Tuesday, April 18, 2017

වෛද්‍යවරු මගේ අදහස් වලට ස්වයංවාරණයක...


වෛද්‍යවරයෙක් විසින් FB තුලාවේ පළ කළ ඉල්ලීමක්...
සහ මගේ පිළිතුර.


Achala Ranasinghe
[[ අපි හැමෝම අතුලගේ තේරුමක් නැති පෝස්ට් නොසලකා ඉමු. ]]
'''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''

මොන හේතු ඉදිරිපත් කලත්
වෛද්‍යවරුන්ට තියන ලොකුම ප්‍රශ්නය
මම වරින් වර ඉදිරිපත් කරන කරුණු වලට
ඔවුන්ට පිළිතුරු නැති වීමයි.

බාහිර සමාජයේ ඔවුන් භාවිතා කරන සිවිල් බලය
ෆේස්බුක් සමාජ ජාලය තුළ සීමිත වීම සහ
ඔවුන්ගේම දුර්වල පෞරුෂ ලක්ෂණ නිසා
ෆේස්බුක් සමාජ ජාලය තුළදී
ඔවුන්ගේ වෘත්තීය ගෞරවය රැකගෙන
හැසිරෙන්නට නොහැකි වීමත් එක හේතුවක්.

ඔවුන් කෝපයට පත් වූ විට
ඔවුන් සුදු ලෝගුවෙන් වසා ගත්
පහත් චරිත ලක්ෂණ මතු වීමත්
සමහරු ඔවුන්ගේ කුපිත කිරීමෙන් නොසැලී සිටීමත්
සමහරු ඔවුන් මෙන්ම අපහාසාත්මකව
ඔවුන්ට ප්‍රති උත්තර දීමත්
ඔවුන්ට ඉවසිය නොහැකි කරුණක්.

අශීලාචාර ලෙස හැසිරීම සහ
වෛරී වාචික ප්‍රහාර නිසාත්
සමහර වෛද්‍යවරු බ්ලොක් කරන්නට වුණා.
සමහර වෛද්‍යවරු මාව බ්ලොක් කළා.

කෙසේවුවත්
අවසාන නිගමනය නම්
වෛද්‍යවරුන්ගේ බුද්ධියත් දැනුමත්
ඔවුන්ට ජීවිතයේ ප්‍රශ්නවලට මුහුණ දී
නොසැලී සිටින්නට මග නොපෙන්වන බවයි.

ඔවුන්ගේ වසර පහක පාඨමාලාවට වඩා
විපස්සනා දසදින පාඨමාලාවක් ප්‍රයෝජනවත්.

වෛද්‍යවරු කියන්නෙ
කෝපය වැනි හැඟීමක් හෝ
බෙහෙත් පෙත්තක් නොගෙන
පාලනය කර ගත නොහැකි පිරිසක් බව
ඔවුන් අපට පෙන්වා දී තියනවා.

ඔවුන් මගේ පෝස්ට් වලට පිළිතුරු දීම
වාරණය කිරීම ප්‍රශ්නයක් නොවෙයි.
ඔවුන් එන්න කලිනුත් මම තුලාවෙ හිටියා.
ඔවුන් ගියාට පස්සෙත් මම ඉන්නවා.

ඔවුන්ගේ හැසිරීම දරුණු නිසා
ඔවුන්ට මුහුණ දීමට නොහැකි අය
මට පුද්ගලික පණිවිඩ මගින්
අදහස් හා යෝජනා ගෙනෙනවා.
ඒ නිසා අනෙකුත් සාමාජිකයනුත්
ප්‍රතිචාර නොදැක්වීම මට ගැටළුවක් නෑ.
බොහෝ දෙනෙක් කියවන බව මා දන්නවා.
අදහසක් සම්ප්‍රේෂණය වීම ප්‍රමානවත්.
ප්‍රතිචාර අදාළ නෑ.
:)

No comments:

Post a Comment