Monday, April 17, 2017

බොරුව පතුරුවන්න සත්‍යය වාරණය කළ යුතුයි.



 Reply · 2 hrs
Athula Siriwardhane
Athula Siriwardhane .
ප්‍රතිශක්තිකරණය ගැන
මාත් එක්ක කළ වාද වලින්

වෛද්‍යවරුන්ගෙ පාර්ශවය පරාදයි.
ඔවුන් මගේ ලිපි වාරණය කරගන්න
ඇඩ්මින්වරු හරහා ක්‍රියා කළේ ඒ නිසයි.
Like · Reply · 2 hrs
Achala Ranasinghe
Achala Ranasinghe මරු කතරට දිය පොදක් ඉසින්නට . .
Like · Reply · 2 · 2 hrs
Athula Siriwardhane
Athula Siriwardhane ඒ කියන්නෙ 
වෛද්‍ය වරුන්ගේ පාර්ශවය මරුකතරක් බවට පත්වුණා? :)
Like · Reply · 2 hrs
Achala Ranasinghe
Achala Ranasinghe සිත නිවන කතා . .
Like · Reply · 2 · 2 hrs
Athula Siriwardhane
Athula Siriwardhane .
නූගත් තනි මට මුහුණ දෙන්න 
(උපුල් හේවා කියන්නාක් මෙන් )

ඊනියා උගතුන් පිරිසකට බැරි වීම
අද උසස් අධ්‍යාපනයේ ඛේදවාචකයක්..
Like · Reply · 2 hrs
Athula Siriwardhane
Athula Siriwardhane වෛද්‍යවරුන්ගේ හැසිරීම මේ වගෙයි..
Like · Reply · 2 hrs
Sanjaya Kelum
Sanjaya Kelum Mee gonage mole wadakarana widiyanam hithaagannath ba. Kohomada ochchara wayasata giye oya? Adu gaane wayasata yanakota enna ona buddimath bawai nihathmanikanaiwath Awith naane. Waaada king kiyala hithan inne. 
තාම මේ තුලාවෙ කියපු එක ඩෙයක්වත් සාක්ශි ඇතිව ඔප්පු කරගන්න බැරි උන කෙනෙක් තමන් එක්ක වාද කරන්න වෙන කාටවත් බෑ කියල හිතාගෙන ඉන්නවා. ඔච්චර පීචන් වෙන්න එපා මනුස්සයො.
Like · Reply · 2 hrs
Athula Siriwardhane
Athula Siriwardhane පීචන් වෙන්නෙ මම නෙවෙයි සංජය..
මගේ ලිපි පල නොකරන තැනට
ඇඩ්මින්වරුන්ට බලපෑම් කළ වෛද්‍යවරුමයි..
Like · Reply · 2 hrs
Sanjaya Kelum
Sanjaya Kelum නා මගෙ පටියො. ඔයා. ඔයා මෙතන බිම පෙරලි පෙරලි කියන හිතලු ඔප්පු කරන්න පුලුවන් එක සන්ක්‍යලේඛනයක් හරි දත්තයක් හරි ඉදිරිපත් කරාද? හිතින් හිතල මිනිස්සුන්ට එක එක දේවල් කියන්න පුලුවන්. එත් ඒක ඇත්තක් වෙන්නෙ නෑ. ඇත්තක් වෙන්නන්ම් ඒවා ඔප්පු කරන්න ඕන. 
ඔයා කියන කිසි දෙයක් ඔයාට ඔප්පු කරන්න බැරි නිසයි ඔයා පීචන් වෙන්නෙ
Like · Reply · 1 · 1 hr
Athula Siriwardhane
Athula Siriwardhane .
වෛද්‍යවරුම පිළිගත්තා
ඔවුන්ගේ මතය අභිබවමින් මගේ මතය

මිනිසුන් පිළිගත්තා කියලා.
ඒ මතය නිවැරදියි කියා
සහතිකයක් නොතිබුණාට
වෛද්‍යවරු තුළ ඒ බය ඉතා තදින් තිබුණා.

