Saturday, March 11, 2017

" බුකියේ සංවාද... " නාඩගමේ සයිටම් අනුවර්තනය.

Sanjaya Srikanth ලියන ලද 
" බුකියේ සංවාද... " නාඩගමේ
සයිටම් අනුවර්තනය.


තරිඳු - අඩෝ දන්නවද? සයිටම් එකේ ප්‍රමිතිය නෑ.!

අමල් - රජයේ වෛද්‍ය විද්‍යාලවලත් ප්‍රමිතිය නෑනෙ තරිඳු.

තරිඳු - අනේ පලයං යකෝ යන්න. උඹ මෙඩිසින් කරල තියනවද, අපේ ප්‍රමිතිය කතා කරන්න එන්නෙ?.

අමල් - ඇයි උඹල විතරද ප්‍රමිති කතා කරන්නෙ.
එහෙනම් මගුලටද අපිට කියන්නෙ.

තරිඳු - උඹලට කියන්නෙ අපි කියන දේ අහගෙන ඉඳල, තේරුම් අරගෙන සයිටම් වහන්න සප් එක දෙන්න කියලනෙ යකෝ.

අමල් -
හේ හේ? සයිටම් එකට ප්‍රමිතිය නෑ කියලා???

තරිඳු - ඔව් යකෝ. ඒක දැන් මුලු රටම දන්නවා.

අමල් - මොකෙන්ද බං මැන්නෙ.? ලාහෙන්ද, කුරුණියෙන්ද?
"රටේ කිසිම වෛද්‍ය විද්‍යාලයකට අදාල වූ,
නීතිගත කල කිසිම නිර්ණායකයක්  නෑ."
( සයිටම් නඩු තීන්දුව (19 පිටුව)

තරිඳු - පල ඩෝ යන්න. උඹ ඔය කියන්නේ යහපාලනේට කඩේ යන හොර උසාවිය ගැනනෙ.. අපි උසාවි තීන්දුව පිළිගන්නෙ නෑ කියල කාලෝ තුමා කිව්ව..අපි උන්ට ලියාපදිංචිය දෙන්නෙ නෑ.

අමල් - උසාවියෙ තීන්දුව පිළිගන්නෙ නැත්නම් උසාවියෙ පෙන්නපන් බං.. අපිට කියවන්නෙ නැතුව.

තරිඳු - උඹ බලහන්කො. කවදා හරි ඔප්පු වෙනවා සයිටම් එකේ ප්‍රමිතිය නෑ කියන එක. අපේ නිරීක්ෂණ කණ්ඩායම් දෙක කියල තියෙන්නෙ සයිටම් එකේ ප්‍රමිතිය නෑ කියලා තමා.

අමල් - ප්‍රමිති නිර්ණායක ලොවෙත් නැතුව කොහොමද තරිඳු එහෙම කියන්නෙ.

තරිඳු - අනෙ පල යන්න. උඹ දන්න මෙඩිසින්, උන්ට සායනික පුහුණුවත් නෑ. උන් ඇක්ට් 16 ලියන්නත් බයයි. උන්ගෙ ප්‍රමිතිය වෛද්‍ය සභාව පිළිගන්නෙ නෑ.

අතුල - වෛද්‍ය සභාවෙන්, රටේ කිසිම වෛද්‍ය විද්‍යාලයකට අදාල වූ,
නීතිගත කල කිසිම නිර්ණා..

මනිදු -VFM එකේ නාපු එකා නේද මේ?

චලිත් -අංකල්.
සයිටම් එකේ බත් පතට ඔච්චර කහින්න එපා.
කුජීතයි අප්පා

රුචිල  -  මේ පිස්සව පලනය කල යුතුයි.මොහු සමජයට සිදු කරන්නෙ විශාල හානියක්

අමල් - ප්‍රමිතිය මනින්න, නීතිගත කල කිසිම නිර්ණා.....

හරේන්ද්‍ර- නෙවිල්ගෙ කුණු කන උඹ අනුන්ගෙ ප්‍රමිතිය හොයන්න හදන්න එපා.

අතුල - නීතිගත කල කිසිම නිර්ණා.....

ළහිරු - උබ කවුද බන් ඒක තීරණය කරන්න ...
උබ මහ කැලණි හිගන්නෙක්නේ...

අතුල
- වෛද්‍යවරු ප්‍රමිතිය නෑ කියල
සයිටම් එකට කිව්වට..

හරේන්ද්‍ර - සාමාන්‍යපෙළවත් පාස් නැති එකෙක් පොදු විභාග ගැන කතා කරන්නෙ කටින්ද ..කෙන්ද?

අතුල 
:)
මගේ අධ්‍යාපනය ගැන ඔබේ උපකල්පනය
මොන නිර්ණායක මත ගත්තාද මම දන්නෙ නෑ...
නීතිගත කල කිසිම නිර්ණා.....

රුවන් - මෙහ් අංකල්..ප්ලීස් දැන්වත් ගොන් ආතල් නතර කරන්න...😂

අතුල  - නීතිගත කල කිසිම නිර්ණා.....

ළහිරු සසන්ක - ගොඩක් අය නාකි වෙනකොට මොංගල් වෙන ලයින් එකක් පෙන්නුම් කරනවා...
ඔහේත් ඒ වගේ...
පීචං...

ජනක - මොකා උනත් සංවාදයක් කරනකොට කතාකරන දේට අදාලව පුද්ගලිකත්වය ගාවගන්නෙ නැතුව කතාකරන්න ඉගෙන ගන්න පුරුදුවෙන්න ඕන.. ඒකට විනයක් තියෙන්න ඕන..

