Saturday, March 18, 2017

සයිටම් එක වංචනිකද?




සයිටම් වංචනිකද?
පළමු අදියර- සයිටම් සහ ආයෝජන මණ්ඩලය (BOI)
පළමු කොටස
කතාව පටන්ගන්නෙ 24/3/2008 දින ආයෝජන මණ්ඩලයට හිටපු මන්ත්‍රි, වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා එවන අයදුම්පතත් සමගයි. (ඇමිණුම් සමග ඇත) මේ අයැදුම්පත මගින් පවසන්නෙ ඔහු තොරතුරු තාක්ෂණය, කලමනාකරණය, ඉංජිනේරු විද්‍යාව, හෙදකම, වෘත්තිමය අධ්‍යාපනය හා සෞඛ්‍ය විද්‍යාව ඉගැන්වීම සඳහා විශ්ව විද්‍යාලයක් සෑදීමට ඇමෙරිකානු ඩොලර් මිලියන 5 ක ආයෝජනයක් කිරීමට සූදානම් බවයි. වෛද්‍ය උපාධිය ගැන පැහැදිලි සඳහනක් නැත. 
(වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දුට අනුව ඔහු එසේ ආයෝජන මණ්ඩලය වෙත යොමුවන්නෙ ශ්‍රි ලංකාවේ විශ්ව විද්‍යාල අන්‍යාපණත යටතෙ පෞද්ගලික විශ්වවිද්‍යාලයක් පිහිටවීමට අවස්ථාව නැති නිසා බව පහුගිය දිනෙක ඔහු ඉරිදා ලංකාදීප පුවත්පතට ලබා දී තිබුනු සම්මුඛ සාකච්ඡාවකදි පවසා තිබුනා. - ඉරිදා ලංකාදීප 19/2/2017)
ඉහත පුවත්පතට ලබා දුන් සාකච්ඡාවදීම ඔහු අතින් කියවුන තවත් කරුණක් වන්නෙ සෞඛ්‍ය විද්‍යා (Health Science) තුලට වෛද්‍ය හා දන්ත වෛද්‍ය උපාධි ද ඇතුලත් බවයි.. උදාහරණ ලෙස නැගෙනහිර විශ්වවිද්‍යාලයෙ Health-care sciences පීඨය පෙන්වා දී තිබෙනවා.. මෙම ප්‍රකාශිත තත්තවය ගැටලුකාරි බව සෞඛ්‍ය අමාත්‍යංශය 2011 දි සයිටම් ගැන සෙවීමට පත්කල කමිටු වාර්තාවෙ සඳහන්. (ඇමිණුම)
31/3/2008 දින ආයෝජන මණ්ඩලය මෙයට පිලිතුරු යවන අතර එහි කොන්දේසි ගණනක් සඳහා එකඟතාව ඇතිව අනුමැතිය ලබා දීමට එකඟ වෙනවා. (සයිටම් ගැන අධීක්ෂණයට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් 2011 දී පත් කල පංච පුද්ගල වාර්තාවේ මීට අදාල කොටස ඇමිණුමේ ඇත) මේ කොන්දේසි අතරින් දෙකක වැදගත්කම පෙන්නන්නම්. කොන්දේසි අංක පහේ සෞඛ්‍ය විද්‍යාවන් ඉගැන්වීමට ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යංශයෙ අනුමැතිය ගතයුතු බවත්, කොන්දේසි අංක නවයෙන් උපාධි පිරිනැමීමට පෙර පිලිගත් විදෙස් විශ්ව විද්‍යාලයක් හා අනුබද්ධ වියයුතු බවත් දන්වනවා.
23/5/2008 දින වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ආයෝජන මණ්ඩලයට දෙවන ලිපියක් යවමින් ඉල්ලන්නෙ ඉහත එකඟතාවය යටතේම වෛද්‍ය විද්‍යාලයක් ද ඇරඹීමට අවසර දෙන ලෙසයි. තවදුරටත් එහි සඳහන් වෙන්නෙ අදාල අවසරය ලබා ගැනීමට අවශ්‍ය අනිකුත් ආයතන වන ශ්‍රි ලංකා වෛද්‍ය සභාව, සෞඛ්‍ය අමාත්‍යංශය, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම වෙතද ලිපි යැවූ බවයි. (ලිපිය ඇමිණුමේ ඇත) 