වෛද්‍යවරු ප්‍රසිද්ධියේම ඇඩ්මින්වරුන්ට
බලපෑම් කළා.
Like · Reply · 1 hr
Athula Siriwardhane
Athula Siriwardhane සාමාන්‍ය මිනිස්සුන්ට සංඛ්‍යා ලේඛන අවශ්‍ය නෑ.
මිනිස්සු ජනපති පත් කරන්නෙ
පාර්ලිමේන්තුව පත් කරන්නෙ

සංඛ්‍යා ලේඛන බලල නොවෙයි..
මිනිස්සුන්ට ඉවක් තියනවා.

වෛද්‍යවරු අවංක නැති බව 
මිනිස්සු දන්නවා.
වෛද්‍යවරු ගන්න පාර්ශවය 
සාධාරණ නැති බව 
මිනිස්සු දන්නවා.

ලිප වාරණය වගේ 
අතුරු මාර්ග නැතුව
ඔවුන්ට ජයගන්න බෑ.
Like · Reply · 1 hr
Achala Ranasinghe
Achala Ranasinghe කමක්නෑ ආයෙ කියන්නං. ඔබ වැනි අයෙක් වෛද්යවරුන්ගෙ ප්‍රමිතිය වෛද්ය සභාවේ ප්‍රමිතිය වෛද්ය අධ්යාපනයේ ප්‍රමිතිය වගේ දේවල් ගැන කතාකරාට අපිට කමක් නෑ. මොකද ඒකට කිසි credibility එකක් නෑ හා හිට් උනත් ඒක සාමාජීය කතිකාවතක් විතරයි.. 

නමුත් immunization programme වග
ේ සංවේදී දේවල් ගැන දුර්මත ප්‍රචාරනය භයානකයි. antivax campaign එක හැමතැනම පටන් ගත්තෙ technical details ගැන මුකුත් නොදන්න කලාකාරයො තමයි. සහ ඒ damage එක irriversible .ඒකයි ඔබේ මතවලට අනවශ්ය ප්‍රසිද්දියක් දීමේ අවදානමත් අරන් කරුනු දැක්කුවෙ. 
ඔයාගෙ මත ප්‍රචාරනය තුලාවෙ ඇඩ්මින්ල වාරනය කරානං ඒක හොඳ තීරනයක්. ජය පරාජය වැදගත් නෑ. සමාජයට වන ප්‍රතිපලයයි වැදගත්. අනික ඔබම කියූ ආකාරයට තීරනයක් නැති වෙලාවක තමන් දිනුම් කියල උදම් අනන්නෙ යටිසිතින් පරාජයේ හීනමානයෙන් පෙලෙන කෙනා.
Like · Reply · 1 · 1 hr · Edited
Achala Ranasinghe
Achala Ranasinghe .//සාමාන්‍ය මිනිස්සුන්ට සංඛ්‍යා ලේඛන අවශ්‍ය නෑ.
මිනිස්සු ජනපති පත් කරන්නෙ
පාර්ලිමේන්තුව පත් කරන්නෙ

සංඛ්‍යා ලේඛන බලල නොවෙයි..//

අන්නේකයි ඔබේ මතය
ප්‍රචාරනය හානිකර. interlectual forum එකකදි ඕක පහසුවෙන්ම පරාජය කලහැකි උනත් අපි දිගටම ඇඩ්මින්ලට ඕව නවත්තන්න කිව්වෙ ඒකයි.
Like · Reply · 1 hr · Edited
Sanjaya Kelum
Sanjaya Kelum අනේ මන්දා මෙහෙමත් මානසිකත්වයක්
Like · Reply · 1 hr
Athula Siriwardhane
Athula Siriwardhane .
වෛද්‍ය නාමල් ගමගේ මහතා ගැන 
"සංසරණී" බ්ලොග් ඒකේ පළකළ ලිපිය

දින කිහිපයක් තුළ
මගේ බ්ලොග් එකේ 43000ක් ඉක්මවා කියෙව්වා.
මගේ බ්ලොග් එකේ මුලු කාලය තුළම කියවූ
ලිපි සංඛ්‍යාව දෙලක්ෂ පන්දාහයි.
එයින් හතරෙන් පංගුවක් විතර 
කියවා තියෙන්න මේ ලිපිය.

