Wednesday, March 8, 2017

"මම වෛද්‍යවරයෙක්,....උඹ පිස්සෙක්, බෙහෙත් ගනිං"



"උඹ පිස්සෙක්, බෙහෙත් ගනිං"
වෘත්තීය වෛද්‍යවරයෙක්
ඔබ විසින් කළ ප්‍රකාශයකට
පිළිතුරු ලෙස පැවසීම ගැන
ඔබ සිතන්නේ කුමක්ද?

උසස් අධ්‍යාපනය ලබන අය
ඒ අධ්‍යාපනයෙන් පන්නරය ලබා
උසස් ආකාරයෙන් හැසිරෙනු ඇතැයි
උපකල්පනය කළ පිරිසක් විසින්
වෛද්‍ය අධ්‍යාපන ක්‍රමයට අත්‍යාවශ්‍ය වූ
මිනිස්කම, ආත්ම දමනය, සංවරය නැති
රළු, ගොරෝසු අධ්‍යාපනයක් ලැබීමෙන්
සමාජ ජාලයක ප්‍රකාශයකින් කුපිත වී
වෛද්‍ය වෘත්තීය මාන්නයෙන් පිම්බී
"උඹ පිස්සෙක්, බෙහෙත් ගනිං" කියන විට
ඒ කියන්නේ වෛද්‍යවරයෙක් ලෙස බව
ඔහුට නොසිතෙයි.

එසේ නැත්නම් ඔහු වෛද්‍ය වෘත්තිය කරන්නේද
එවැනිම වගකීම් රහිත ආකාරයටයි.

සයිටම් අර්බුදයෙන් රටට හිමිවූ දායාදය නම්
වෛද්‍යවරුන්ගෙ මිථ්‍යා ප්‍රතිරූප සහ
ඔවුන් පිළිබඳව වූ මිථ්‍යා මත
මිනිසුන් තුළින් ගිලිහීමයි.

බස් කොන්දොස්තර මෙන්ම
දොස්තරද කුපිත වුවොත්
තැන නොතැන නොදන්නා බවත්
පාලනයක් නැතිව වියරුවෙන් හැසිරෙන බවත්
අපි දැන් දනිමු.

වෘත්තියෙන් වෛද්‍යවරුන් වූ පමණින්
සාමාන්‍ය ජනතාවට අපහාස කරන්නට
ඔවුන්ට ඇති අයිතිය කුමක්ද.?

විරුද්ධ මතයක් දරන්නෙකු
පිස්සෙක් ලෙස හඳුන්වමින් අපහාස කරන්නේ
සංවාදයට හොඳින් මුහුණ දී
පිළිතුරු දීමට ශක්තිය නැති නිසාය.

මුඩුක්කුවක බේබද්දෙකුගේ තත්වයට
වෛද්‍යවරයෙක් පත් කරවන්නට සමත්
මානසික මත් බව ඔහු තුළ පහළ වන්නේ
ඔහු ගැන ඔහු සිතන ආකාරය නිසාද?
"වෛද්‍යවරයා මහාර්‍ඝ උතුමෙකි.
සාමාන්‍ය මිනිසුන් ඔහු මත යැපෙන,
ඔවුන් නිසාම ජීවත් වෙන වහලුන්ය.
ඔහු කියන දේ අසා සිටිය යුතුය.
කියන අයුරින්ම පිළිගත යුතුය."

මේ ඔවුන් රඟපාන්නේ
රෝ බියෙන් පෙළෙන නූගත් දුගී ජනතාව
සිය ඉන්ද්‍රජාලම් බලයෙන් බිය කොට
යටත් කරගෙන බලපෑමට නතු කරගත්
දෙවියන් නියෝජනය කළ පූජකයාගේ
බියකරු චරිතය නොවේද?

වෛද්‍යවරුන්ට විපක්ෂව කතා කරන අය
මේ ආකාරයේ නින්දා අපහාස කොට
නිහඬ කරන ආකාරයද අප දකිමු.
ප්‍රය්හිවාදිය පිස්සෙක් ලෙස
සැබැවින්ම ඔවුන් දකිනවා නම්
ඔහු පිළිබඳව ඔවුන් තුළ ඇති ද්වේශයට
සාධාරණ හේතුව කුමක්ද?