(19/2/2017 දින පුවත්පතට ලබා දුන සම්මුඛ සාකච්ඡාවේදි ඔහු කිව්වෙ මොකක්ද බලන්න)
1. ආයෝජන මණ්ඩලය දැක්වු ප්‍රත්චාරය කුමක්ද?
2. සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ලැබුන පිලිතුර
3. වෛද්‍ය සභාවෙන් ලැබුන පිලිතුර
4. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් ලැබුන පිලිතුර
5. පිලිගත් විදෙස් විශ්ව විද්‍යාලයකට සයිටම් අනුබද්ධ වුනාද?
ඒ තොරතුරු ඊලඟ කොටසෙන්...
To be continued….
…………………………………………………………………………......
මූලාශ
1. සෞඛ්‍ය අමාත්‍යංශය 2011 දි සයිටම් ගැන සෙවීමට පත්කල පංචපුද්ගල කමිටු වාර්තාව
2. NO PMC
3. ඉරිදා ලංකාදීප 19/2/2017 
………………………………………………………………………………
සැලකිය යුතුයි.
1. නරි නෑ වීමට වෙලාවක් නැත.
2. මොන්ටිසෝර්, පුද්ගලික උපකාරක පන්ති, සෙසු පෞද්ගලික උපාධි පිරිනමන පිලිගත් ආයතන සඳහා අදාල නොවේ. 
3. කරුණු මත වාද කරන්න.
LikeShow more reactions
Comment
33 Comments
Comments
Ruseik Rahumath
Ruseik Rahumath සයිටම් එකේ මෙඩිකල් ෆැකල්ටියකට අවසර නොදුන් බව කියමින් (එහෙම එකක් ඉල්ලල වත් තිබ්බෙ නෑ කියමින්) SLMC එකට එවපු ලියුම...
Sasika Ayanthi
Sasika Ayanthi කෝ අර සයිටම් ඕනි ඒක පිරිසුදු යි කියන කස්ටිය
Kashmir Karunanayake
Kashmir Karunanayake කෝ බන් මේකෙ අර නිතරම උඩු බුරන නීතිකාරයො ටික එහෙම. 😂🔫
Like · Reply · 4 hrs
Athula Siriwardhane
Athula Siriwardhane මේ තර්ක උසාවිය නොපිළිගත්තේ ඇයි?
Like · Reply · 49 mins
Thilina Kannangara
Thilina Kannangara මේ වාර්තා උසාවියට ඉදිරිපත් කරන්න මේ ගැන නඩුවක් තිබුනද?
Like · Reply · 48 mins
Athula Siriwardhane
Athula Siriwardhane සයිටම් නඩුවට මේ තොරතුරු අදාල නැද්ද?
දැන්වත් නඩුවක් දාන්නෙ නැත්තෙ ඇයි..?
ඒ නඩුවත් සයිටම් එකෙන් දමනතුරු ඉන්නවාද?
Like · Reply · 44 mins
Thilina Kannangara
Thilina Kannangara පහුගිය දවස්වල තිබුන නඩුවට BOI එක වග උත්තරකාර පාර්ශවයක් විදියට නම් කරල තිබුන ද? නෑ. දැන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් තියෙන්නෙ.
COPE කමිටුවෙ පරීක්ෂණයකුත් කෙරෙනවා..
Like · Reply · 41 mins
Athula Siriwardhane
Athula Siriwardhane ගොමා එකට ඕන විදියට සයිටම් එක නඩු දාන්නෙ නෑ.
ගොමා නඩුව අපිට කිය කියා කල් මරද්දි
සයිටම් එක නඩුව කියල දිනලත් ඉවරයි.
Like · Reply · 32 mins · Edited
Athula Siriwardhane
Athula Siriwardhane .
සයිටම් එක නීති විරෝධී නම්
නීතිය ඉදිරියට ගිහින් කියන්න.