මෛත්‍රී හොඳටම ජනප්‍රිය කාලෙ පළ කල
ඔහුගෙ පවුල ගැන ලිපිය තවම කියවා තියෙන්නෙ
11000ක් විතර ප්‍රමාණයක්.

මේ පිළිබඳව මගේ වෝල් එකේ ලිපිය
1300ක් Share කළා..

මිනිස්සු හොඳ වෛද්‍යවරුන්ට 
හද පත්ළෙන්ම ගරු කරනවා.
එකම වෛද්‍යවරයෙක් විතරක්
වෛද්‍ය නාමල් ගමගේ මහතා ගැන 
හොඳක් කියා තියනවා.
අන් වෛද්‍යවරු නිහඬයි.

Like · Reply · 1 hr · Edited
Athula Siriwardhane
Athula Siriwardhane .
තමන්ගෙ වාසියට රෝගීන් පාවා දෙන
පාසලට ළමුන් දාගන්නටත් වර්ජන කරන
...See More
Like · Reply · 1 hr
Sanjaya Kelum
Sanjaya Kelum හොන්දටම තේරුනා ඔයාගෙ බ්ලොග් එකට පබ්ලිසිටි එක දෙන්නයි මෙච්චර මිනිස්සු ඉස්සරහ පීචන් වෙන්නෙ. එල එල අතුල.
Like · Reply · 1 · 1 hr
Athula Siriwardhane
Athula Siriwardhane .
දෙලක්ෂයක් කියවූ බ්ලොග් එකකට 
අමුතුවෙන් පබ්ලිසිටි අවශ්‍ය නෑ.

මට ඒ බ්ලොග් එකේ විශේෂ වටිනා කමකුත් නෑ.
Like · Reply · 1 hr
Athula Siriwardhane
Athula Siriwardhane .
එක වෛද්‍යවරයෙක් 
අනික් සියලුම ලිපි වල අගය බැස්සුවා.

ඒ ලිපිය මම ලියූවකුත් නොවෙයි..
වෙන දෙදෙනෙකුගේ ලිපි දෙකකින්
මම සැකසූ ලිපියක්..

එයින් පෙනෙන්නේ
හොඳ කරුණාවන්ත වෛද්‍යවරයෙකුට
ලංකාවේ තියන පිළිගැනීමේ මහිමයයි.
අදත් බොහෝ නරක වෛද්‍යවරු
තමන්ගේ ප්‍රශ්න වලට විසඳුම් සොයා ගන්නේ
එවැනි උතුම් වෛද්‍යවරුන්ට තියන සැලකිල්ල
අවභාවිතා කරමින්.
Like · Reply · 1 hr · Edited
Athula Siriwardhane
Athula Siriwardhane වෛද්‍යවරු දිනුවෙ සුදු වෑන් එවලා. :D
ප්‍රතිශක්තිකරණය ගැන
තුලාවට මොනවත් ලියන්න මට බෑ.
Like · Reply · 1 hr
Sanjaya Kelum
Sanjaya Kelum අනේ අතුල අසරණ උන තරමක්
Like · Reply · 1 hr
Ruseik Rahumath
Ruseik Rahumath යම්කිසි ක්ෂේත්‍රයක ප්‍රවීණයන් (Experts) බ්ලොක් කර , ඒ ක්ෂේත්‍රය ගැන කියවීම කොතරම් සදාචාරාත්මකයිද? 

ඒ අදහස් පිලිබද Experts opinion එක දැන ගැනීම පොදුජනයාගේ අයිතියක් නෙමේද?
Like · Reply · 1 · 1 hr
Athula Siriwardhane
Athula Siriwardhane .
Expert කෙනෙක් හැසිරිය යුත්තෙ
Expert කෙනෙක් වගේ සංයමයෙන් යුතුව ශීලාචාරවයි..

ඔහු හැසිරෙන්නෙ දාමරිකයෙක් වගේ නම්
ඔහුගෙ Expert කම සහතිකයක් විතරයි.