"වෛද්‍යවරයෙක් හමුවේ සිටින පිස්සෙක් පිළිබඳව
ඔහු තුළ පහළ විය හැකි හැඟීම කෝපයද?'
ඒ කෝපයෙන් හැඟෙන්නේ ඔහු පත්වී ඇති
කැළඹුණ මානසිකත්වයේ අවුලෙන් පෙළෙමින්
ඒ මානසිකත්වය අනෙකා වෙත ප්‍රක්ෂේපණය කොට
අවමන් කරන්නට පෙළඹෙන බවයි.

වෛද්‍යවරුන්ගේ අධ්‍යාපනය අනුව
ඔවුන් අප දෙස බලා කුපිත වන විට
සැබෑ වෛද්‍යවරයෙක් මෙන් කාරුණිකව
ඔවුන් දෙස බලන්නට මම කැමැත්තෙමි.

=================================================



මේ වෛද්‍ය ශිෂ්‍යයෙක්..

Anushka Maduranga [[[ දෙය්යම්ප අංකල් ගිය නොවෙම්බර් වල අපි සමීක්ෂණයක් කරල ඉවර කලා, ඒක අර කීව community medicine වල අනිවාර්ය කොටසක්, හැම ලමයි තුන් දෙනෙක්ම එකතු වෙලා තමංගෙම research එකක් කරල බාර දෙන්න ඕනි. අර කීව statistics ඕනි උනේ ඒකට.. අපි කලේ dementia in elderly population ! අවුරුදු 60ට වැඩි අයගේ මතකය අඩු වීමේ රෝගය ගැන.. ඔයාව බයිට් කරන්න නෝන්ඩියට කියනව නෙමේ! ඇත්ත!! ඒකෙදි අපි ගෙවල් ගානෙ ගිහින් dementia වලට අදාල MMSE කියල කියන mini mental questionior එක දීල චෙක් කලා, ඒ ගත්ත අත්දැකීමෙන් කියන්නෙ, dementia තිබුන ගොඩක් අය අංකල් වගේමයි!! ඇත්තටම Alzheimer's disease ද කියල පරීක්ශා කර ගන්න.. විහිලුවක් නෙමේ!! ]]]]

Anushka Maduranga MMSE කියන්නෙ මං හදපු එකක් නෙමේ මහත්තයො , ඒකෙන් තමා ලෝකෙ කොහෙ උනත් dementia ද බලන්නෙ.. හරියට GCS scale එක වගේ එකක්.. දැං අහයි ඒ මොකක්ද කියල.. අන්තර්ජාලෙමනෙ ඉන්නෙ, MMSE කියල google ගහන්න, හාමිනේට කියල ඒ ප්‍රශ්න ටික අහල ලකුනු දා ගන්න.. ඊට පස්සෙ ලකුනු ටික අරං එන්න, අපි බේත් දෙන්නම්..
''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''

වෛද්‍ය ශිෂ්‍යයෙක් ලෙස අනුෂ්ක කරන අපහාසයේ තරම තේරුම් ගන්නට නම් මේ පරීක්ෂණයේ මට්ටම සිතා බැලිය යුතුය. :)

1
Mini-Mental State Examination (MMSE)
Patient’s Name:
Date:
Instructions:
Ask the questions in the order listed. Score one point for each correct
response within each question or activity.
Maximum
Score
Patient’s
Score
Questions
5
“What is the year? Season? Date? Day of the week? Month?”
5
“Where are we now: State? County? Town/city? Hospital? Floor?”
3
The examiner names three unrelated objects clearly and slowly, then
asks the patient to name all three of them. The patient’s response is
used for scoring. The examiner repeats them until patient learns all of
them, if possible. Number of trials: ___________
5
“I would like you to count backward from 100 by sevens.” (93, 86, 79,
72, 65, ...) Stop after five answers.
Alternative: “Spell WORLD backwards.” (D-L-R-O-W)
3
“Earlier I told you the names of three things. Can you tell me what those
were?”
2
Show the patient two simple objects, such as a wristwatch and a pencil,
and ask the patient to name them.
1
“Repeat the phrase: ‘No ifs, ands, or buts.’”
3
“Take the paper in your right hand, fold it in half, and put it on the floor.”
(The examiner gives the patient a piece of blank paper.)
1
“Please read this and do what it says.” (Written instruction is “Close
your eyes.”)
1
“Make up and write a sentence about anything.” (This sentence must
contain a noun and a verb.)
1
“Please copy this picture.” (The examiner gives the patient a blank
piece of paper and asks him/her to draw the symbol below. All 10
angles must be present and two must intersect.)
30 TOTAL
(Adapted from Rovner & Folstein, 1987)














No comments:

Post a Comment