වෛද්‍යවරයෙකුගේ ශක්‍යතාවය අනුව
කෙනෙකුගේ ෆේස්බුක් හැසිරීම සලකා බලා
ඔහුගේ රෝග විනිශ්චයක් කොට
ප්‍රතිකාරයක් නියම කල හැකි බවද පැවසිණ.
එමෙන්ම MBBS වෛද්‍යවරයෙකු
රෝග විනිශ්චයක් කළ විට
සැකයෙන් තොරව පිළි ගන්නා ලෙසත්
සමහර වෛද්‍යවරු අවවාද දුන්හ.
කෙසේ වුවද පසුව හෙළි වූයේ
වෛද්‍ය උදාර වික්‍රමරත්නයන්
Personality Disorder නම්
මානසික රෝගයෙන් පෙළෙන්නෙකු බවය.
ළහිරු සසන්කගේ කතා බහ, ක්‍රියාකාරකම්
වෛද්‍ය උදාරගේ මෙන්ම උත්කේන්ද්‍රීය වූ අතර
වෛද්‍යවරයෙකුට නොගැලපෙන ආකාරයේ
අමුත්තක් ඔහුගෙන්ද වහනය වූ බැවින්
ඔහු නියම කළ සංයෝගය කුමක්දැයි
අන්තර්ජාලයෙහි සොයා බැලුවෙමි.
වෛද්‍ය ළහිරු සසන්ක මට නියම කළේ
නෂ්ඨකාමයෙන් පෙළෙන පිරිමින්ට නියම කරන
ලිංගය ප්‍රාණවත් කිරීමට යොදාගන්නා
මාරාන්තික ප්‍රතිඵල සහ
අවදානම් අතුරු ප්‍රතිඵල සහිත
අන්තරායකර රසායනික සංයෝගයකි.
වීරවංශ නිවසේ මියගිය ළහිරුද
වියාග්‍රා නමින් හැඳින්වෙන මේ සංයෝගය
අධිමාත්‍රාවක් ගෙන ඇතැයි යන්න ගැන
සැක පහළ වූ බවට තොරතුරුද
අන්තර්ජාලයේ පළ වී තිබිණ.
මා සොයාගත් සියල්ල මෙහි සඳහන් කිරීම
අවශ්‍ය නොවන නමුත් පැහැදිලි කිරීමක් ලෙස
ඉතා වැදගත් අනතුරු ඇඟවීම් කිහිපයක්
මෙහි සඳහන් කරමි
1, ඔබ සිල්ඩෙනෆිල් ගන්න කෙනෙක් නම්
ඔබ ප්‍රතිකාර ගන්නා සියලු වෛද්‍යවරුන්ට
සිල්ඩෙනෆිල් ගන්නා බව දැන්විය යුතුය.
2, හදිසි හෘද රෝගයකට ප්‍රතිකාර ගැනීමට
ඔබට සිදුවුවහොත් ඔබ අවසන් වරට
සිල්ඩෙනෆිල් ගත් වෙලාව වෛද්‍යවරයාට
පැවසිය යුතුය.
3, හදිසි ඇස් නොපෙනී යාමක් තාවකාලිකව
ඇතිවිය හැකි අතර සමහර අයගේ
ඇස් නොපෙනීම සදහටම විය හැක.
සිල්ඩෙනෆිල් ගැනීමේදී
හදිසියේම ඇස් නොපෙනී ගිය හොත්
වහාම සිල්ඩෙනෆිල් ගැනීම නවත්වා
හැකි ඉක්මණින් වෛද්‍යවරයෙකු වෙත යායුතුය.
( කණ ඇසීමටද මේ අයුරින්
බලපෑම් ඇතිවෙන බව කියැවෙයි.)
4, ලිඟුව ප්‍රාණවත් කිරීම සඳහා
සිල්ඩෙනෆිල් ගන්න පුද්ගලයන්ගේ
හෘදයාබාධ, අක්‍රමවත් හෘද ස්ඵන්දනය,
මොළයේ හෝ පෙණහැල්ලේ ලේ ගැලීම්,
අධික රුධිර පීඩනය ආදිය මෙන්ම
හදිසි මරණයද වාර්තා වී අත.
මේ අතුරු ප්‍රතිඵලවලට හේතුව වන්නේ
සිල්ඩෙනෆිල් භාවිතාවද, හදවත් රෝගද,
ලිංගික ක්‍රියාවලියද එසේත් නැත්නම්
මේ සියල්ලෙහි ඒකමිතික බලපෑමද යන්න
මෙතෙක් සොයාගෙන නැත.
5, අධිමාත්‍රාවක් ගතහොත්
වහාම විෂ පාලක මධ්‍යස්ථානය වෙත
රෝගියා යොමු කරන්න.
6, අනතුරට පත් තැනැත්තා සිහිමූර්ඡා වී හෝ
ආශ්වාස ප්‍රශ්වාසයෙන් තොර වේ නම්
වහාම හදිසි ප්‍රතිකාර අංශය අමතන්න.
වෛද්‍ය ලහිරු සසංක ලියනගේ විසින්
කිසිදු ආකාරයක ඉල්ලීමකින් තොරව
කිසිදු රෝග පරීක්ෂාවකින් තොරව
සිල්ඩෙනෆිල් භාවිතා කරන මෙන්
මට නියම කරන ලද්දේ
මා නෂ්ඨකාමයෙන් පෙළෙන්නෙකු ලෙස
මා ඇසුරු කරන්නන් ඉදිරියේ
වක්‍රාකාරයෙන් හඳුන්වන්නද?
නැත්නම් ඔහු තුළ මා කෙරෙහි උපන්
කිසියම් ආකාරයක ද්වේශයක් නිසා
කිසිදු අතුරු උපදේශයකින් තොරව
අන්තරයාකර රසායනික සංයෝගය
භාවිතා කරන්නට මා පොළඹවාගැනීම මගින්
මගේ සෞඛ්‍යය සහ ජීවිතය
මාරාන්තික අවදානමකට ලක් කරන්නද?
ආයතනික වශයෙන් හෝ
වෘත්තීයමය වශයෙන් හෝ
සිවිල් සහ අපරාධ නීති යටතේ හෝ
ඔහු කළ වරදක් නැත්ද?
ඇත්නම් ඒ වරද කුමක්ද?
වෛද්‍ය ලහිරු වරදක් කළා නම්
ඒ සිවිල් නීතිය යටතේ පමණද?
මෙවැනි ක්‍රියාවක් කළ වෛද්‍යවරයෙකු
වැරදිකරුවෙකු විය හැක්කේ
ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාවේ
කවර ප්‍රමිති නිර්ණායක යටතේද?
ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාව විසින්
ප්‍රමිති නිර්ණායක නීතිගත නොකරන්නේ
වෛද්‍යවරුන්ගේ වැරදි වසන්නද?
රජයේ වගකිව යුතු වෛද්‍යවරයෙකු
ප්‍රසිද්ධ සමාජ ජාලයක
සිය දහස් ගණනක පිරිසක් ඉදිරියේ
මෙසේ වගකීමෙන් තොරව හැසිරීම
Personality Disorder රෝගයට ලඝු කොට
වෛද්‍ය ලහිරු නිදහස් කළ හැකිද?