බ්ලොක් කිරීම ඔබත් මාත් අතර දෙයක්..
මම කෙනෙක් බ්ලොක් කිරීම තුලාවට අදාළ නෑ
කියා ඇඩ්මින් කෙනෙකු වන පාලිතම කිව්වා.
Like · Reply · 1 hr · Edited
Athula Siriwardhane
Athula Siriwardhane .
මම තිළිණ බ්ලොක් කළාට
තිළිණගෙ අදහස් තුලාවෙ බ්ලොක් වෙලා නෑ.

ඔහුගෙ අදහස තුලාවෙ පළ වෙනවා.
මගේ පිළිතුර වාරණය වෙනවා.
Like · Reply · 1 hr · Edited
Ruseik Rahumath
Ruseik Rahumath බ්ලොක් කරාම කොහොමද ඔහුගේ අදහස් බ්ලොක් නොවෙන්නෙ, ඔබ මොනව කියනවද ඔහු දන්නෙ කොහොමද?
Like · Reply · 59 mins
Athula Siriwardhane
Athula Siriwardhane .
ඔහු කියන දේ මටත්
මා කියන දේ ඔහුටත් දැනගන්න

ෆේස්බුක් තාක්ෂණය තුළ ඉඩ තියනවා.
අපි මුහුණට මුහුණ මුණ නොගැසෙනවා පමණයි.
මම බ්ලොක් කළ අයට මාත්
මට ඔවුනුත් නිල වශයෙන් නොපෙණුනාට
අපි තාක්ෂණිකව අන්ධ වෙලා නෑ.
Like · Reply · 57 mins
Ruseik Rahumath
Ruseik Rahumath බ්ලොක් කරාම කොහොමද ඔහුගේ අදහස් බ්ලොක් නොවෙන්නෙ, ඔබ මොනව කියනවද ඔහු දන්නෙ කොහොමද?

පිළිතුර :- 


.
ඔහු කියන දේ මටත්
මා කියන දේ ඔහුටත් දැනගන්න
ෆේස්බුක් තාක්ෂණය තුළ ඉඩ තියනවා.
අපි මුහුණට මුහුණ මුණ නොගැසෙනවා පමණයි.
මම බ්ලොක් කළ අයට මාත්
මට ඔවුනුත් නිල වශයෙන් නොපෙණුනාට
අපි තාක්ෂණිකව අන්ධ වෙලා නෑ.

(ඔය කියන්නෙ "මොකක් හරි ජිල්මාට්" එකක් දාල දැන ගනී කියන එක නේ!, ජිල්මාට් දාන මිනිස්සුන්ට නෝමල් උනාට අනිත් අයට ඒක ඇබ්නෝමල්)
Like · Reply · 43 mins
Athula Siriwardhane
Athula Siriwardhane ජිල්මාට් එකක් නෑ..
වෙන FB ගිණුමකින් බලාගන්න පුලුවන්..
තුලාව Public Group එකක්.
Like · Reply · 1 min
Athula Siriwardhane
Athula Siriwardhane .
වෛද්‍යවරු කිහිප දෙනෙක්
කිහිප තැනකම පිළිගත්තා

ඔවුන්ගේ මතය අභිබවමින් මගේ මතය
මිනිසුන් පිළිගන්නවා කියලා.
ඒ මතය නිවැරදියි කියා
සහතිකයක් නොතිබුණාට
වෛද්‍යවරු තුළ ඒ බය ඉතා තදින් තිබුණා.
සමහරු ඔවුන්ගෙන් ඇහුවා
වෛද්‍යවරු පිරිසක්
එක සිත්තරෙකුගෙ අදහස් වලට
ඇයි ඔයතරම් බය වෙන්නෙ කියලා.