අතුල - .විනය කියන්නෙ ප්‍රමිතිකරණ නිර්ණායක කට්ටලයක්.. ජනක..
තවම එහෙම දෙයක් අපේ වෛද්‍ය ක්ෂේත්‍රයෙ නීතිගත වෙලා නෑ.
වෛද්‍යවරුන්ගේ චරිතයට අනුවයි ප්‍රමිතිය.

තරිඳු - අඩෝ මචන්, වරෙන් මෙන්න මේ සයිටම් එකට කඩේ යන නාකියා කියනව සයිටම් එකට ප්‍රමිතිය තියනවලු.

තරිඳුගේ යාලුවා අංක 01 - මොකක්? හිටින් පොඩ්ඩක්. ඇඳපු චිත්‍ර ටිකක් තියනවා. මෙතනට දාන්නම්

(අතුලගේ වසර විස්සක් පැරණි චිත්‍ර කතා පිටු කිහිපයක් අලවයි)

අමල් - පිස්සුද යකෝ උඹට?

තරිඳු - අනෙ පල යන්න. අපි නොදන්නවැයි තොගෙ හැටි, තෝ සිගරට් ගහනවා නේද? හොරෙන් ගංජත් ගහනවා නේද? උඹ අම්මට සලකන්නෙත් නෑ කියල ආරංචියි.

අමල් - නීතිගත කල කිසි.....

තරිඳු - අඩෝ මචන්, වරෙන් මෙන්න මේ අම්මට සලකන්නෙ නැති පරයා කියනව සයිටම් එකේ ප්‍රමිතිය තියනවලු.

තරිඳුගේ යාලුවා අංක 01 - මොකක්? හිටින් පොඩ්ඩක්. මූ සිගරට් ගහන ෆොටෝ එකක් තියෙනවා. මෙතනට දාන්නම්

(අමල් සිගරට් එකක් බොන ෆොටෝ එකක් අලවයි)

තරිඳු - අයියෝ නෑවා.. ඇද්ද උඹට? සිගරට් ගහන අම්මට නොසලකන කාලකණ්ණි. අපට එනවා තව සයිටම් එකේ ප්‍රමිතිය ගැන උගන්නන්න.

තරිඳුගේ යාලුවා අංක 02 - :ඪ් :ඪ් :ඪ් හම්මෝ බඩ. ඇයි බන් මෙහෙම බයිට් කරන්නේ? මූ අදත් නානවද? මුන් නැත්තන් කිසිම ආතල් එකක් නෑ බං මේකෙ.

තරිඳුගේ යාලුවා අංක 01 - අමල්, උඹ එදා කියපුවායෙ ස්ක්‍රීන් ෂොට් තියෙනවා අපි ගාව. වැඩි කියෙව්වොත් දානවා දැනගං

අමල් -
ස්ක්‍රීන් ෂොට් තියෙනවා අපි ගාවත්.
සයිටම් එකට ප්‍රමිතියක් නෑ කියලා උඹලා කියන්නේ කොහො...

තරිඳුගේ ෆේක් එකවුන්ට් එක
- හූ හූ.. නියම කතාව මචන් ලා. හිනා කාල මැරෙනවා. අමලා හැමදාම බයිට් එක. වැඩිය බයිට් කරන්න එපා. මූ ගියොත් ආතල් කුඩු. :ව්

හසිත නුවන් - අතුල අංකල්ට වමනෙ යනවද.? ඇඹුල් ජාති එහෙම කන්න ආසාවක් ඇවිත්ද දන්නෙ නෑ.මං හිතුවා රෙද්ද උස්සන් වටේ යද්දි ඔය ටික කරගනී කියලා

ක්‍රිශාන්ත් - පවුනෙ, ඉසුරු වයසක මනුස්සයා

අමල් - මොනවද යකෝ තොපි කියවන්නේ මෝඩ හරක්.

අතුල - අමල් ඔබේ සංවරය රැක ගන්න.
ඔවුන් හදන්නෙ ඔවුන්ගෙ තැනට ඔබත් දා ගන්න.
අහල නැද්ද මාක් ට්වේන්ගෙ කතාව.
ඔබත් ඔවුන් ඉන්න තැනට වැටෙන්න එපා.

අමල් - ප්‍රශ්නයක් ඇහුවම උත්තර නොදී උම්බෑ කියන හරකුන්ට
හරක් නොකිය වෙන මොනව කියන්නද අන්කල්.

තරිඳුගේ යාලුවා අංක 02 - ඔන්න මම 'සුරාජ්' ඇඩ්මින්ව ටැග් කරනවා. අමල් අපට පුද්ගලික අපහාස කරනවා. හරකා කියලා.

අමල් - ???

තරිඳු - දැන්වත් තේරුම් ගනින් මෝඩයෝ සයිටම් පෙට්ටි කඩේට ප්‍රමිතියක් නෑ..

අමල් - මං යනවා බං යන්න. පිස්සෝ එක්ක කතා කරල වැඩක් නෑ.

තරිඳු
- කෑව ඇද්ද දුවපාන් :D

තරිඳුගේ යාලුවා අංක 01
- :v :v :v

තරිඳුගේ යාලුවා අංක 02 - පව් බන්. කාගෙ වුනත් දරුවෙක් නෙ

තරිඳුගේ ෆේක් එක - අනේ උඹ ගියාද බයේ? :D

"සියල්ලන්ගේ අවසාන නිගමනය - සයිටම් එකට ප්‍රමිතියක් නෑ"

සත්‍යය
"රටේ කිසිම වෛද්‍ය විද්‍යාලයකට අදාල වූ,
නීතිගත කල කිසිම නිර්ණායකයක්  නෑ."
( සයිටම් නඩු තීන්දුව (19 පිටුව)

=================================================

මූලාශ්‍රය


https://www.facebook.com/srikanthsanjaya/posts/454802181532523?


No comments:

Post a Comment