නීතිය නොදන්න මිනිස්සු නොමග යවන්න
සිවිල් පුරවැසියන් හමුවේ කඳුලු පිරි නෙතින්
තෝරාගත් තොරතුරු ඉදිරිපත් කිරීමෙන්
සයිටම් නීති විරෝධී කියා
ඔප්පු කරන්න බැහැ.

නීතියට ගරු නොකරන මෝඩ මිනිස්සු ටිකක්
කෝපයෙන් වියරු වට්ටලා පාරට බස්සලා
ජනතා විරෝධයක් පෙන්වන්න යන
මේ ගෝත්‍රික ව්‍යාපාරය
රටේ ඉහළම බුද්ධිමතුන් කියමින් පාරම්බාන
වෛද්‍යවරුන්ට ගැලපෙන්නෙ නෑ.

නීතියට අනුව තමන් හරි කියල විශ්වාස නම්
නීති නොදන්න ජනතාව ඉස්සරහ නඩු නොකියා
මේ තර්ක අරගෙන උසාවි ගිහින් ඔප්පු කරන්න.
Like · Reply · 33 mins
Thilina Kannangara
Thilina Kannangara //සයිටම් එක නීති විරෝධී නම්
නීතිය ඉදිරියට ගිහින් කියන්න.
නීතිය නොදන්න මිනිස්සු නොමග යවන්න

සිවිල් පුරවැසියන් හමුවේ කඳුලු පිරි නෙතින්
තෝරාගත් තොරතුරු ඉදිරිපත් කිරීමෙන්
සයිටම් නීති විරෝධී කියා
ඔප්පු කරන්න බැහැ.//

සිංහල තේරෙන්නෙ නැතිකමද, මෝඩ කමද? 
පොස්ට් එකෙ අහන්නෙ සයිටම් වංචනිකද? කියල මිසක් සයිටම් එක වංචනිකයි කියල නෙමෙයි නේද? 
කියවන කෙනා තේරුම් ගනිවී. තව විස්තර ඕන කෙනා හොයල බලල ඇත්ත නැත්ත තේරුම් ගනිවී. 
උසාවියට යන වැඩෙ අදාල පාර්ශව කරයි. මෙතන කරන්නෙ මිනිස්සුන්ට හොයල බලල තේරුම් ගන්න ඕන Point එකක් පෙන්නන එක විතරයි. 
කිව්ව වගෙ නරි නාවන්න වෙලාවක් නෑ. 
දැන් ඔය හැන්ගුව කියන තොරතුරු තියෙනව නන් පෙන්නන්න, නැත්තන් පෝස්ට් එකෙ වසුරු හලන්නෙ නැතුව ඉන්න..
Like · Reply · 29 mins
Athula Siriwardhane
Athula Siriwardhane තිළිණ හිතනවද 
මෙතන කමෙන්ට් කරන වෛද්‍යවරුන්ට
මේ ටික කියවන්නවත් සංයමයක් තියනවා කියල.
Like · Reply · 28 mins
Athula Siriwardhane
Athula Siriwardhane .
වෛද්‍යවරුන්ට නීතිය
නීතිඥයන්ට මෙඩිසින් වගෙයි තිළිණ
Like · Reply · 28 mins
Thilina Kannangara
Thilina Kannangara අදාල නැත.. කියවන කෙනා කියවයි.. නැති කෙනා නොකියව ඉඳි..
Like · Reply · 27 mins
Athula Siriwardhane
Athula Siriwardhane Thilina Kannangara[[[ පොස්ට් එකෙ අහන්නෙ සයිටම් වංචනිකද? කියල මිසක් සයිටම් එක වංචනිකයි කියල නෙමෙයි නේද? ]]]
:D
සයිටම් වංචනිකද? කියලා
අපෙන් අහනවට වඩා හොඳයි 
මේ තොරතුරු අරන්
නීතිඥයෙක් ළඟට ගිහින් අහන එක.

ඊට පස්සෙ අපිට ඇවිත් කියන්න
සයිටම් එක වංචනිකයි කියලා.
Like · Reply · 25 mins
Athula Siriwardhane
Athula Siriwardhane .
නීතියට ගරු නොකරන මෝඩ මිනිස්සු ටිකක්
කෝපයෙන් වියරු වට්ටලා පාරට බස්සලා
ජනතා විරෝධයක් පෙන්වන්න යන
මේ ගෝත්‍රික ව්‍යාපාරය
රටේ ඉහළම බුද්ධිමතුන් කියමින් පාරම්බාන
වෛද්‍යවරුන්ට ගැලපෙන්නෙ නෑ.
Like · Reply · 25 mins
Thilina Kannangara
Thilina Kannangara තොරතුරු අදාල පාර්ශවයන් සතුව ඇත..
Like · Reply · 25 mins
Thilina Kannangara
Thilina Kannangara තෝරාගත් තොරතුරු පමණක් දානවා කියල කිව්වානෙ. 
එහෙම තොරා නොගත් තොරතුරු තියෙනවා නන් දාන්න. 
නැත්තන් නිකන් ඉන්න..
Like · Reply · 22 mins
Thilina Kannangara
Thilina Kannangara එතකොට සබුද්ධිකව දකින මිනිස්සු තෝර ගත්ත තොරතුරුයි, තෝර නොගත්ත තොරතුරුයි දිහා බලල ඇත්ත නැත්ත තේරුම් ගනිවී..
Like · Reply · 21 mins
Athula Siriwardhane
Athula Siriwardhane ඔබට අවශ්‍ය මේ ගැන සංවාද කරන්න නෙමෙයි.
මේක කියවන්නෙත් නැතුව 
"අඩෝ මෙන්න සයිටම් විරෝධී පෝස්ට් එකක්" කියාගෙන
මෙතනට කඩා වැදිලා තොවිල් නටන
පිස්සු දොස්තරලා ටික අවුස්සගන්නයි.