ඒ අනියත බිය නිසා
වෛද්‍යවරු ප්‍රසිද්ධියේම ඇඩ්මින්වරුන්ට
බලපෑම් කළා.
Like · Reply · 59 mins · Edited
Sanjaya Kelum
Sanjaya Kelum අතුලගෙ අසරනකම. අනේ අතුල
Like · Reply · 1 hr
Kashmir Karunanayake
Kashmir Karunanayake අතුල දිනුවා? මට මතකයි හැබැයි කිසිම විදියකට මාත් එක්ක වාදය දිනන්න බැරි වුණාම මගේ ඉස්කෝලෙට අපහාස කර කර අතුල මාව අවුස්ස ගන්න උත්සාහ කළා. පරාජය හමුවේ වියරු වැටුණ අතුල අන්තිමට ප්‍රතිශක්තිකරණ ,ප්‍රතිජීවක වැනි කතාබහ මැදට බුදුදහම යි ආයුර්වේදය යි ගේන්න මෝඩ උත්සාහයක නිරත වුණා මට මතකයි. ඔය වගෙ කුප්ප සහ නිහීන වැඩ ගැන ගොඩක් අනතුරු අගවලා,එපා කියද්දී එකම දේ නැවත නැවත පළ කරල අතුල ඇඩ්මින්වරු එක්ක ගැටුමක් හදාගත්ත.තමන්ගෙ වයසට ගැළපෙන පරිණතභාවය නැති වුණාම මිනිස්සුන්ට ඔහොම වෙනව.
Like · Reply · 2 · 56 mins
Athula Siriwardhane
Athula Siriwardhane .ඔබේ පාසලට මම කී දෙයින් අපහාස වෙන්නෙ නෑ.
ඔබ ඒ විදියට අර්ථ දක්වනවා පමනයි..
අපහාස වෙනවා නම් සිසුන්ගෙ හැසිරීමෙන්..
Like · Reply · 55 mins · Edited
Athula Siriwardhane
Athula Siriwardhane Kashmir
ඇඩ්මින්වරු ලවාම
මගේ අදහස් වාරණය කරවා ගන්න

ඔය තරම් ලොකු "වෘත්තීයවේදීන්" කල්ලියක් 
නොකඩවා ක්‍රියා කිරීම තුළ
මගේ පරිණතභාවය ගැන රූපය
කියවන අයට පෙනෙනවා.
Like · Reply · 50 mins · Edited
Kashmir Karunanayake
Kashmir Karunanayake නොගැළපෙන,නොපෑහෙන,කිසිදු සාක්ශියක් නැති බොරු මතයක් නැවත නැවත ඉදිරිපත් කොට මේ රටේ ළදරුවන්ගේ අහිංසක දරුවන්ගෙ ජීවිත අනතුරේ හෙළන්නට ගන්නා උත්සාහයෙන් අතුලගේ වියරුබව පෙනෙනව .
Like · Reply · 2 · 52 mins
Athula Siriwardhane
Athula Siriwardhane ඔබලා ක්‍රියාකරන්නෙ බුද්ධියෙන්..
බුද්ධිය අංග විකලයි.


ප්‍රඥාවෙන් පරිණතභාවයට 
වයස අදාළ නැහැ.
අදාල වෙන්නෙ සිහිය උපේක්ෂාව සහ ප්‍රඥාවයි.
Like · Reply · 50 mins
Athula Siriwardhane
Athula Siriwardhane මතය බොරු නම් 
ඇත්ත යොදාගෙන මතය බිඳින්න ඕන.
ඒක වෛද්‍යවරු කල්ලියම එකතු වෙලාත් 

කර ගන්න බැරි වුණා.
මගේ අදහස් පළ න්වෙන තැනටම
බලපෑම් කළා.