2 comments:

  1. කොහොමද අතුල අන්කල් මෙලෝ රහක් නැති දියකිරෙන් හදපු පරිප්පුයි පලා ජාතිම කකා ජීවත් වෙන්නේ..ජීවිතෙත් මෙලො රහක් නැති වෙලා තියෙන්නේ ඒකද?

    ReplyDelete
    Replies
    1. කවුද කියන්නෙ..?
      මගේ බිරිඳට ඉතාම රසට උයන්න පුලුවන්..
      අපි හිතුණාම
      හොඳට එළවලු දාල ෆ්‍රයිඩ් රයිස් කනවා..
      නූඩ්ල්ස්, මැකරෝනි, ස්පැගටි කනවා.
      පිපිඤ්ඤා සලාද එක්ක බත් කනවා..
      තැම්බුම් හොදි හදපු දවසට
      හතර දෙනාම පොරේ..
      එක බත් ඇටයක් ඉතුරු වෙන්නෙ නෑ.
      නැත්නම් එළවලුයි බතුයි.. සොයා වගේ දේවල් තමයි.

      අපි මස් මාලු බිත්තර නම් කන්නෙ නෑ.

      මටයි පුතාටයි නිකන්ම පාන් වුණත් රසයි.
      සමහර වෙලාවට.. අනිත් දෙන්නටත් පුලුවන්...

      අපි කෑම රසට කෑවට රසට වහල් නෑ.
      ඒක තමයි බොහෝ දෙනෙකුට තේරුම් ගන්න බැරි..

      Delete