මේ පෝස්ට් වලින් උත්සාහ කරන්නෙ
සයිටම් එකට සාප කරවන්නයි..
අපි වගේ අයට කුණුහරුපෙන් බන්නවන්නයි...
උඹ පිස්සෙක්... උඹට ඇල්සයිමර්...
උඹේ ගෑණි දුක් විඳිනවා ආදී වශයෙන්
නින්දා පහාස කරමින්
අපේ කටවල් වහන්න වෑයම් කරන්නයි..

වෛද්‍යවරුන්ට බෙහෙත් දෙනවා හැර
සභාවක සංවාදයක්වත් කරන්න බැරි බව
ඔවුන් ඔප්පු කරලයි තියෙන්නෙ තිළිණ.
Like · Reply · 19 mins
Thilina Kannangara
Thilina Kannangara මට ඔබට එල්ලවෙන පුද්ගලික ප්‍රහාර ගැන කරන්න දෙයක් නෑ. වපුරපු තරමට නෙලා ගන්න.. 
මෙතනට අදාල කරුණු තියෙනවා නන් කියන්න..
Like · Reply · 18 mins
Athula Siriwardhane
Athula Siriwardhane .පුද්ගලික ප්‍රහාර මට බලාගන්න පුලුවන්. Thilina..
මෙතෙක් බලා ගත්තෙත් තනිවමයි.
ඒත් ඒ ගැන අවශ්‍ය වෙලාවට 
කතා කරන එකත් ඒ බලා ගැනීමෙ කොටසක්..
Like · Reply · 16 mins · Edited
Thilina Kannangara
Thilina Kannangara ඉතින් ඕව මෙතන කීමෙන් ඇති ඵලෙ මොකක්ද? 
පෝස්ට් එකට අදාල හෝ විරුද්ධ තොරතුරු තියෙනවා නන් කියන්න..
Like · Reply · 14 mins
Thilina Kannangara
Thilina Kannangara එවැන්නකට මං වගකියන්න ඕන එහෙම ප්‍රහාරයක් මං කරා නන් විතරයි.. මං එහෙම කරේ නැහැ.. 
ඔබට මෙතනට එන්න කියාවත් මං කිව්වෙ නැහැ..
Like · Reply · 16 mins
Athula Siriwardhane
Athula Siriwardhane .
ඔබ මෙතන පෝස්ට් එක දැම්මාම
මේ ඉන්න 62,865 ටම එන්න අයිතිය තියනවා.
Like · Reply · 12 mins · Edited
Thilina Kannangara
Thilina Kannangara ඔව් තියෙනවා. 
ඇවිත් අදාලව කතා කරන්න.
මට අරුන් මෙහෙම කිව්වා, අරෙහෙම කිව්වා කිය කිය ආඩපාලි කිව්වා කියල නන් වැඩක් නෑ ඒ වුනාට.. මොකද මට ඒවට කරන්න දෙයක් නෑ.
Like · Reply · 10 mins
Naveen Madhawa Ranaweera
Naveen Madhawa Ranaweera මම මේ අද දැක්ක දෙයක් ඇමරිකාවේ හාවඩ්(world rank number 1) එකෙන් MBBS කරල ආවත් ලංකාවෙ දොස්තර කෙනෙක් වෙන්න බැ SAITM ළමයින් ගැන කතා කරල වැඩක් නැ පට්ට කොලොටියක් ලංකාවේ තියෙන්නෙ ඒ කොලිටිය මැච් කරන්න පුලුවන් චීනෙ රුසියාවේ නේපාලේ සරසවි වලට විතරයි http://www.srilankamedicalcouncil.org/foreignuniversity.php
Foreign Universities - Sri Lanka Medical Council
SRILANKAMEDICALCOUNCIL.ORG
Like · Reply · 11 mins
Thilina Kannangara
Thilina Kannangara ඉස්සරහට උත්තර දෙන්නම්. එතකන් කැමති නන් මෙහෙම වැඩක් කරන්න ඔය ලිස්ට් එකෙ තියෙන විශ්වවිද්‍යාල GMC ලිස්ට් එකේ සහ AMC ලිස්ට් එකෙත් තියෙනවද කියල හොයල බලන්න..
Like · Reply · 6 mins
Thilina Kannangara
Thilina Kannangara ලංකාවෙ පිලිගන්න විදෙස් වෛද්‍ය විද්‍යාල 200 ගනනක් තියෙනවා. වෛද්‍ය සබාවට දුරකතන ඇමතුමක් දීල හොයල බලන්න. ඔය ලැයිස්තුවෙ අනික තියෙන්නෙ මෙහෙ අය සුලබව යන්න ඉල්ලන විදෙස් වෛද්‍ය පීඨ. හාවඩ් එකට මෙහෙ උසස් පෙල කරල ඊට පස්සෙ Pre med course එකකින් ගිය කෙනෙක් ගැන අහල තියෙනවද? සුලබව ලේසියෙන් යන්න පුලුවන් තැනක් නෙමෙයි ඒක. සැකයක් තියෙනවා නන් හොඳම දේ වෛද්‍ය සබාවෙන් අහන එක call කරල..
Like · Reply · Just now
Athula Siriwardhane
Athula Siriwardhane Thilina Kannangara [[[ ඉතින් ඕව මෙතන කීමෙන් ඇති ඵලෙ මොකක්ද? ]]]
මමත් අහන්නෙ ඒ ප්‍රශ්නයම තමයි..
ඔබ පෝස්ට් එකක් දාල අපෙන්
පෝස්ට් එකට අදාල හෝ 
විරුද්ධ තොරතුරු තියෙනවා නන් අහගන්න
ඔබ ප්‍රකාශයක් කල යුතුයි.
සයිටම් වංචනිකයි කියා හේතු ඉදිරිපත් කල යුතුයි..