මතය වාරණය කරලා
මට පිළිතුරු දෙන්න අවස්ථාව නැති කරල
"මතය බොරුයි කීම" ත්‍රස්තවාදී ක්‍රියාවක්..
Like · Reply · 47 mins · Edited
Kashmir Karunanayake
Kashmir Karunanayake මගේ ඉස්කෝලයට අපහාස කළාට පසුව කියනව ඒක මා අර්ථ දක්වන විදිය ලු. සාමාන්‍ය ලෝක ව්‍යවහාරය ඔබ අපහාස කළ විදියයි. ඔබේ අපහාසය මා තෙරුම් ගත් අන්දම ත් ලෝක ව්‍යවහාරය යි.
Like · Reply · 50 mins
Kashmir Karunanayake
Kashmir Karunanayake සතිය පිහිටුවගෙන පාඩම් නොකළ අයෙක්ට වෛද්‍ය විද්‍යාලයට එන්නට බෑ .උපේක්ෂාව නොතිබුණ අයෙක්ට වෛද්‍ය විද්‍යාලයේ දහසක් දුක් කම්කටොලු දාරාගෙන,දහසක් පැසසුම් දරාගෙන ඉන්නට බෑ .වෛද්‍ය වෘත්තියෙත් එහෙමයි . හැම රෝගියෙක් ම තවත් රෝගියෙක්ගෙන් වෙනස්. හැම රෝගියාටම මෙන්න මේ විදියට ප්‍රතිකාර කරන්නැයි ලියූ පොතක් නෑ .ප්‍රතිකාර විදිය හදුනාගන්නට උපකාර වන්නේ ප්‍රඥාවයි. නමුත් මේ ගුණ කිසිවක් ඔබ සතුව නැති බව ඔබේ වියරු හැසිරීමෙන් පෙනී යනව
Like · Reply · 2 · 46 mins
Athula Siriwardhane
Athula Siriwardhane ඔබේ පාසල ගැන මා කී දෙයින්
ඔබේ හිත රිදුණා නම් මට සමා වෙන්න. Kashmir.
දැන් අපේ මාතෘකාව ගැන කතා කරමු..

වෛද්‍යවරු මට මේතරම් බය වෙන්නෙ ඇයි.?
මම නූගත් චිත්‍ර ශිල්පියෙක්..
ඔබලා ඉහළ පෙළේ වෛද්‍යවරු..
Like · Reply · 45 mins
Athula Siriwardhane
Athula Siriwardhane .
සිහිය උපේක්ෂාව ප්‍රඥාව අවශ්‍ය වෙන්නෙ 
වෛද්‍ය විද්‍යාලයෙදි පමණක් නොවෙයි.

සමාජ ප්‍රශ්න වලදි ඊටත් වඩා වැදගත්..
Like · Reply · 43 mins · Edited
Kashmir Karunanayake
Kashmir Karunanayake අතුලගෙ සියලුම දුර්මත අනේක වාරයක් සත්‍යය යොදාගෙන වෛද්‍යවරු බිදහෙළලා යි තියෙන්නෙ. අවාසනාවකට වගේ පරාජයෙන් වියරු වැටුණු අතුලට පේන්නෙ නෑ මේ සත්‍යය .නැතිනම් ඔහු සත්‍යය දකින්න කැමති නෑ .
Like · Reply · 2 · 43 mins
Athula Siriwardhane
Athula Siriwardhane මම පැරදුණෙත් නෑ..
ඔබලා දිනුවෙත් නෑ Kashmir
ඔබලා මගේ අදහස් වාරණය කෙරුවා..

දැන් ඔබලා පාලු ගෙයි වළන් බිඳිනවා.
Like · Reply · 42 mins · Edited
Sanjaya Kelum
Sanjaya Kelum පැරදුන අතුලගෙ ලජ්ජාව වහගන්න විදි. 
අතුල හිතන්නෙ කියන කියන හැම දේකටම මොඩ කතවක් කිඋවම තමන් වාදෙ දිනනව කියල. අනේමන්දා මෙහෙමත් ලැජ්ජ නැති ම්නුස්සයෙක්. ඇත්තමයි මිනිහෙක් මෙතරම් පජාත වෙනවා දැක්කමයි.
Like · Reply · 2 · 40 mins
Athula Siriwardhane
Athula Siriwardhane සාමාන්‍ය මිනිස්සුන්ට සංඛ්‍යා ලේඛන අවශ්‍ය නෑ. Achala.
කීදෙනෙකුට අතුරු ආබාධ හැදුණාද
කීදෙනෙක් මැරුණාද කියන එක වැදගත් වෙන්නෙ

මිනිස්සුන්ට නොවෙයි..
ඒ එන්නත සල්ලි දීල ගත්ත රජයට සහ
ඒ එන්නත විකිණුව සමාගමටයි.
එක දරුවෙක් එන්නතකින් මැරුණාම
ලංකාවෙම ඉන්න සංවේදී මාපියන් කම්පා වෙනවා.
කමක් නෑ අනික් අය හොඳට ඉන්නවා කියල
නරුමයන් සතුටු වෙනවා.
මාව වාරණය කරන්නෙත් ඒ ආකල්පයෙන්ම තමයි..
Like · Reply · 38 mins
Kashmir Karunanayake
Kashmir Karunanayake ඔබ ට නොව ඔබ පතුරන බිහිසුණු මතවාදය ට අපි බයයි.මොකද අනතුරේ වැටෙන්නෙ එක ජීවිතයක් නෙවෙයි මේ රටේ දහස් ගණනක් අහිංසක ළමා ජීවිත. ඔබ අනුගමනය කරන්නෙ ගොබෙල්ස් න්‍යාය.ඔබට විරුද්ධ මතධාරින් block කරමින්,එකම දේ ඔබ නැවත නැවත කියනව.බොරු කියල අපි ඔප්පු කළ කරුණු නැවත නැවත කියනව.එතකොට යම් දවසක් එනව එක මෝඩ මනුෂ්‍යයෙක් හෝ ඔබව පිළිගන්න .එදාට ඔහුගෙ කටින් තවත් කෙනෙක්ට ඔබේ මතවාදය යනව.ඔහු මෙතන නැති කෙනෙක් නම් අපේ මතය දන්නෙ නෑ .ලංකාවෙම මිනිස්සු මේ තුලාවෙ නෑ නෙ.ඉතින් මේ බිහිසුණු මතය ගින්නක් වගේ ඇවිලිලා යන්න පුලුවන් .අපි අන්න ඒකට බය යි
Like · Reply · 1 · 38 mins
Athula Siriwardhane
Athula Siriwardhane .
මේ හැම වචනයකින්ම හෙළි වෙන්නෙ
එක නූගත් චිත්‍ර ශිල්පියෙකුට මුහුණ දෙන්න

ඔබේ සමස්ත වෛද්‍ය විද්‍යා දැනුම
ප්‍රමාණවත් නැති බවයි.. Kashmir...
ඔබ කියන දේට වඩා පැහැදිළි සත්‍යයක්
මා කියන දේ තුළ ඇති බවයි.
ඔබ බය මට නොවෙයි. සත්‍යයටයි..

බොරුව පතුරුවන්න සත්‍යය වාරණය කළ යුතුයි.
Like · Reply · 35 mins · Edited
Kashmir Karunanayake
Kashmir Karunanayake නෑ .මෙයින් හෙළිවෙන්නෙ ගොබෙල්ස් ගෙ න්‍යායෙ ඇති බිහිසුණු බවයි,ලංකාවේ මිනිසුන්ගෙ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ඇති දුර්වල කියවීම යි. මම කියන දේට වඩා පැහැදිලි සත්‍යයක් ඔබේ කතාවෙ ඇත්නම් ඇඩ්මින්වරු ඔබව වාරණය කරන්න විදියක් නෑ .ඔබේ කොමෙන්ටුවලට මෙතරම් අඩු ලයික් ගණනක් වැටෙන්න විදියක් නෑ .ඔබේ කතාව පිළිගන්න තව මිනිසුන් සීයක්වත් මේ තුලාවේ සිටින්න ඕනෑ.නමුත් එහෙම නෑ . පරාජය හමුවේ දරාගත නොහැකි ,උපේක්ෂාව ගැන බණ දෙසන නමුත් එය සැබෑවටම නොමැති අයෙක්ට බොරුවක් සත්‍යයක් ලෙසම දිගින් දිගටම පෙනීම ගැන මට අරුමයක් ඇත්තෙත් නෑ .
Like · Reply · 2 · 31 mins
Athula Siriwardhane
Athula Siriwardhane දාමරිකයන් රැලක් හමුවේ
මිනිස්සු ලයික් කමෙන්ට් දාන්න කැමති නෑ.
මම නොසැලී සිටියාට අනික් අයට එහෙම බැහැ.
...See More
Like · Reply · 18 mins · Edited
Athula Siriwardhane
Athula Siriwardhane බොරුව පතුරුවන්න සත්‍යය වාරණය කළ යුතුයි.
Like · Reply · 9 mins

No comments:

Post a Comment