මේ වගේ ඇඟවීම් කැලෑපත්තර ගැහීමක් වගෙයි.
වෛද්‍යවරු මේ දවස්වල කරන්නෙ ඒක තමයි.
ගෙදර ඉන්න බිරිඳත් මෙතනට ගෙනෙනවා.

නීතිය කතා කරන්න ඕන තැන
සැක පහළ කරනවා...

Thilina Kannangara[[[ පොස්ට් එකෙ අහන්නෙ සයිටම් වංචනිකද? කියල මිසක් සයිටම් එක වංචනිකයි කියල නෙමෙයි නේද? ]]]
Like · Reply · 7 mins
Athula Siriwardhane
Athula Siriwardhane .
අනික් වෛද්‍යවරු ඔබ වගේ ශීලාචාර පිරිසක් වුණා නම්
ඔවුන්ගෙ බුද්ධියෙන් ප්‍රයෝජන ගන්න තිබුණා.
කටගොන්නක් බීගත්ත බේබද්දො වගේ පිරිසක් එක්ක
නීති කතා කරන්න බැහැ.
සයිටම් විරෝධීන්ට කුණුහරුපෙන් බණින්න 
බිරිඳ දරුවො පවා අරගෙන ඇවිත්
ඔවුන්ට පවා නින්දා අපහාස කරන්නයි
ඔවුන්ගෙ උසස් අධ්‍යාපනයෙන් 
ඔවුන් ඉගෙනගෙන තියෙන්නෙ.

නීතිය කතා කරන්න එනවා නම්
ඔබ මෙන් සදාචාරයටවත් ගරු කරන්න
ඔවුන් පුරුදු වෙන්න අවශ්‍යයි.
Like · Reply · 3 mins
Athula Siriwardhane
Athula Siriwardhane .
වෛද්‍යවරුන්ගෙ සදාචාරය බලන්න අවශ්‍ය නම්
මම ඊයෙ පළ කරපු එන්නත් ගැන පෝස්ට් එක බලන්න.
මරදානෙ චොප්පෙ අයියලා මරිය කඩේ ලෝරක්කලා
වෛද්‍ය ලෝගුව දාගෙන ඇවිත් ගේම ඉන්නන විදිය
ඔබට බලාගන්න පුලුවන්..
Like · Reply · Just now